"දූ ගේ තාත්තා එන්නේ නෑ ගෙදර..."
පවුලේ අඬදබර බත් හැළිය ඉදෙන තුරු ය. අපේ ගැමියන් කීවේ එහෙම ය. ඒ ලාංකීය සමාජ සංස්කෘතියේ අතීත දායාදයකි. කුඩා බහින් බස් වීමක් දික්කසාදය තෙක් දික් ගැසෙන්නේ බටහිර සමාජයේ ය. පිරිමියා කෙසේ වුවත් පෙරදිග ගැහැනිය තම පවුල් ඒකකය රැක ගැනීමට මහත් වීරියක් දරන්නී ය. යශෝදරාවත වැනි ජනකාව්‍යයක් තුළින් වුව ද පෙරදිග ගැහැනියගේ ඉවසීම සහ පරිත්‍යාගශීලී ගුණය මනා ව අත්විඳිය හැකි ය.
"කැලේ තිබෙන කොයි දේවත් රසවේවා
මලේ බමරු මෙන් පිරිවර වැඩිවේවා
අව්වේ තිබෙන රැස් මාලා අඩුවේවා
ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා"
(යශෝදරාවත)
පෙරදිග පවුල් ඒකක පහසුවෙන් බිඳී නොයාමට තවත් හේතුවක් වන්නේ පැරණි සමාජයේ උපයන්නා පුරුෂයා වීමයි. ගැහැනිය යැපෙන්නියකු වීම නිසා ඇයට ඉවසීම ප්‍රගුණ කරන්නට සිදුවෙයි. අනෙක් සාධකය වන්නේ දරු සෙනෙහස පිළිබඳ සාධකයයි. බටහිර සමාජයට වඩා සංවේදී වූ මාපිය දූ දරු සබඳතාවක් පෙරදිග සමාජයේ පවතී. ඒ නිසා වැඩිහිටියන් අතර ගැටලු පැන නැඟුණ ද දූ දරුවන් නිසා ඔවුහු ඉවසා වදාරති. මේ සියලු පසුබිම් ප්‍රතිනිර්මාණය වන සංවේදී ගීතයක් ලෙසින් මේ ගීතය නම් කළ හැකි ය.
"මා එක්කලා අමනාපව වී දබර
දූ ගේ තාත්තා එන්නේ නෑ ගෙදර..."
මේ ගැහැනිය තම සැමියා ව අමතනු යේ ‘දූ ගේ තාත්තා’ යනුවෙනි. එහි ම මේ පවුල් ඒකකයේ බැඳීම් ගොඩනැඟී ඇති ආකාරය හඳුනාගත හැකි ය. මොන වරද කළත් ඔහු ළමයින්ගේ පියා ය. එය සමාව දිය හැකි කාරණයකි. මේ ගැහැනිය ගේ කෝපය තුනී වී ළය නිවී සැනසෙන්නේ හදවතින් මතු වී එන මේ පීතෘමූලික හැඟීම හේතුවෙනි.
ගීය තුළ ගැබ් වන අරගලයේ ප්‍රතිඵලය සැමියා අමනාප වී නිවසින් බැහැර වීමයි. ඇය යටි සිතින් බලාපොරොත්තු වන්නේ ඔහු කොයි මොහොතේ හෝ ආපසු පැමිණේ විය යන්නයි. ඒ සඳහා ඇය පූර්ව සූදානමකින් සිටින්නී ය. ඔහු ගේ සිත සැනසෙන ආකාරයට ඇය නිවසේ අවට පරිසරය සකසන්නී ය.
"වැලි පොල් කටුයි හැඳි රෑනයි පෙරළාලා
මිදුලේ වැටුණු කොළ සේරම අතු ගාලා
ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා
රෑ එළිවන තුරා ඉමු මිදුලට වීලා"
ගීත රචකයා සාහිත්‍යවේදියකු වූ තරමට ඒ ගීතයේ සංකේතාර්ථ බහුල වේ.
“ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා”
මේ යෙදුම අපූර්ව කාව්‍යෝක්තියකි. එහි මතුපිට චිත්තරූපයක් අන්තර්ගත ව පවතී. සැමියා එනතුරු කඩුල්ලට බර වී මග බලා සිටින බිරියකගේ සහ දියණියකගේ චිත්‍රයක් එයින් මතුවේ. ‘බැරි බරදීලා’ යන යෙදුම ධ්වනි පූර්ණ යෙදුමකි. සැමියා නොමැති නිවස ආර්ථික ප්‍රශ්න වලින් ද පිරී යයි. මේ බැරිබර දැරීමට ඇයට තනි ව ම නොහැකි ය. ඇය සැමියා එනතුරු මග බලා සිටීමට මේ සියල්ල හේතු සාධක බවට පත්වේ.
මේ ගීතය වඩාත් හැඟීම්බර වන්නේ අවසාන අදියර තුළයි. දැන් දිවා කාලය ගෙවී ගොසිනි. සන්ද්‍යාව එළැඹී තිබේ. මව සහ දියණිය නැවතත් කඩුල්ල ළඟට වී මඟ බලා සිටිති. ඔවුන්ගේ දෑස් කඳුළින් තෙත් වී තිබේ. තවත් නම් ඉවසනු නොහැකි ය. ඉන්නා තැනකට පණිවුඩයක් යවා දැන් සැමියා ගෙන්වා ගැනීමට කාලය එළඹ තිබේ.
"හඳමාමා නැඟෙන තුරු අපි තරු ගනිමූ
දෙදෙනාගේ ම දුක තල් අත්තක ලියමූ.."
තව මොහොතකින් සඳ පායනු ඇත. දියණිය පියා ගැන මවගෙන් විමසමින් සිටින්නී ය. ඇය ද සැනසිය යුතු ය. මේ මව දියණියගේ සුරංගනා සිහිනවලට අමතයි. දෙදෙනාගේ ම දුක තල් අත්තක ලියූ විට හඳමාමා ඒ පණිවිඩය දූගේ තාත්තාට රැගෙන යනු ඇත. කෙතරම් අපූරු කාව්‍ය සංකල්පනාවක් ද?
"හඳමාමා අතෙම ඒ පණිවුඩ යවමූ
හෙටවත් ගෙදර ඒ දැයි බලමින් ඉඳිමූ.."
තාමත් ඉටු නොවුණු මේ අහිංසක ප්‍රාර්ථනාව ඇතැම් විට හෙට දවසේ ඉටු වනු ඇත.
සංගීතඥයා මේ ගීතය සඳහා ජන ගී රිද්මය භාවිතා කරයි. මාලනී බුලත්සිංහල සතු උච්ච ස්වරය, ජන ගීයේ එන වැලපුම් කවි ආකෘතිය සමඟ මුසුකර අනුභූතිය වඩාත් ප්‍රබල ව ප්‍රතිනිර්මාණය කිරීමට සමත් වී තිබේ.
ගායිකාව වූ මාලිනිය ගැන ද යමක් කිව යුතු ය. ඇය අප අතරින් වෙන්ව ගියේ ඇය සිටිය යුතු කාලයක දී ය. ඇගේ ගීත වසන්තය මල් ඵල ගන්වන සමයේ ඈ අප දමා ගියා ය. ඒ මධුර හඬෙහි අඩුව තවමත් ඉතිරි ව පවතී. මේ ගීතය මාලනියගේම හඬට බද්ධ වූවකි.
මගේ සිත ඈත ගම්මානයකට දිව යයි. රාත්රි අහස තරුවලින් වැසී ඇත. ඈත කඳු අතරින් හඳ මෝදුවෙමින් පවතී. පුංචි ගෙපැලක කඩුල්ල අසල මවක් හා කුඩා දියණියක් පියා එනතුරු මඟ බලාගෙන සිටිති. ඔවුන්ගේ දෑස්වල පිරී ඇති කඳුළු තරු එළියට දිලිසෙයි.
(Maa Ekkala Amanapawa - Malani Bulathsinhala)
*************************************************************************
උපුටා ගැනුම : සිඵමිණ පුවත්පතෙහි පුන්කලස අතිරේකය සඳහා ධම්මික බණ්ඩාර මහතා විසින් ලියන ලද ලිපියකිනි.
අපේ සමාජය හා පවුල කියන ඒකකය සොබාදහමේ ගුණාංග වලට අනුකූලවයි තවමත් පවතින්නේ. ඒකයි අපේ සමාජයේ පවුල් සංස්ථාව තවම ශක්තිමත්.
ReplyDeleteඔබ වැන්නන් සොබා දහමේ ගුණාංග කියලා කියන්නේත් පුරුෂාධිපත්‍ය පිලිගෙන ඊට හිස නමා සියලු දුක් කරදර ඉවසගෙන ඉන්න සම්ප්‍රදායික ගෑනුන්ගේ මෝඩ ගතියට නෙවෙයිද?
Deleteඒත් මටනම් හිතෙන්නෙ දැන් දැන් අපේ සමාජෙ එතනින් ටික ටික ඈත්වෙමින් පවතිනව කියලයි. පවුල් සංස්ථාවත් බටහිරකරණය වෙමින් පවතිනවා.
ReplyDeleteමේ පැත්තෙ ආවටත්, අදහසක් එකතුකලාටත් ගොඩක්ම ස්තූතියි ඔබට..
පවුල බටහිරකරනය වෙනවය කියල ඔබ ඔය කියන තර්ක සේරම ගේන්නේ පුරුෂාධිපත්‍ය හෙලුවැල්ල වහගන්න නේද? බටහිරකරනය වෙලා හරි කාන්තාවන්ට පුරුෂාධිපත්‍යයෙන් ගැලවෙන්න පුලුවන්න්නම් ඒක වියයුතුයි. ඔබ වැන්නන් තවමත් කාන්තාවන් සම්ප්‍රදායික රාමුවට කොටු කරන්නයි හදන්නේ. ඒක නූතන සමාජයට වලංගු නෑ.
Deleteඔබ බොහොම ආවේගශීලීව කමෙන්ට් කරල තියෙනවා. නමුත් කරුණාකර වැරදි වැටහීමක් ඇතිකරගන්නෙපා, ඔබ වගේම මමත් ඔය කියන පුරුෂාදිපත්ය සංකල්පයට විරුද්ද කෙනෙක්. මං අදහස් කලේ බටහිර සමාජෙ වගේ බොහොම සුලු ප්රශ්න වලටත් කාන්තා නිදහස,කාන්තා අයිතිවාසිකම් කියන උදාරතර සංකල්ප බොහොම ලාබ විදියට පාවල දීල තමන්ගෙ පටු අරමුණු ඉටුකරගන්න තමන්ගෙ ස්වාමියා, ආදරණීය දරුවන් අතරමංකර දික්කසාද වෙන කාන්තාවන් ගැනයි. මෙය කාන්තාවට පමණක් නොව පුරුෂයාටද අදාලයි.
Deleteඅනික ලාංකීය කාන්තාව ඔය කියන තාලෙට කොන්ද නවාගෙන, ගුටි කාගෙන දස වද සේරම විඳගෙන ඉන්නොනි කෙනෙක් නෙවෙ කොහොමටවත්. ලාංකීය කාන්තාව කියන්නෙ පවුලක මුදුන් යට ලීය. ඇය තමා ගෙදරක පාලිකාව, නායිකාව. පවුල දියුණුව කරා මෙහෙයවන්නෙ ඇය. සැමිය හම්බකරල ගේන දේ නිසි පරිදි කළමණාකරනය කරමින් පවුලක් අභිවෘදිය කරා ගෙනියන්නෙ කාන්තාව. තමන්ගෙ පවුලට, සැමියට, දරුවන්ට හරි මඟ කියාදුන් බුද්ධියේ පහන් ටැඹ උනේ ඇය.
එමෙන්ම තම සැමියා, දරුවන් නොමගට යනවනම් බොහොම බුද්ධිමත්ව ඔවුබ් ඉන් මුදවාගෙන තම පවුල රැකගත්ත. එතනදි, පවුල මෙහෙය වූයෙ, නායකත්වය ගත්තෙ කාන්තාව. මම දකින දේ තමා පවුල තුල පිරිමියා තරමටම කාන්තාවත් අතීතයේ ඉඳලම සුවිසල් මෙහෙයක් ඉටුකලා. එතනින් මිදිල, අද කාන්තාව සමාජය තුල ලිංගික සංකේතයක් බවට පත්වීමයි මං බටහිරකරණය කියල අර්ථ දැක්වුවේ. ඒකට කාන්තාව වගේම පිරිමියාත් පවතින කුණු වුන සමාජ ක්රමයත් වගකියන්නෝනි..
ඔබ වැනි අය පුරුෂාධිපත්‍යට විරුද්ධයි කියන එක විහිලුවක්.එහෙමනම් ඇයි පවුල කියන සංකල්පයේ එල්ලිලා ඉන්නේ. පවුල තුල තියෙන්නේ ලෝකේ කොහේ උනත් පිරිමියාගේ ආධිපත්‍ය මිස වෙන එකක් නෙවෙයි.
Delete" කාන්තාව තමයි පවුලක මුදුන් යටලීය "
එහෙමන ඇයි කාන්තාවන්ට පවුල තුල සැමියාගෙන් අහන්නේ නැතිව කිසි දෙයක් කරන්න බැරි?
" සැමියා හම්බකරලා ගේන දේ නිසි කලමනාකරනය කරමින් පවුල අභිවුර්ධිය කරා ගෙනයන්නේ කාන්තාව "
ඒකෙන්ම පේනව හම්බකරන කාර්ය පිරිමියා කරද්දී පිරිමියාට ගෙදරදොරේ වහල්කම් කරන එක තමයි කාන්තාවගේ කාර්ය කියන එක ඔබ අඟවන ආකාරය.
" පවුල තුල අතීතයේ සිට පිරිමියා තරමට කාන්තාව සුවිසල් මෙහෙයක් ඉටුකළා "
ඔබ වැන්නන් කාන්තාව පවුලේ විශාල කාර්යභාරයක් කරා කියන්නේ, ඇය බුද්ධියේ පහන් ටැඹ ආදී වශයෙන් වර්ණනා කරන්නේ තමන්ගේ ලිංගික තෘප්තිය සඳහා ඇයගේ වැදගත්කම සලකා මිස වෙන හේතුවකින් නෙවෙයි.
"අද කාන්තාව සමාජයේ ලිංගික සංකේතයක් බවට පත්වීමයි "
කාන්තාව ලිංගික සංකේත වෙනවයි කියල ඔබ කියන එකම තමයි මෙතන විහිලුව. කාන්තාව සමාජයේ පිරිමින් විසින් හඳුනාගන්නේම ඇගේ ලිංගික ලක්ෂණ වලින් නෙවෙයිද? කාන්තාවන් පිරිමින්ගෙන් වෙන්වන අනන්‍යතාවයක් ඇතිකරගැනීම තුලම ලිංගික සංකේත තියෙනවා. අනෙක පවුල තුලදී පිරිමියා සමග ලිංගිකව එක්වෙමින් කාන්තාව ඔහුගේ ආසාව තෘප්තිමත් කරන්න ඕනේ. ඒක සමජයේ ලිංගික සංකේත වෙන එකේම ඉදිරි පියවරක්. ලිංගික සංකේත කියකිය ඔබ වැනිඅය යහපත් ප්‍රතිරූප මවාගත්තත් කසාද බඳින්න යනකොට කාන්තාවන්ගේ ඔය ලිංගික සංකේත සේරම තමන්ගේ ආසාවලට ගැලපෙනවද කියලා බලනවා නේද?
ඔබතුමියගේ අදහස් ප්රකාශ කිරීමේ අයිතියට මා ඉතාමත්ම ගරු කරනවා.
Delete\\එහෙමනම් ඇයි පවුල කියන සංකල්පයේ එල්ලිලා ඉන්නේ//
පවුල කියන සංකල්පයෙන් තොරව කාන්තාව හා පුරුෂයා ජීවත් විය යුතු ආකාරය ඔබගේ මතයට අනුව කරුණාකර පැහැදිලි කර දෙන්න.
\\" කාන්තාව තමයි පවුලක මුදුන් යටලීය "
එහෙමන ඇයි කාන්තාවන්ට පවුල තුල සැමියාගෙන් අහන්නේ නැතිව කිසි දෙයක් කරන්න බැරි?//
මේ කිව්වෙ ඔබතුමියගෙ සැමිය ගැනද එහෙමත් නැත්නම් ඔබ තුමිය දන්න කියන අයගෙ පවුල් පසුබිම ගැනද? සුළුතරයක් මෙහෙම වුනාට අතීතෙ ඉඳලම ලංකාවෙ තිබුනෙ සාකච්ඡාව තුලින් ගත් සාමූහික තීරණ. "එහෙම හොඳයි නේද දරුවන්ගෙ අම්මෙ? , ගෙදර උන්දැගෙනුත් අහල හිටින්නං." එහෙමයි සිංහල ගැමියන් කීවෙ. අද ඒක තවත වර්ධනය වෙලා තියෙනවා.
\\" සැමියා හම්බකරලා ගේන දේ නිසි කලමනාකරනය කරමින් පවුල අභිවුර්ධිය කරා ගෙනයන්නේ කාන්තාව "
ඒකෙන්ම පේනව හම්බකරන කාර්ය පිරිමියා කරද්දී පිරිමියාට ගෙදරදොරේ වහල්කම් කරන එක තමයි කාන්තාවගේ කාර්ය කියන එක ඔබ අඟවන ආකාරය.//
හම්බකරන්න කාටත් පුලුවන්. ඒත් හම්බකරන දේ කළමණාකරනය කිරීම විශේෂ හැකියාවක්. ඒක හැමෝටම කරන්න බෑ. ඒත් කාන්තාව ඒ දේ කරනව. ඒකයි මං අදහස් කලේ.
අනික //ඒකෙන්ම පේනව හම්බකරන කාර්ය පිරිමියා කරද්දී පිරිමියාට ගෙදරදොරේ වහල්කම් කරන එක තමයි කාන්තාවගේ කාර්ය කියන එක ඔබ අඟවන ආකාරය.//
කාන්තාව එහෙම වාල්කම් කලේ නෑ. ඔබ ඔය කරන්නෙ කාන්තාවට අපහාසයක්. ඇයත් හරි හරියට පිරිමියත් එක්ක හේනෙ කුඹුරෙ වැඩකලා. ගෙනත් දෙන දේ කාලා නිකන් බලංහිටියෙ නෑ.
\\" පවුල තුල අතීතයේ සිට පිරිමියා තරමට කාන්තාව සුවිසල් මෙහෙයක් ඉටුකළා "
ඔබ වැන්නන් කාන්තාව පවුලේ විශාල කාර්යභාරයක් කරා කියන්නේ, ඇය බුද්ධියේ පහන් ටැඹ ආදී වශයෙන් වර්ණනා කරන්නේ තමන්ගේ ලිංගික තෘප්තිය සඳහා ඇයගේ වැදගත්කම සලකා මිස වෙන හේතුවකින් නෙවෙයි.//
කුහකත්වය හිසින් දරාගෙන ඔබට ඔබගේ ඔය මතය කවදාවත් සමාජ ගතකරන්න බෑ. ඔය මාතෘකාව ගොඩක් උත්තරීතර මාතෘකාවක්. ඒක හෑල්ලුවට ලක්කරන්නෙපා.
ලිංගික තෘප්තිය කියනදේ පුරුෂයාට විතරක් දැනෙන දෙයක් නෙවෙයි. ඒක කාන්තාවටත් උරුමයි.ඇයත් එය විඳිනවා. තර්කයක් ගොඩනගා ගන්න බැරිකොට කුහක විදියට අභූත චෝදනා කරන්නෙපා.
අන්තිම කාරණය.. තමන්ගෙ වටිනාකම තමන් විසින්ම නැතිකරගන්නව සමහර කාන්තාවෝ. හොඳට මතක තියාගන්න කවදාවත් තනි අතින් අත්පුඩි ගහන්න බැරිබව. තමන්ගෙ තියෙන පහත් ලිංගික ආශාවන් සපුරගන්න, කෑදර ලෙස මුදල් උපයන්න, තාන්න මාන්න ලබාගන්න සමහර කාන්තාවන් තමන්ව ලිංගික සංකේත බවට පත්කරගෙන තමන්ගෙ නිරුවතට මිල කරනවා.මේවට වැරදි පිරිමම නෙවෙයි. එහෙනම් ඉතින් ඉන්න හැම කාන්තාවම මේ තත්වෙට පත්වෙන්නෙපැයි. තමනගෙ බුද්ධියෙ තියෙන දිග පළල තමා තමන් ඉන්න තැන තීරනය කරන්නෙ.
ස්ත්රී දූෂණය, අතවර, බලහත්කාරකම්, රැවටීම් මම ඉතාම දැඩිව පිළිකුල් කරනවා. ඊට විරුද්ධව පෙනී ඉන්නව. මං ඉහතින් කීවෙ ඒව ගැන නෙවෙයි. තමන්ගෙ තියෙන විසාදියට විනාශවෙන උදවිය ගැනයි.
ඔය ගීතය ලියපු ප්‍රේමකීර්තිද අල්විස් ගේ පළමු විවාහයේ අර්බුදයක් ගැන තමයි මේ කියන්නේ.දවසක් මෙයා බීමතින් ඇවිල්ලා බිරිඳවයි,දරුවවයි එළියට දාලා දොර වැහුවා.ගෙට ගත්තේ ඊළඟ දවසේ.පස්සේ ඒ ගැන ගොඩක් පසුතැවිලි වුනා.
ReplyDeleteඒ සිද්ධියෙන්ම පේනවා මේ රටේ සම්ප්‍රදායික පිරිමින් අතර කාන්තාවන් ගැන තියෙන ආකල්පය මොකක්ද කියලා
Deleteහිම පියල්ලේ ඔබට බොහොම ස්තූතියි. විචාරයට වඩා මම ආස ගීතයට ප්‍රස්තුතයට හේතුවුන නිදාන කතාවටයි. මෙහි වස්තු බීජය නිර්ලෝබීව ගෙනාවට ස්තූතියි ඔබට. ප්‍රේමකීර්තිගේ දෙවන විවාහයේ බිරිඳ ගැනත් ඔහු ගීතයක් ලියනව නේද. ඒ "රැළකින තනිවී වන මැද සරණා" ගීතය.
Deleteමා එක්කලා අමනාපෙන් කියන සිංදුව තනිකරම කාන්තාව සම්ප්‍රදායිකව පුරුෂයාට වහල්කම් කරමින් පුරුෂයා මත්තේ නහින සම්ප්‍රදායික බිරිඳකගේ අඳෝනාවක් විතරයි. ඒ වගේ දේවල් වලට පිළිගැනීමක් දැන් නෑ. මේ 21 වන සියවස. මේ කාලේ කාන්තාවන්ට පුරුෂයෙකුගේ ආරක්ෂාව පවා වැදගත් නෑ. එහෙම තියෙද්දී මේ වගේ දේවල් ගැන මහා ලොකුවට වර්නනා කරන්න දෙයක් තියෙනවාද?
ReplyDeleteඇත්තමයි ඔයාට තියෙන්නෙ අමුතු මානසිකත්වයක්... ඔයා හැම දේම විකෘතියට දකින කෙනෙක්... කවදාවත් දෙයක් තේරුම් ගන්නෙත් නෑ... හැම දේම රුවිතෙට දැකල ඔයත් රුවිත ආසියක් වෙලා
Deleteමම සම්ප්‍රදායෙන් බැහැර වෙලා මේ වගේ දේවල් කතා කරන එක විකුර්තියක් වෙන්නේ කොහොමද?
Deleteයකෝ මේකිගේ කටයි #කයි 2ක මාරුවෙලා ද කොහෙද .....නැත්නම් කිසිම පිරිමියෙක් මෙකි දිහා බලන්නේ නැතුව ඇති .
Deleteකියල වැඩක් නෑ ඇනෝ. මෙයාට කොච්චර කිව්වත් තේරුම්කරල දෙන්න බෑ.
Deleteඔයා එක් කරන මේ සටහන් උ.පෙ කරන හරි සා.පෙ කරන ළමයෙක්ට හරි ඉගෙන ගන්න ගොඩක් දේවල් කියන සටහන් කීපයක්...
ReplyDeleteවෙනදා වගෙම වැදගත් යමක් තිළිණ කලාට තුති නුඹට
ගොඩක් ස්තූතියි මහේෂ්. ඔයාලගේ මේ වටිනා කමෙන්ට් මට ලොකු ශක්තියක්. මේ ආටිකල් දිගටම ගේන්න ඒක ලොකු දිරියක්. කවුරු හරි කෙනෙක් මේවගෙන් ප්‍රයෝජනයක් ගන්නවනම් ඒක තමා මං මේකෙන් ලබන තෘප්තියත්.
Deleteපාසල් ළමුන් විතරක් නෙවෙයි, සමාජය තුල අපිත් එක්ක ඉන්න කවුරු උනත් මේව කියවල තේරුම් අරන් හොඳ ගීත රසිකයෙක් වෙනව නම්, හොඳ සංවේදී මනුෂ්‍යයෙක් වෙනවනම්..
ආයෙමත් ඔබට ගොඩක් ස්තූතියි මහේෂ්
ඇයට මෙන්ම ඇයගේ සැමියාටත් රාත්‍රියේ සද දැක ගත හැකි වෙයි. තමන්ගේ දුක් පනිවුඩය සද මාමා අතේම යැවිම මොන තරම් අපුරුවට ගිය තුල යොඩාගෙන ඇති ද?
ReplyDelete\\පවුලේ අඬදබර බත් හැළිය ඉදෙන තුරු ය\\
Deleteඅන්නහරි ධනුශ්ක.. හැළ හැප්පීම් මැදින් ගලන මේ ජීවිතේ ලස්සණයි. ස්තූතියි මේ පැත්තට ඇවිත් කමෙන්ටුවක් දැම්මට..
මනෝෂ්,
ReplyDeleteආසම කරන ගීයක්
ලස්සන විචාරයක්..
දිගටම හැඩට ලියමු.
ජය වේවා!!!
ස්තූතියි විදානෙ.. මේ පැත්තට ගොඩවෙලා මෙය රස විඳල අදහසක් එකතුකලාට ස්තූතියි..
Deleteමනෝෂ් දිගටම ලියන්න....ඔබට සුබ පැතුම්!!
ReplyDeleteදිගටම ලියන්නම්.. ගොඩක් ස්තූතියි ඔබටත්..
Deleteජය වේවා මනෝෂෟ...
ReplyDeleteඅයියෝ මගෙ නම..!! හික්ස්
Deleteගොඩක් ස්තූතියි දේශකයෝ.. මේ සුභපැතුම් තමා ශක්තිය.
ඉතා අගෙයි ඔබේ මේ රස වින්දන - හෙමින් කියවන්නට ඕනෑ වේලාව ඉඩ දෙන පමණින්.
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා ඔබතුමියවත්..
Deleteසින්දුව වගේම විචාරයත් ලස්සනයි..
ReplyDeleteදිගටම ලියමු..
ජය..!!
ස්තූතියි ඔබට..
Deleteඅදයි මේ පැත්තට ගොඩ වුනේ... මේ ගීතය මමත් ආසම ගීතයක්.. දිගු ගමනකට සුබ පැතුම්..
ReplyDeleteගොඩක් ස්තූතියි මේ පැත්තට ගොඩ වැදුනට. සාදරයෙන් පිළිගන්නව ඔයාව..
Deleteලස්සන ගීයක් වගේම භාවාත්මක වචන පේළියකට. හදපු නිර්මානයත් ලස්සනයි.....
ReplyDeleteස්තූතියි ඔබට..
Deleteනියමයි සහෝ :) එක ලිපියෙන් ම බ්ලොග් එකට ඇලුණා..වෙලාව තියෙන හැටියට ඇවිත් යන්න එන්නම්..
ReplyDeleteජයවේවා!!!
http://chamikaya.blogspot.com/
ස්තූතියි මචෝ.. එන්නම් ඒ පැත්තටත්..
Deleteමට මාර සයිට් එකක් හම්බවුනා වනිතා හඩ කියල.. ඔයාගෙ එකට දැන් ආවෙත් එතන ලින්ක් එකකින්.මොකක්ද බන් මේ වෙන්නෙ.??
ReplyDeleteමේ මනුස්සයගෙ ලිපි කියවපුවම මගෙ ඔළුව රදේ හැදෙන්න ගත්ත. ඔයාගෙ ලින්ක් එකට ගිහින් බැලුව මට නම් ඒ කොමෙන්ට් කියවන්නත් අමාරුයි කැරකිල්ල හැදෙනව. මම හිතුවෙ මෙයා වෙන තැන්වල කොමෙන්ට් කරන්නෙ නෑ කියල. හප්පේ
මම දන්නව මගෙ කොමෙන්ට් ඔක්කොම ඩිලීට් කරන බව . අනෙ අම්මෝ මට නම් සංසාරෙ කලකිරෙනව මේව දැක්කම.
කියල වැඩක් නෑ බං. පේනවනේ මගේ පෝස්ට් එකේ උඩ ඉඳන් පහලටම පැන පැන කරල තියෙන හැටි. මටත් මුලින් උඹට ඔය දැනුනා වගේ උනා. පස්සෙ චරිතෙ ගැන තේරුනා. එයාගෙ බ්ලොග් එකේ පෝස්ට් එකකටත් මං හොඳට ලිව්වා. තාම උත්තරනම් නෑ. ඉඳහන් මං උඹේ බ්ලොගටත් එන්නම්.
Deleteකෝ බං උඹේ බ්ලොග. මේ ලින්ක් එක දිගේ එන්න බෑනෙ.
Deletevichare madi machan. eke vicharayak nathi tharam..
ReplyDeleteමෙච්චර තිබිලත්??
Deleteමා එක්කලා අමනාප ව වී දබර..... රාත්‍රී භෝජනයෙන් පසු....සයනයේ දිගා වෙලා ගී රස විදින්න මං ආසයි. ඒ වගේම ඒක දැන් දෛනික පුරුද්දක් වෙලා. එහෙම ඉන්නකොට තමයි අහම්බෙන් වගේ මේ ගීතය වාදනය වුනේ.
ReplyDeleteරැහැයි හඬ විතරක් පසුබිමේ ඇහෙන පරිසරයක මේ ගීතය දෙසවන තැවරෙද්දී මගේ හිත සෝකයෙන් තෙත් වුනා.
ප්‍රේම් ගේ ගේය පද වලින් උමතු වී සිටින මට මේ ගීය ඒ උමතුව තවත් වැඩි කරන තැනක්.