Pages

Sandumal

Sandumal

Friday, May 9, 2014

•විදුලිය එළිය දැක ගිනි හුළ දියේ හොවා


"මං මුළා වූ දියණියක ගේ පාපොච්චාරණය..."







මීට දශක කීපයකට පෙර දිනයක ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවයට සවන් දෙමින් සිටියෙමි. මා හට එතරම් නුහුරු ළයාන්විත ගැමි හඬක් එයින් මතුව ආයේ ය. ඒ සමඟ ම ඒ හඬ හා බැඳුණු අපූර්වතම පද මාලාවක් මගේ සවන් සිසාරා ඇදී ගොස් හදවතේ කොතැනක හෝ තැන්පත් වනු මට දැනිණි. ගායනය අවසානයේ නිවේදකයා පැවසූයේ, ගීතය ගායනා කළේ ඉන්ද්‍රාණි බෝගොඩ බවයි.

මා මුලින් සිතා සිටියේ ගීතය ගයන්නේ රජරට ගායිකාවක බවයි. එහෙත් නම ඇසූ සැණින් මට සිහිවූයේ හැත්තෑව දශකයේ මගේ හද බැඳගත් තවත් ගීත දෙකකි. එනම් "පෙම් කළ වරදට මට වද දෙන්නේ" නැමැති ගීයත් "මගේ නීල නෙතු සඟළින් මොනවද ඔබ ඉල්ලන්නේ" නැමැති ගීතයත් ය. මේ ගයන්නේ ද ඒ ඉන්ද්‍රාණි බෝගොඩ ම ය. පසු දිනෙක මේ ගීය විකාශනය වෙද්දී මම වහාම පද මාලාව කොළයක කුරුටු ගා ගතිමි.

අද මේ සටහන ලියා තබන්නේ දශක ගණනාවක් මගේ මතකයේ ලියැවුණු ඒ අපූරු පදමාලාව පිළිබඳවයි. ජීවිතයේ මඟ වරද්දාගත් දියණියකගේ දුක්බර පාපොච්චාරණයක්, මෙතරම් හැඟීම්බර ලෙස ගැයෙනු අද වන තුරුත් මම අසා නොමැත්තෙමි.

පැරණි ගැමි සමාජය තුළ මව සහ දුව අතර පවතිනුයේ, අදට වඩා වෙනස් සබඳතාවයකි. අද සමාජයේදී දියණිය අවට සමාජය අනුකරණය කරමින් හැදෙන වැඩෙන අතර ගැමි සමාජයේ දී දියණිය මව අනුකරණය කරමින් හැදෙයි. වැඩෙයි. ඉවුම් පිහුම්වල සිට අනෙකුත් සියලු සමාජානුයෝජන ක්‍රියාවලීන් ඇය ඉගෙනගන්නේ මවගෙනි. ක්‍රමානුකූල ව මව දියණිය ගේ සෙවනැල්ල බවට පත්වෙයි.




එහෙත් යෞවනය පුදුමාකාර ය. නව යොවුන් වියේදී යොවුන් හදවත් ප්‍රේමයට විවර වන්නේ තමාටත් නොදැනුවත්වමය. එහිදී සියලු මානව සබඳතා ඉක්මවා ගෙන ප්‍රේම සබඳතා අතුපතර ලියලා වැඩෙයි. බුද්ධිය අබිබවා හැඟීම් ඉස්මතු වෙයි. එතැන් සිට ජීවිතය හිතුවක්කාර ලෙස ගලායාමට පටන් ගනියි. පියාගේ හෝ මවගේ සෙවණැල්ල හිරිහැරයක් බවට පත්වෙයි. මෙහිදී දියණියක නම් තම පෙම්වතාගේ සෙවණැල්ල මවගේ සෙවණැල්ලට වඩා උත්තම ලෙස සලකන්නට පටන් ගනියි. දෙමාපිය සෙනෙහස නැමති කූඩුවේ දොර විවර කරගෙන නිල් ආකාශයේ හිතුවක්කාර ලෙස පියාසලන්නට පටන් ගනියි.




අවසානයේ ප්‍රේමයෙන් දිග්විජය ලබනු වස් කූඩුවෙන් මිදී තමන්ගේ කූඩුවක් තනා ගනියි. ස්වර්ණ ගුණවර්ධනයන් තම ගීතයට පසුබිම් කරගන්නේ හිතුමතේ ම කූඩුවක් තනන්නට ගොස් මග වරද්දාගත් දියණියක ගේ පසුතැවිල්ලකි. ඇය ඇස් ලබනුයේ සියල්ල සිදුවී නිමා වීමෙන් පසුවයි. එහෙත් රචකයා විසින් ගොඩනගනු ලබන පදමාලාව තවකකුට ඇස් ලබාදීමට සමත් ය. හිතුවක්කාර තීන්දුව ගත් දියණිය නියෝජනය කරනුයේ ගැමි වැඩවසම් සමාජයයි. ඒ නිසා ම ඇගේ පසුතැවිල්ල ප්‍රතිනිර්මාණය කිරීමේදී ගැමි උපමා ප්‍රස්තාව පිරුළු රචකයා විසින් යොදාගනු ලබයි.

දියණිය තම මව අතහැර පෙම්වතා වෙත අබිනික්මන් කිරීම පසුව ඇයට පෙනෙන්නේ විදුලිය දැක ගිනි හුළ දියේ ඔබා නිවා දැකීමක් ලෙසයි. එහිදි විදුලි එළිය නම් තම පෙම්වතාගෙන් බලාපොරොත්තු වූ ආදරය හා සුරක්ෂිත භාවයයි. ඒ වෙනුවෙන් ඇය අතහැර දමන ගිනිහුළ වන්නේ අම්මා ගේ ආදරයයි. එහෙත් විදුලිය එකවර ම ආලෝකය දී පසුව නිවී යන්නකි. විදුලිය දැක ගිනිහුළ නිවා දැමීම අනුවණ කමකි. ඇය ඒ අනුවණකම සිදුකර හමාරය. එසේ ම එය දුවන මුවන් දැක අතරැඳි පලාමිටිය, බිම දැමීමට සමාන ය. එහෙත් අම්මලා තම දූදරුවන් කෙරෙහි දක්වන්නේ වෙනත් ආකාරයෙනි. යස ඉසුරු චිත්‍රපටයට ධර්මසිරි ගමගේ ශූරීන් රචනා කළ ගීයක ඒ පිළිබඳව මෙසේ සඳහන් වෙයි.


"අම්මාවරුනේ.. අම්මාවරුනේ..
සම්මා සම්බුදු අම්මාවරුනේ..
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුරලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා..."
(යස ඉසුරු චිත්‍රපටය)

(Ammawarune - Nanda Malini)



මේ දියණියට ද පිහිටවීමට දැන් මිහිපිට සිටින එක ම චරිතය අම්මා ය. තම දියණියට නිවසේ දොර වසා දැමීමට අම්මාට නොහැකි ය. ආදරයේ කිරි සුවඳට ඉවකරමින් දියණිය ද අම්මා ගේ රැකවරණය සොයා පුනරාගමනය කරන්නී ය.


"විදුලිය එළිය දැක ගිනි හුළ දියේ හොවා
මග වැරදිලා වූයේ මං මුළා වෙලා
පැන යන මුවන් දැක හැලුවයි නෙළූ පලා
දොර ඇරපන් අම්මේ මට සමාවෙලා..."

ඇගේ අසරණ බව අවසාන ආයාචනයේ ගැබ් වී පවතී. ඈ ලද යථාවබෝධය ජන විඥානයෙන් සුපෝෂිත වදන් මාලාවකට ඒකරාශී කිරීමට ස්වර්ණගුණවර්ධනයෝ සමත්වෙති. "කස්තුරි කපුරු" කෙතරම් වටිනා දුර්ලභ වස්තූන් වුවද ඒවා කද්දී එපා වූ බවත්, මී පැණි ද ඇයට දැන් තිත්ත බවත්, තමා සිනාසුණේ ඇස් රතුවන විහිළුවකට බවත් ඇය පවසයි. මේ තුළින් දැනුවත් වන්නේ ඇය රසවත් යැයි සිතු කිසිවක් තුළ රසයක් නොදුටු බවයි. 




රසය සොයමින් අකීකරු වූ තමා දිහා අම්මා බලාසිටියේ උපේක්ෂාව පිරුණු දෑසින් බව ඇයට වැටහෙයි. අම්මාගේ ඒ සුවිශේෂ ගුණාංගය මේ මොහොතේ දියණිය තුළ ඇති කරන්නේ කම්පාවකි.


"කස්තුරි කපුරු කෑ තරමට එපා වුණි
තිත්තයි අනේ තිත්තයි මී වදේ පැනී
ඇස් රතුවන කොළොප්පමකට හිනා උනී
මහමෙර වගේ නුඹ නොදොඩා බලා උනී"


ඇයට අනුව ඇය සතුට සොයා ඇත්තේ වැරදි තැනකිනි. ගැමියා කොළොප්පම යන වචනය භාවිතා කරන්නේ "විහිළුව" යන්න අර්ථවත් කරමිනි. එහෙත් ඇය අත වැනුවේ මිරිඟුවකට ය. ඇය සිනා සී ඇත්තේ සිනාසිය යුතු අවස්ථාවක නොවේ. එය ඇස් රතුවන කොළොප්පමකි. එහෙත් මේ සියල්ල මහමෙරක් සේ නොසැලී උපේක්ෂා සහගත සිතින් අම්මා බලා සිටි ආකාරය දියණියට සිහිපත් වේ. තමාට වඩා සියදහස් ගුණයක දුරදක්නා නුවණක් අම්මා සතුව පැවති බව දියණිය වටහා ගනියි.

 "මහමෙර වගේ නුඹ නොදොඩා බලා උනී" යන යෙදුමෙන් "අම්මා" නැමති චරිතය පිළිබඳ, සානුකම්පිකවූ ද උත්තරීතර වූ ද හැඟීමක් හටගනී.

ජය පරාජය දෙක ම කර්මයට පැවරීම ජන විඥානයේ සුලබ ලක්ෂණයකි. ගැමි වහරට අනුව "කරුමෙට මෝල්ගහත් පත්තු වෙනවා" යනුවෙන් ඉඟි වැකියක් පවතී. මේ දියණිය තම පාපොච්චාරණයේ දී පවසන්නේ තම කර්මයට මෝල් ගහත් ඇවිළුණු බවයි. නිසි වයස එළඹෙන තුරු අම්මාගේ උණුසුම විඳීමට තමන්ට නොහැකිවීම පිළිබඳවත් තමා ජීවිත කාලය තුළ ගත් අනුවණ තීන්දු පිළිබඳවත් ඈ දිගින් දිගට ම පසුතැවිලි වන්නී ය. තමන් මහමගට ඇද වැටුණු හිඟන්නියක් හා සමාන ය. එහෙත් මේ පුංචි හිඟන්නියට අම්මා සමාවදෙන බව ඇයට විශ්වාස ය. 

මක්නිසාද ඒ කිරි සුවඳේ ආදරය මිස වෛරය නොමැති බැවිනි.




දැන් ඇය සිඟන්නේ ලෝකයේ අතිශයෙන් පවිත්‍රතම ආදරය වන අම්මාගේ ආදරයයි.
මේ පදමාලාව රසිකයා තුළ යම් තිගැස්මක්, සසලබවක් ඇති කිරීමට සමත්වෙයි. ඒ මේ තරුණිය මුහුණ දෙන ඛේදවාචකය නිසා ම නොවේ. අප සසල වන්නේ "අම්මා" යන වචනයට නිර්මාණය තුළදී ලැබෙන්නාවූ වටිනාකම නිසා ය.

මේ දියණිය ගේ ආයාචනයෙන් මතුවන ගැහැනිය, තම දියණියට, දොර වසාදමාවිය යනුවෙන් සැකයක් කුමන මොහොතක හෝ රසිකයා තුළ ඇති නොවන තරමට, "අම්මා" නැමැති චරිතයේ පෞර්ෂය, නිර්මාණය තුළ නිරායාසයෙන් වර්ධනය වීමට රචකයා අවස්ථාව සලස්වා තිබේ.

එසේම එවන් මවකට පිටුපෑ දියණි ගැන කෝපයක් හෝ අප්‍රසාදයක් නිර්මාණය අවසානයේ රසිකයා තුළ ඉතිරි නොවේ. ඒ නිසා රචකයා තුළ පවතින්නා වූ ආත්ම සංයමයද මනාව තහවුරුවෙයි. නැවතත් මට ධර්මසිරි ගමගේ මහතා "අම්මාවරුනේ" නමැති ගී පදමාලාව නිමා කළ ආකාරය සිහියට නැඟෙයි.

"සෙනෙහස වැඩි දා සිත ද බොළඳ වේ
ලොවම ආදරේ කියා සිතේ
මායාවක් වී එහි තනි වූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ"
(යස ඉසුරු චිත්රපටය)

ගී පද මෙන්ම සංගීතයේ හා ගායනයේ ද සුවිශේෂ අවස්ථා මෙහි දැකිය හැකි ය. ජනගී රිද්මයක් අනුගමනය කරන චන්ද්‍රදාස බෝගොඩ සිතාරයේ හඬ වැඩි වශයෙන් ගීතය තුළ යොදා ගනී. ඒ තුළින් තරුණියගේ ආධ්‍යාත්මයේ වැළපීම ඉස්මතු කිරීමට සංගීතඥයා උත්සාහ දරයි. 

ගායනය සාර්ථක වී ඇත්තේ එහි ඇති හැඟීම්බර බව නිසා ම ය. මේ අත්දැකීමට ගොදුරු වූ තරුණියගේ ම හද ගැස්ම ඉන්ද්‍රාණි බෝගොඩ ගේ හඬෙන් ඉස්මතු වේ. ඒ හඬ සවන් සිසාරා ගොස් අකීකරු දියණිය කෙරෙහි මෙන් ම අම්මා වෙනුවෙන් උපන් කඳුළක් ඇය ළඟ තබයි. උපදේශයක් දෙනු වෙනුවට මෙබඳු සංවේදී සිද්ධියක් ප්‍රතිනිර්මාණය කිරීම නිසා රචකයා උපදේශකයකු හෝ ප්‍රචාරකවාදියකු ගේ තත්ත්වයට පත් නොවී තිබීම ප්‍රශස්ත ය.

මේ සටහන ද මා අවසන් කරන්නේ ඇතැම් ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකාවන්ට චෝදනාවක් ඉතිරි කරමින් හා ප්‍රශ්නයක් ද එක්කරමිනි. මෙබඳු නිර්මාණයක් නැවතත් ජනතාව අතරට ගෙන යන්නට ඔබේ මාධ්‍ය තුළ ඉඩක් නැත්තේ ඔබේ අලෙවිකරණ ආකල්ප සමඟ මේ නිර්මාණ බද්ධ නොවන නිසා ද? එසේත් නැති නම් ඔබ නොදන්නාකම නිසාද?






(Viduliya Eliya Deka - Indrani Bogoda)






(ගීත විචාරය ධම්මික බංඩාර මහතා විසිනි. ඡායාරූප අන්තර්ජාලයෙනි.)




***************************************************************************

මගේ පාඨක සහෘදයන් සියලු දෙනාම පාහේ මින්පෙර රසනොවිඳි ගීතයක් ගෙන එමින් මා මීට පෙර පළකල පෝස්ට්ටුව අතිසාර්ථක වූ බවයි මගේ හැඟීම. බ්ලොග් අවකාශය තුල මාගේ ප්‍රයත්නය මල්ඵල ගැන්වූ එම පෝස්ට්ටුව නිසා මින් පෙර මාද, පදරචනය පමණක් රසවිඳ තිබූ එම ගීතය සජීවීව රසවිඳීමට මම භාග්‍ය ලදිමි. ගීතය පටිගත කර මාහට එවීමට තරම් කාරුණික වූ බ්ලොග් අවකාශයේ අපේ සහෝ දර සොහොයුරාට මා මෙහිදී විශේෂයෙන්ම ස්තූතිවන්ත වන අතර ගීතය සෙවීමට මහත් වූ වෙහෙසක් දරමින් මා හා අත්වැල් බැඳගත්, මේ මොහොතේද ගීතය සොයමින් සිටින බ්ලොග් අවකාශයේ මා දයාබර මිතුරු කැලටද මම මහත්සේ කෘතඥ වෙමි.

ඉන්පසුව අද මා ගෙන ආ මෙ ගීතයද මෑත කාලයේදී කිසිදු විද්‍යුත් මාධ්‍යක ඇසීමට නොලැබුනු බව මම විශ්වාස කරමි. එනිසාම පෙර ගීතය තරම්ම නොවූවද මෙම ගීතයද ඔබ බොහෝ දෙනෙකුට මින් පෙර ශ්‍රවනය කිරීමට අවථාවක් නොමැතිවන්නට ඇතැයි සිතමි. කෙසේ වුවද මේ ගීතය පෙර ගීතය මෙන් සොයාගැනීමට අපහසු ගීයක් නොවීම නිසා මෙවර ඔබට ඒ පිළිබඳ කරදරයට පත් නොවී ඉහත ඇති ලින්ක් එක තුලින් පහසුවෙන්ම ගීතය ඩවුන්ලෝඩ් කරගෙන රසවිඳීමට හැකිවනු ඇත.

මෙම ගීතයේ මා දකින විශේෂත්වය නම් ගීතය තුල නිරූපිත ප්‍රස්තුතය මේ ගීතය තුලින් හැර වෙන කිසිදු ගීතයකින් නිරූපණය නොවීමයි. එනම් මේ කියන කතාව, මේ සංවේදී සිදුවීම් දාමය නිරූපණය කල ලංකාව තුල බිහිවුන එකම සිංහල ගීතය මෙය පමණි. (මෙහිදී මගේ මෙම අදහස වැරදිනම් මගේ දයාබර හිතවතුන් මා හට සමාවී මා නිවැරදිකරනු මැනවි.)

ලාංකීය ජන සමාජය තුල තම දියණියගේ ප්‍රේම සබඳතාවක් කණ වැකුනු සැනින් මවු පියන් ඊට එරෙහි වීම අතිශය සාමන්‍ය සිදුවීමකි. බොහෝවිට මෙහිදී පෙම්වතිය මා පිය අණට කීකරුව පසුබසින අතර සුලු පිරිසක් ඊට අවනත් නොවෙමින් හිතුවක්කාර තීරණයක් ගැනීමට යොමුවෙති. මෙහිදී එම තීරණයේ සම්පූර්ණ වගකීම ඇය සතුවන අතර, යම් වැරදීමක් සිදු නොවීමට තරම් ඇයගේ තීරණය බුද්ධිමත් විය යුතුය. එසේ නොවන කල්හි දියණියන් හට මෙවැනි අභාග්‍යසම්පන්න ඉරණමකට ගොදුරුවීමට සිදුවේ. 

කෙසේ වුවද මෙවැනි අවස්ථාවක ඇයට සිටින එකම පිළිසරණ ඇගේ දයාබර මෑණියන්ගේ අපරිමිත සෙනෙහසයි. මවු වරුන් සියලු දේ අමතකකොට දියණියව තම තුරුල්ලේ හොවා සනහවන්නේ ඒ උදාරතර මවු ගුණය ශපත කරමිනි. එවන් මොහොතක දියණියක තුල ඇතිවන අසරණ බවෙහි ප්‍රතිමූර්තිය මෙම ගීතයයි. ඇගේ ආත්ම පාපොච්චාරණය මෙම ගීතයයි. මේ, මඟ වරදවාගත් දහසකුත් දියණියන්ගේ හදවතේ ගීතයයි. එමෙන්ම දොරගුලු හැර මවුපිය දෝතින් නික්ම යන නැකතෙහි පසුවන දයාබර දියණියන්ගේ හදවතට ගයන උපදේශයේ ගීතයයි.

ඉතින්.. දයාබර හිතවතුනි, අපි රසවිඳිමු ගීතය. මෙනෙහි කරමු දයාබර මවු සෙනෙහස. ප්‍රාර්ථනාකරමු දැයේ දියනියන් හට මෙවැනි ශෝකාන්තයක් උරුම නොවන්නට..


40 comments:

  1. දැන් නං බෑ ඕවා කියවන්න.හැක්..

    ReplyDelete
    Replies
    1. පාන්දර 2.35යි. දැන් මේවා කියව කියව හිටියොත් අනිවාරෙන් දේශක එළවනවා ගෙදරින්. ඒ නිසා හෙට ඇවිත් හෙමිහිට කියවන්නකෝ..

      Delete
    2. සඳුමල් >>>>> Download Now

      >>>>> Download Full

      සඳුමල් >>>>> Download LINK

      >>>>> Download Now

      සඳුමල් >>>>> Download Full

      >>>>> Download LINK Ww

      Delete
  2. මමත් දුවෙක් නිසාමද මන්දා මේ පෝස්ටුව තදින් හිතට දැනුනා... පළවෙනි පින්තූරේ දිහා මම ගොඩක් වෙලා බලාගෙන හිටියා... යොදාගෙන තියෙන පින්තූර ටිකත් පෝස්ටුව වර්ණවත් කරන්න ලොකු පිටිවහලක් වෙලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ජීවිතේ හැඩකරගන්න අයිතිය තියෙන්නෙ තමන්ටමයි. එතනදි කැමති තීරණයක් ගැනීමේ නිදහස තමන් සතුකරගන්නෝනි. හැබැයි ඒ ගන්න තීරණේ තමන්ගෙ ජීවිතය අර්ථවත් කරන ලස්සන කරන තීරණයක් වියයුතුයි. ඒ නිසා දෙමවුපියන්ට විරුද්ධ උනත් කමක් නෑ, හැබැයි එහෙම ගන්න තීරණෙන් ඔබටවත් මවුපිඅයන්ටවත් කවදාවත් පසු තැවීමට හේතුවක් නොවීමේ සම්පූර්ණ වගකීම ඔබ සතුවෙනවා.

      ගීතය ඇහෙනකොට මගේ හිතේ මැවෙනවා චිත්‍ර. ඉතින් ඒ චිත්‍ර වලට ගැලපෙන සැබෑ පිංතූර අන්තර්ජාලය පුරා හොයල තමා හොයාගන්නෙ. ගොඩක්වෙලාවට හිතේ ඇඳෙන රූපෙම හොයාගන්න පුලුවන් වෙන්නෙ නෑ. ඒත් ළඟින් යන එකහරි හොයාගන්න උත්සාහ කරනවා. ගීතයට අදාල පිංතූර ගැන ඉස් ඉස්සෙල්ලාම අදහසක් වටිනාකමක් එකතුකලේ ඔබ. ගොඩක්ම ස්තූතියි ඔබට.

      Delete
  3. අම්මෝ...
    අදමයි ඇහුවෙ...
    මනෝ මේව කොහෙන් හොයා ගන්නවද දන්නෑ...

    පැන යන මුවන් දැක හැලුවයි නෙළූ පලා
    දොර ඇරපන් අම්මේ මට සමාවෙලා..."////
    ඔව් අන්තිමේ අම්මවම තමා ඉතුරු වෙන්නෙ...
    ඒත් කරගන්න කලිං හිතන්නෙ නැති එකනෙ වැඩේ

    ReplyDelete
    Replies
    1. අහම්බෙන් හමුවෙලා හැමදාම ළඟ රැඳෙන ඒව තමා මහී. ඔබල මේව රසවිඳීම මට ලොකු සතුටක්.

      Delete
  4. සක්වා ලිහිණි

    මං දැම්මා බලන්න ඩවුන්ලොඩ් කර ගන්න පුළුවන්ද කියලා,හොදම තරමේ නෑ ..

    ReplyDelete
    Replies
    1. මේ පින්තුර වැඩි වෙනවට මං නම් කැමැති නෑ ,පින්තුර පොඩ්ඩක් අඩු වෙනවා නම් හොදයි මට නම් .....

      Delete
    2. සක්වා ලිහිණි : ලින්ක් එක අතිසාර්ථකයි. මං දැන් ඩවුන්ලෝඩ් කලා. අපි කට්ටියටම කියමු. ඔබේ මේ කැපවීම වෙනුවෙන් ස්තූති කරන්න මට වචන නෑ සහෝ..

      එහෙමද.. පිංතූර නිසා ගීතය පිළිබඳ ඔබේ හිතේ සිත්තම් වෙන චිත්‍රය බොඳවෙනවනම් පිංතූර අඩුකරනෙක හොඳයි තමා.

      Delete
    3. නැ..... සහෝදර මේ පින්තුර ලස්සනයිනේ......

      Delete
    4. පින්තුර ලස්සන හොදයි ,එත් මේ පින්තුර රස විදිමක් නෙවෙයි නේ ,මං කියන එක තෙරෙනව ද දන්නෙ නෑ ???

      Delete
    5. සහෝදර කියන දේ මං හිතන්නෙ තේරෙනවා. විචාරය රසවිඳීමට පිංතූර අවශ්‍ය වෙන්නෙ නෑනෙ. ඒ වගේම කට්ටිය එන්නෙ විචාර කියවා රසවිඳීමට මිසක් පිංතූර බලන්න නෙවෙයිනෙ. ඒත් පිංතූර වලින් පෝස්ට් එකට අලංකාරයක් එකතුවෙනවා නේද. මං හිතන්නෙ ඒක ආකර්ශනයක් එකතු කරනවා පෝස්ට් එකට.

      Delete
  5. හොඳ සින්දුවක් ගැන හොඳ ලිපියක්. ආවෙ අදයි. බ්ලොග් එකට සුභපැතුම්. පින්තූර ටිකත් අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි රාජ්.. ඉතාම සාදරයෙන් ඔබව පිළිගන්නව මේ ඉසවුවට. රාජ්ගෙ බ්ලොග් එකේදිනම් අපි නිතර හමුවෙනවා. මං නිතර ගොඩවෙන තැනක්.

      සුබපැතුමට ස්තූතියි, ඒ වගේම අගය කිරීමටත්. නිතර එන්නෙ කියල ආරාධනා කරනවා ඔබට.

      Delete
  6. ඉතාමත් වටිනවා මනෝෂ්.

    ගීතය හරිම හරවත් වගේ ම සදාකාලික සත්‍යයක් ඒ තුළ තියෙනවා. කලින් කීප වතාවක් අහලා තියෙනවා. මං හරිම ආස ගීතයක්. ගීතය පුරාවට රචකයාගේ උපමා ගැලපීම හරිම ලස්සනයි. ගීතය ධම්මික බණ්ඩාරයන්ගේ වචන වලින් අපි ඉදිරිපිට යථාර්තයක් විදිහට මවා පෙන්වනවා.

    ඔබගේ අදහස් දැක්වීමත් ඉතාමත් සාර්ථකයි.
    //මේ, මඟ වරදවාගත් දහසකුත් දියණියන්ගේ හදවතේ ගීතයයි. එමෙන්ම දොරගුලු හැර මවුපිය දෝතින් නික්ම යන නැකතෙහි පසුවන දයාබර දියණියන්ගේ හදවතට ගයන උපදේශයේ ගීතයයි.//

    ඇත්ත මනෝෂ් මේ ගීතයෙන් සදාකාලික සමාජ කාර්යයක් ඉටුකරනවා. ඒක මේ ගීය පවතින තාක්කල් උපදේශාත්මක ව සිදු කරනවා. නමුත් අදකාලේ ඇහෙන ගීතයක සමාජ වගකීම ගැන හිතුවා ම අපි කොච්චරනම් කලකිරෙනවාද මනෝෂ්... මේ අදකාලේ ගැයෙන අරුත්සුන් ගීතයන් අභියෝගයට ලක්කරන්නා වූ සිංහල ගීතයේ සිංහාවලෝකනයක් යැයි විටෙක සිතෙන්නේ එබැවිනි....

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ගී පවුරෙ. ඇත්තටම බලන්න දැන් දැන් හැදෙන ගීතවලින් කීයෙන් කීයද සමාජයට යමක් දෙන්නෙ. සමාජයට යම් උපදේශයක් හදවතට දැනෙන්න දෙන්න මොන ගීතයද සමත්වෙලා තියෙන්නෙ. සියේට 99ක් ගීතවල තියෙන්නෙ සමාජය තවත් කුණු කරන අදහස්. හැමගීතයේම තියෙන්නෙ රාගය, කාමය ඇවිස්සෙන දර්ශන. අඩුම තරමෙ, සංගීතය තනුව පැත්තකින් තියමු. නව පරපුර රසවිඳින්නෙ වේග රිද්ම, රැප් කරපු ගීත කියල හිතල. ඒත් පද රචනාවෙන්වත් සමාජයට යමක් කියාදෙන ගීතයක් බිහිවෙන්නෙ කොච්චර කලාතුරකින්ද.

      ඇත්තටම 70,80 දශකවල හිටිය හොඳ සංවේදී තරුණ පරම්පරාවක්. පොලොවෙ පය ගහල හිටිය තරුණයො හිටිය. හැමවෙලේම සමාජයට වැඩක් කරන හොඳ තරුණ ජවය්කින් හෙබි තරුණයො හිටිය. එහෙම වෙන්නෙ හේතුවෙන්නත් ඇත්තෙ ඔවුන් හොඳ රසිකත්වයකින් පිරිපුන් අය වීම වෙන්නැති. ඔවුන් නන්දා මාලිනීලට, කපුගේලට සවන් දුන්න. ඒ ගීත වල ආදර්ශය තම ජීවිතයට එකතුකරගත්තා. ඒත් අද,.. රට මේ යන අත්ට විරුද්දව නැගී ඉන්නවත් කොන්දක් තියෙන තරුණයො කීයෙන් කී දෙනාද ඉන්නෙ? ඩිංගක් හරි දැනෙන්න දෙයක් කරන්නෙ කැම්පස් කොල්ලො කෙල්ලො ටික විතරයි.

      සමාජයක් හදන්න, වෙනස්කරන්න, යහපත් කරන්න ගීතයකට පුලුවන්. ඒත් ගීත රසවිඳින්න සහ, රසවිඳිය හැකි ගීත නිර්මාණය කරන්න තරුණ පරම්පරාව හුරුවෙන්නෝනි. මේ ගීත වයසක මිනිස්සු අහල වැඩක් නෑ. තාරුණ්‍යයයි මේව රසවිඳින්නෝනි.

      Delete
  7. මේ සිංදුවත් අහලා නම් නෑ. ඒත් පද ටිකනම් සෑහෙන්න හිතට වැදුනා.

    අහලම බලමු.

    මනෝ ස්තූතියි මේ වගේ අපි නොහාපු හොද ගීතත් ගෙන එනවට.

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි.. එහෙනම් ඔන්න අදත් මගේ අරමුණ සඵල උනා. අහල නැති ගීතයක් අහන්න එකෙක්ට හරි අවස්ථාව දෙන්න පුලුවන් උනා. ගීතයත් අහල බලන්න. රහ හොඳටම දැනෙයි එතකොට.

      ඒක නෙවෙයි ප්‍රියා, ආයෙත් පරණ ප්‍රෝෆයිල් පික්චර් එකම දැම්මද? මේකට වඩා අලුතින් දාල තිබුනෙක හොඳයි බං. ඒක දාගනින්.

      Delete
    2. ප්‍ර්රියා මරන්න එපාය

      Delete
    3. \\ප්‍ර්රියා මරන්න එපාය//

      ඇයි මචං. අරකෙ ප්‍රියා මැරිල වගේද???

      Delete
  8. මේ ගීතය හරියට දවසක් පැළ නැති හේනේ..ගීතයේ ස්ත්‍රී ගැයුම කියලා කියන්න පුළුවන් ගීයක්.ප්‍රධාන වශයෙන්ම ඇගේ දුක් විලාපය තමයි තියෙන්නේ.ඒත් බලන්න අන්තිම වදන.හිඟන්නිට කියන එක.මේකට එක අරුතක් දෙන්න පුළුවන් තමන්ගේ අසරණ කම කියලා,අනික් අතට ලංකාවේ සමහර ගම්මානවල ඉස්සර පොඩි දූ සිඟිත්තන්ට ආදරේට පොඩි හිඟන්නි කියලා කිව්වලු.ඒ යෙදුම කියලා වුනත් හිතන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අහා..! ටිකක් වෙනස් විදියකට හිතලා.

      \\අනික් අතට ලංකාවේ සමහර ගම්මානවල ඉස්සර පොඩි දූ සිඟිත්තන්ට ආදරේට පොඩි හිඟන්නි කියලා කිව්වලු//

      මෙහෙම දෙයක් මම අදයි ඇහුවෙ. දැනුමට අලුත් යමක්. ස්තූතියි හිම පියල්ලේ..

      Delete
    2. ඔව්. දකුනු පලාතේ ගම්වල ඒ වචනේ භාවිතා වෙනවා. අපේ අම්මත් ඕක කියනවා මම අහලා තියෙනවා

      Delete
    3. ස්තූතියි ඇනෝ තොරතුරට. මෙච්චර පුංචි රටේ බස් වහර ප්‍රදේශයෙන් ප්‍රදේශයට කොච්චර වෙනස්ද.

      Delete
  9. මේ ගොඩක් දේවල් අදමයි අහන්න ලැබුනේ... ඒ වගේම තමා කියන්නත් ලැජ්ජයි අන්තිම සිංදුව මීට කලින් අහලම තිබුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. ලැජ්ජවෙන්නෝනි නෑ මධුරංග. ඒක උඹලගෙ වරදක් නෙවෙයි. මේ තියෙන ජනමාධ්‍ය මේව අහන්න ඉඩදෙන්නෙ නෑ සමාජෙට. ඉතින් මේ විදියට අහම්බෙන් අහන්න ලැබුනොත් මිසක් වෙන කොහොම මේවා ඔයාලගෙ සවන් අතරට යන්නද. ලැජ්ජ වෙන්නෝනි මේවා අහනෙක ඔයාල හිතා මතා මඟ ඇරියොත් තමා. දැන් හරි අහන්නකො ඇතිවෙනකල්.

      Delete
  10. Replies
    1. ඒකට කමක් නෑ. අද ඉඳන්හරි රසවිඳින්න. ඒ වගේම තවත් අයට මේ ගීත රසවිඳීමේ අවස්ථාව ලබාදෙන්න.

      Delete
  11. ලසසන ගීයක් .. මනරම් විවරණයක්.. සහ අගේ අැති පිංතූර ටිකක්

    ජය වේවා!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විදානෙ. ගීතය කලින් අහල තිබුනද? ඒක නෙවෙයි අර කලින් පෝස්ට් එකේ සිංදුව අපේ සහෝදර වෙබ් එකට අප්ලෝඩ් කරල තිබුන. ඩවුන්ලෝඩ් කරගත්තද?

      Delete
    2. ඩවුන්ලෝඩ් කරගත්තා.. එදාම,
      තැන්නිව් වේවා!!

      Delete
  12. එදත් අදත් හදවතින්ම රස විඳින ගීතයක්. ලාංකීය සංගීත ක්ෂේත්‍රයට මුළු බෝගොඩ පවුලම ආශිර්වාදයක්!! ස්වර්ණ ගුණවර්ධන මහතා ගුවන් විදුලියට සම්බන්ධ ප්‍රවීණයෙක්. ඔවුන් නිහඬයි.

    ReplyDelete
    Replies
    1. ඔවුන්ව නිහඬ කරවල කියලයි මට හිතෙන්නෙ අරූ අයියෙ. මේ තියෙන වර්ථමාන ජන මාධ්‍ය සංස්කෘතිය ඔවුන්ව නිහඬ කරවල.

      අදහස් දැක්වීමට ගොඩක්ම ස්තූතියි..

      Delete
    2. මාත් මෙහම හිටියට හෙන සංගීත කාරයෙක්..
      සිංදු කියන්නයි, වාදනය කරන්නයි, තනු නිර්මාන කරන්නයි, සිංදු ලියන්නයි, විචාර ලියන්නයි, බැරි උනාට සංගීතෙ ගැන ඔ්නම දෙයක් එව රෙඩි වගේ...

      මගේ සංගීත ගුරුවරිය උනේ ශ්‍යාමා බෝගොඩ.. අැය බෝගොඩ පරපුරේම දියණියක්..
      අැය ගොඩක් උත්සාහ ගත්තා මට සංගීතෙ ගැන මොනවහරි උගන්නන එ්ත් පවට පිං දෙන්න බෑනේ...

      Delete
  13. අහලා නැති සිංදු ගැන ලියන්න පල කරන්න හිතපු එක ගැන ඇත්තටම සතුටු වෙනවා.. මොකද අපිට එතකොට දැන ගන්න අළුත් දෙයක් එකතු වෙන හන්දා..

    ReplyDelete
  14. ඇයි මේ ගීතයෙ සංගීත නිර්මානය වරද්දල දැම්මෙ..මේ ගීතයේ සංගීත නිර්මානය ..ෂෙල්ටන් විජේසේකර...

    ReplyDelete
  15. සඳුමල් >>>>> Download Now

    >>>>> Download Full

    සඳුමල් >>>>> Download LINK

    >>>>> Download Now

    සඳුමල් >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete