"අපෙ හුස්ම රැඳි අහස්කුස අද... කඩා වැටිලා තරුත් එක්කම"
බිමට බර නුඹෙ නෙත් කෙවෙනි අග..
රැඳුනු බර කඳුලු බිඳු දෙක..
බලාගෙන බිම සිටිනවා දැක
හඬයි මාසිත මටත් නොදැනිම..
අපෙ හුස්ම රැඳි අහස්කුස අද..
වේදනාවක සුසුම් බරටම
කඩා වැටිලා තරුත් එක්කම
පේනවා මට දහ අටේ සිට..
යනව මම අද එනව යලි හෙට
නොවුනමුත් දුර කාලයක් එය
ගෙවෙන තත්පරත් කල්පවී ඇත
ඔබ මගෙන් හුඟ දුරක් ගෙන යන..
බිමට බර නුඹෙ නෙත් කෙවෙනි අග..
රැඳුනු බර කඳුලු බිඳු දෙක..
බලාගෙන බිම සිටිනවා දැක
හඬයි මාසිත මටත් නොදැනිම..
අපෙ හුස්ම රැඳි අහස්කුස අද..
වේදනාවක සුසුම් බරටම
කඩා වැටිලා තරුත් එක්කම
පේනවා මට දහ අටේ සිට..
යනව මම අද එනව යලි හෙට
නොවුනමුත් දුර කාලයක් එය
ගෙවෙන තත්පරත් කල්පවී ඇත
ඔබ මගෙන් හුඟ දුරක් ගෙන යන..
අද සමුගන්නේ හෙට හමුවෙන්න උනත් ඒ අතරතුර කාලය හරි දීර්ඝ ලෙස දැනෙනවා තමයි.
ReplyDeleteඔව් මනෝජ්.. තාක්ශනය,ගමනාගමාය කොචර දියුණු උනත් ඒක හුඟක් දැනෙනවා...
Deleteහප්පට බොළ.. උඹටත් බ්ලොග මතක වෙන්න ඉතිං.. නෑ එක්කො මොකටද :D
ReplyDeleteඔවු බං, වහිනකොට!! :-) :-)
Deleteවන වංක ගිරිය අරණේ
Deleteමෙහවරට සැදී පෑදී
ඔබ යන්න ඉතින් නික්මී
ජය ශ්‍රී සුරම්‍ය ස්වාමි
පත්තරේ අලුත් බ්ලොග් එකක් නේද ?...ස්තුත්යි පත්තර මල්ලි
Deleteදිගටම කරගෙන යමු මචෝ ...
සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන
Deleteමම ද ලිහිණියකු වෙමි කැඩුණු තටු පිරිමදින
අහිංසක අප දෙදෙන තටු කඩා මේ ලෙසින
සිඳී ගිය ගඟ දෑල හැර දැමූයේ කවුද
සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණ ප්‍රේමයකි තරු එළිය
කටුක දුක් විරහ මැද අතරමං වී ගියද
අපි තවම පෙම් කරමු අපේ ජීවිත වලට
කියාදෙමු පියඹන්ට අපි අපේ පැටවුන්ට
නිදහසේ තටු ලැබුණ කුරුල්ලන් වී දිනක
ගුණදාස කපුගේ
රත්න ශ්‍රී විජේසිංහ
ගුණදාස කපුගේ
අතහිතට බොහෝම ස්තූතියි.. දිගටම රැඳී ඉන්න.. :-) :-) හැක් හැක්!
Deleteසින්දු මතක නැ බන් ,,,,
Deleteහෑහ්!! ඒ මොකෑ?
Delete???????
ReplyDeleteහප්පේ මෙයාව දැක්ක කල්...
ReplyDeleteආයිබෝවේවා... :-)
Deleteකොහොමද සඳුමල්? හුඟක් කාලෙකට පස්සේ.
ReplyDeleteඅපේ ජීවිත ඉතිං හමුවීම් වෙන්වීම් තමයි මැරෙනතුරුම.
හොඳින් ඉන්නවා විචාරක තුමනි... ආයෙත් සමජෙට බහින්නෝනි... :-)
Delete"අපි හමුවීම වෙන්වීමදෝ ආදරේ..."
මං හිතුවේ ඹහෙත් වෙන් වෙලා කියලා...
ReplyDeleteජ ය වේ වා !!!
හපෝයී... එහෙමත් දාල යනවද ඔහේලව... :-)
Deleteහමුවීම, වෙන්වීම ලෝකේ හැටි..
ReplyDeleteකොල්ලට බ්ලොග් පැත්ත මතක් උන එකම මදැයි ඉතින්.
ස්තූතියි.. ස්තූතියි... අමතක කරල කොහොමද ඉතින්...
Deleteඋඹලත් දැන් බ්ලොග් ලෝකේ පරණ පොරවල් වෙලා නොවැ...... ඔය පරිණත බව හදාගත්තු විදිහට ම මේ දවස් ටිකේ අපිත් ඒක අත්හදා බැලුවා....... උඹගෙන් සහ විදානයාගෙන් තමා මේ ක්‍රමය ඉගෙන ගත්තේ....... අපිත් දැන් ටිකක් විතර පොරවල් වේගන යන්නේ බං........ ක්‍රමය තමා ඉද හිට බ්ලොග් ලිවීම.... හැක්
ReplyDeleteදුප්
Deleteඅනේ පලයන්ඩෝ යන්න.මගෙන් මොකුත් අහගන්නෙපා.අපි කන හැටි ලිපා දනී කීවලු. "පොරවල්" අනේ ඉතින් ඇයි මගෙ කට.පේනවනෙ වේලෙන හැටි.
Deleteඒකෙන් මේකෙන් කමක්නෑ.. නරක පූර්වාදර්ශ අරන් අපේ පස්සෙන් එහෙම එනව නෙවෙයි ඔන්න.. ලියහල්ල මචෝ උඹලවත්.අපේනම් නාඩි වැටෙන්න ඉඳහිට නොවෑ..
ගහපිය මචෝ කුරුට්ටට.. :-)
Deleteනෑ නෑ ඕවා අලුත් උප්පරවැට්ටි............. විදානෙයා කරන්නේ ඕක තමා..... පරිණත බ්ලොග් කරුවෙක් කියලා පෙන්නන්න තමා ඕකා ඉද හිට ලියන්නේ..... ඒකල්ලා පොරවගේ ඇවිත් කමෙන්ටු විතරක් දානවා.... ඒක තමා ක්‍රමය...... යකෝ කමෙන්ට් දානවනං ඇයි ලියන්න බැරි නේද??????
Deleteආ.... විදානයයි මායි අහුවෙයි එහෙනම් ඔය ගුලියට... ඔහොම කින්ඩියක් දැම්මම අපි හැමදාම ලියයි කියල නේද හිතුවෙ!! :-) :-) හැක්!
Deleteඇත්තමයි බං,ගෙවිල ගිය ස්වර්ණමය යුගයට ආයෙත් යන්න ඇත්නම් කියල හිතෙනවා..
//උඹලත් දැන් බ්ලොග් ලෝකේ පරණ පොරවල් වෙලා නොවැ...... ඔය පරිණත බව හදාගත්තු විදිහට ම මේ දවස් ටිකේ අපිත් ඒක අත්හදා බැලුවා....... උඹගෙන් සහ විදානයාගෙන් තමා මේ ක්‍රමය ඉගෙන ගත්තේ....... අපිත් දැන් ටිකක් විතර පොරවල් වේගන යන්නේ බං........ ක්‍රමය තමා ඉද හිට බ්ලොග් ලිවීම.... හැක්// ++++++++++++++++++++++++++++++++++
Deleteආ උඹත් ආවද දීකිරට සාක්කි දෙන්න???
Deleteලස්සන කවියක් මනෝජ්...
ReplyDeleteස්තූතියි.. මං මනෝෂ්
Delete