Pages

Sandumal

Sandumal

Saturday, March 29, 2014

•සීගිරි ළඳකගේ අම්මෙක්


"සීගිරි සුන්දරත්වය යට සැඟව ගිය ශෝකාන්තය.."





"මගේ පැදුරෙන් මිදී කෙල්ලට
වාසලට යන්නට වුණා
අනේ ඒකිගෙ කැකුලු ඇඟ කඳ
හැම වෙලාවෙම සිහි වුණා
මාලිගාවෙන් අපේ ගෙපැලට
තෑගි බෝගත් හිමි වුණා
සිහිල් ජල කෙලි-දුහුල් සළු පිළි
දුවට හිමි බව සැලවුණා

මහා සීගිරි ගලේ මුදුනක
උඹේ රුව සිත්තම් වුණා
එය බලන්නට හොරෙන් හවසක
මාත් එතැනට ගොඩවුණා
කරඬුවක් වගේ උඹේ උඩු කය
අනෙක් උන් මැද දිලිසුණා
මගේ හුස්මක් ගැටී වෙන්නැති
දුවේ කළු ගල හෙලවුණා

පපුව ටිකටික මෙලෙක් වෙනකොට
එන්න වෙයි මං දන්නවා
උඹේ දූවිලි සුවඳ තැවරුණු
පැදුර තාමත් තියෙනවා
දැනුත් සීගිරි සිංහයා
කට ඇරන් ඉන්නව පේනවා
ඉසව්වෙන් යද්දි මං

පොඩි කෙලී හංගාගන්නවා.."


ඇහි පියන් ඇහැරිලා කව්‍ය සංග්‍රහය
-මහින්ද ප්රසාද් මස් ඉඹුල-



***************************************************



විචාරයක් නොමැත. විචාරය ඔබ සතුය. පහල කමෙන්ට්ස් සඳහා වන ඉඩ ඔබ සඳහාමය. මෙපමණක් කියන්නම්, මෙයින් කියවෙන අදහසට පුද්ගලිකව මම සපුරා එකඟවෙමි.






19 comments:

  1. හුස්මක් වැටී කළු ගල සෙලවී ගිය කොටසෙදි ඇත්තටම හිතට අමුතු බරක් එකතු උනා.

    අදමයි මේ පැත්තෙ ගොඩ උනේ. (y)

    ReplyDelete
    Replies
    1. අපි මහ ඉහළින් අගයකරන, පම්පෝරි ගහන මහා නිර්මාණ අස්සෙ, මහා යුග පුරුෂයන්, වීරයන් අස්සෙ, කොච්චරනම් මේ වගේ අමිහිරි දේවල ඉතිහාසෙ ඇතුලෙ හැංගිලා ඇත්ද?

      ස්තූතියි ආවට.

      Delete
  2. මෙයින් කියවෙන අදහසට මා එකඟ වෙමි නෙවෙයි මම එකඟ වෙමි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ ගොඩක්ම ස්තූතියි වරද පෙන්වා දුන්නට. ඔන්න නිවැරදි කලා..

      Delete
  3. // දැනුත් සීගිරි සිංහයා
    කට ඇරන් ඉන්නව පේනවා
    ඒ ඉසව්වෙන් යද්දි මං

    පොඩි කෙලී හංගාගන්නවා.."//

    සහතික ඇත්ත. කරුමෙට උන් සීගිරියෙ නෙමෙයි අපි වටේටම!

    ReplyDelete
    Replies
    1. ඒක සහතික ඇත්ත ඉන්දික. ඉස්සර වගේ නෙවෙයි. උන් දැන් සීගිරියෙන් බැහැල ඇවිත්. උන් මේ හැමතැනම.

      Delete
  4. ///මහා සීගිරි ගලේ මුදුනක
    උඹේ රුව සිත්තම් වුණා
    එය බලන්නට හොරෙන් හවසක
    මාත් එතැනට ගොඩ වුණා///.........මවගේ අසරණකම කොච්චර ලස්සනට නිරූපනය කරනවාද.....
    අද තමයි මේ පැත්තට ගොඩ වුණේ මනොෂ්........

    ReplyDelete
    Replies
    1. ඒක දකිනකොට ඒ අසරණ අම්මගෙ හදවතේ මොනතරම් නම් ගින්දරක් ඇවිලෙන්න ඇත්ද.

      ඉතාම සාදරයෙන් පිළිගන්නවා ඔයාවත්..

      Delete
  5. //මහා සීගිරි ගලේ මුදුනක
    උඹේ රුව සිත්තම් වුණා
    එය බලන්නට හොරෙන් හවසක
    මාත් එතැනට ගොඩවුණා
    කරඬුවක් වගේ උඹේ උඩු කය
    අනෙක් උන් මැද දිලිසුණා
    මගේ හුස්මක් ගැටී වෙන්නැති
    දුවේ කළු ගල හෙලවුණා//
    අම්මලාට දරුවන් බලාගන්න කොච්චර අමාරුද අද,

    ReplyDelete
    Replies
    1. අදත් එහෙමයි.. ඒ වගේම එදත් එහෙමයි විදානෙ. අම්මලා එදත්, අදත්, කවදත් ත්මන්ගෙ දරුවො පරිස්සම් කරගන්න මොනතරම්නම් දුකක් විඳිනවද..

      Delete
  6. ඕක තමයි බන් ඇත්ත.....රජවරු විතරක් නෙමේ බං ඉන් පසු පරම්පරාවලත් ඔය වැඩේම යස අපූරුවට වුනා. දෙමව්පියො කොතරම් අසරණ වෙනවාද?

    ReplyDelete
    Replies
    1. ඒ ඇත්ත ඇතිසැටියෙන් දකින්නෙ කීයෙන් කීදෙනාද බං. එදා රජවරුත්, දැන් රජවරුත් කරන්නෙ තමන්ට ඕන දේ මොන ක්‍රමේකින්හරි ලබාගන්නෙක.

      Delete
  7. අපරාදෙ බං.. අද දවාලෙ මං මේ කවියටම ගැලපෙන්න පොඩි කතාවකුත් ගලපල හිටං ඔක්කම කරප ඩ්‍රාෆ්ට් කරා පබ්ලිෂ් කරන්න හවස... ඒ ටිකට ඔයා දාලනෙ... මාත් මේකට ආවට පස්සෙ දැක්කෙ සැක් ඉතරක්

    ReplyDelete
    Replies
    1. අවුලක් හිතන්න එපා මචෝ. ඔයා ඔයාගෙ පෝස්ට් එක සුපිරියටම දාල තියෙනවා. මං කියෙව්වා. මං දැම්මෙ කවිය විතරයිනෙ. ඔයා ඊට ගොඩක් වෙනස් අලුත් දෙයක්නෙ කරල තියෙන්නෙ..

      Delete
  8. // උඹේ දූවිලි සුවඳ තැවරුණු
    පැදුර තාමත් තියෙනවා //

    අම්මා කෙනෙකුගේ හිතේ තියෙන දරා ගැනීමේ හැකියාව හරි පුදුම සහගතයි... හිතන්න බොහෝ දේ ඉතිරිකල පද වැලක් ....

    ReplyDelete
    Replies
    1. වැහැරුනාම එපා වුනත් රජවරුන්ට, අම්මට තමන්ගෙ හිඟන්නිව කවදත් එක වගේ වටිනවා. එයාගෙ අසරණ සුවඳ අම්මට සදාකාලිකයි.

      Delete
  9. අම්ම දන්නව ලස්සන දුවෙක් ඉන්නකොට කොච්චර පරිස්සම කරන්න ඕනද කියල. රූපේ නිසා ලැබෙන දේ තාවකාලිකයි. ....ලස්සන ගැන කවි ලියුවත්, රුප ඇන්දත් ආකර්ෂණය තාවකාලිකයි....... පසුව ඒ හැමදේම මතකයක් පමණක් වේවි.......

    ReplyDelete
    Replies
    1. අම්මට කොච්චර ඕනි වුනත්, රජෙක්ගෙ මොහොතක සැපය වෙනුවෙන් අම්මට ජීවිතේටත් වඩා වටින වස්තුව අහිමි වීම මොනතරම්නම් ඛේදවාචකයක්ද..

      Delete
  10. මේ නිර්මාණය තුලින් අතීතයෙ සිට වර්තමාන සමාජය තුලට හරි අපූරුවට බද්ද කරනවා සමාජ ඛේදවාචකයක්.සීගිරි සිංහය කට ඇරන් බලං ඉන්නව කියන්නෙ මේ දැරිවියො ඩැහැගන්න ඉන්න සමාජය.මස්ඹුලගේ දැක්ම විස්මිතයි.මම ඉසුරු මංචනායකග

    ReplyDelete