Pages

Sandumal

Sandumal

Monday, April 4, 2016

•මරණයක සැමරුම

"උඹේ අවුරුද්දෙ පිංකමට.."



සබඳ...
බක් මහේ දිනක පෙරදා..
උඹේ කඳුළැල් සෝ සුසුම් මැද..
උඹේ උණුසුම් කරමතින් මම
නොඑන ගමනක් ගියෙමි..

වර්ෂයක් ඉක්ම ගොස් ඇත..
ඔබ තවම දුකින් යැයි හිතුන හින්දාම
මම පැමිණියෙමි මීදුමක
බැහැදකින්නට ඔබ සැවොම
පිසලන්න ඔබෙ කඳුලු..

දුමාරය මැදින් මමදුටුව දේ ඇත්‍තක්ද..
පීඨෙ ක්‍රීඩා පිටිය සැණකෙළියක්ය එකම එක..
හෙණ හඬින් ගිගුම් දෙනරළු බේස් නද අතර නේකවිද ගී සින්දු

ඒ අතර රඟයි මා මිතුරු කැල කුල්මත්ව
එය ක්‍රිකට් උළෙලක්ලු
අණුස්මරණය කරන
ඔබ සැවොම දුක් වෙච්ච
මගේ මළගම දිනට..

සැබෑවක් විය නොහැක මෙය
මා දකින්නේ සිහිනයක්මය
නොහැක මගෙ මිතුකැලට
මගේ මරණය කරගන්න පොපියනා කෙළිබිමක්
විය නොහැක මෙය සැබෑවක්
මා දකින්නේ සිහිනයක්..

පැමිණ ඇත මා වැරදි තැනකට
මගේ විදු බිම නොවෙයි මේ
මගේ මිතුරන් නොවෙයි මේ..

ම'මිතුරන් කොහේ හෝ සිට
දන් දෙනව ඇති ලේ බිඳු
තබනවා ඇත බෝධි පූජා..
මගේ මා පියන් සමඟින්
පුද දෙනව ඇත බණද දානද..
පිං පිණිස..
නුඹව හැරගිය..
නුඹේ මිතුරා නමට....
දොළොස් මසක් ගෙවී ඇති තැන...


**************************************

නිමිත්ත : *********** ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ජ්‍යේෂ්ඨ සොහොයුරෙකු පසුගිය වසරේ අප්‍රේල් මස හදවත් රෝගයක් විසින් අපෙන් උදුරාගන්නා ලදි. ඔහු වෙන්ව ගොස් වසරක් පිරීම නිමිතිකොටගෙන දැනට පාසැල් පද්දතියට එකතුවී සිටින එම "ජ්‍යේෂ්ඨ" සොහොයුරන් විසින් "ක්‍රිකට් මැච් එකක්" සංවිධානය කොට පවත්වන ලදි!!!!!



37 comments:

  1. මරණයක් සමරන්න ක්‍රිකට් මැච් එකක්?

    මම හිතුවේ කපුගේ ගේ 13 වෙනි ගුණ සැමරුම ගැන කියලා..

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ කල්‍යාණ.. ඒත් තාමවත් පිළිගන්නෙ නෑ එ කරපු වැඩේ වැරදියි කියලා.

      Delete
  2. අනේද කියන්නේ... මමත් මේ ඇහුවමයි මරණයක සැමරුමකට ක්‍රිකට් ගැහුවා කියල. හිනාවෙන්නත් බැහැ..

    ReplyDelete
    Replies
    1. අඬන්නයි හිතෙන්නෙ..

      සාධරයෙන් පිලිගන්නවා ඔබව..

      Delete
  3. ගැලපෙන්නේ නැහැ වගේ. හදවත් රෝගීන් කීපදෙනෙකුට යම් පරිත්‍යාගයක්/සේවයක් කර දුන්නා නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. කරනවනම් කොච්චර යහපත් දේවල් තියෙද විචාරකතුමනි ඒ කොල්ල වෙනුවෙන්..

      Delete
  4. අනුස්මරණ තරගාවලියකින් සන්තර්පනය වන මිතුරන්..... කොහොමත් ඉතින් මැරිලා ටික දවසක් ගියාම ඕවා අමතක වෙනවානේ..... බොරුවට බලාපොරොත්තු තියාගත්තේ නැත්තං එච්චරයි.....

    ඒක නෙමෙයි මනෝෂ්.......... ලියන එක මීට වඩා ටිකක් වැඩි වුණානං හොදයි.... මොකක් ද ගැටලුව....

    ReplyDelete
    Replies
    1. උගත් බුද්ධිමත් යැයි සලකන ගුරුවරුත් මෙහෙමනම් ගී පවුරේ... වැඩක් නෑ කතාකරල..

      ඉන්න තැනේ හැටියට,ඉන්න තත්වෙ හැටියට ලියාගන්න ටිකක් අමාරුයි.. මෙ දවස්වල ගෙදර ආවා.. ලියන්නෝනි මොනාහරි.එත් දැන් නොලිය ඉඳල ආයෙ ට්‍රැක් එකට වැටෙන එකත් අමාරුයි.

      Delete
  5. හොදයි හොදයි දෙකක් දාගන එහෙම අනුස්මරනය කරතහැකි

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි උනෙත් හවස..

      Delete
  6. Kenek noena gaman gos etha. Kese wethath cricket match ekakuth sanwidanaya vi etha. Ehet me siysllatama wada darunuma aparaadaya..... meya sanwidaanaya kala jeyashta soyuran paasal paddhathiyata ekathu vi etha. Etin anaagathaye mevan anusmarana tharagaawali keeyak sanvidanaya wewida?? Thamange aakalpa hari hati sanvardanaya novi anaagatha parapure aakalpa nivaradiwa sanvardanaya karaavi yai api kese balaporoththu wemda? Athishaya kedaneeyai... ane me jeyashta uthumanta oluwath ekkama hadawathakuth tibuna nam....

    ReplyDelete
    Replies
    1. ආන්න ඒකයි කණගාටුව... මෙවන් ගුරුවරුන් විසින් බිහිකරන අනාගත පරපුර කොහොම වෙයිද.. හොඳට තියෙන තැන යටපත්වෙලා නපුර ඉස්මතුවෙන රටක් තමයි කොහොමත් මේක.

      Delete
  7. මැරිච එකාට කරපු අපහාසයක්
    ඇයි බන් කිර්කට් මැච් එකක්

    ReplyDelete
    Replies
    1. මෘරුණු එකාට උපහාර පිණිසලු බං මෙන්ඩෝ..

      Delete
  8. හිසේ ගිනි ඇවිලෙතේ
    පසේ බුදුවරු නැතේ
    ඇසේ තෙත ඇත හිතේ
    පිසින්නේ කවුරුදෝ 

    කඳුළු දනව්වේ උල්පතින්
    හඬන හැඬුම් ගංගා ගලා
    ඒ ඉවුරේ මෙසේ
    ඒ ඉවුරේ මෙසේ
    ලොවේ අය දිව යතේ

    යුගෙන් යුගේ අත් වැල් බැඳී
    යදම් වැලක් විලසින් ඇදී
    නෑ නිවුණේ සදා
    නෑ නිවුණේ සදා
    මිනිස් කම මෙදියතේ

    ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස් 
    ගී තනු - ආචාර්ය වික්ටර් රත්නායක 
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත අයියණ්ඩී..

      Delete
  9. ලෝකෙ යන හැටි තමයි ඉතිං. මොනව කරන්නද

    ReplyDelete
    Replies
    1. 2 යි 3 යි අතර වෙනස මොකක් ද බං..............

      Delete
    2. විදානෙයගෙ ලෙඩේ හොඳටම උග්‍ර වෙලා වගෙයි.

      Delete
    3. ලොකෙ මෙහෙම ගිහින් කොහෙන් නතරවෙයිද... එදාට අපි කොතන ඉඳීද..

      Delete
    4. ගී පවුරේ, ප්‍රසන්න..

      වැඩිය ගනන් ගන්නෙපා, විදානෙ මහත්තයා දෙකක් නමා ගෙන ඉන්නෙ, ඩෝප් හිඳුනම ඕක හරියයි.ඊට පස්සෙ ඇවිත් අපි කලා වගේ ජාතිය අමතයි..!

      Delete
  10. ඩිස්කෝ එකක් ඕගනයිස් කලා නම් ඊට ආතල්....

    ReplyDelete
    Replies
    1. අම්මප ඒක විතරයි අඩුවට තිබුනේ..

      Delete
  11. ප්‍රේමදාස මලදා සමහරු රතිඤ්ඤා පත්තු කරලා අයිස් ක්‍රීම් කාව වගේ වැඩක්නේ. මොනා උනත් සෑහෙන්න කාලෙකට පස්සේ නේ මනොෂ් ගේ පැත්තේ මම ආවේ, මේ දේ නම් අගය කරන්න බැහැ. එත් එහෙම වැඩක් නොකර ඉඳි කියල මේ යන හැටියට බලාපොරොත්තු වෙන්නත් බැහැ.

    ReplyDelete
    Replies
    1. කවුරු මැරුණත් මරණය විනෝදයක් කරගන්නෙ කොහොමද.. අපි කවුරුවත්ම අනුමත නොකරන දේ ඔවුන් තවමත් තේරුම් අරන් නෑ..

      කාලෙකින් ගෙදර ආව වගේ සොමියෝ උඹලත් එක්ක මෙහෙම කතාකරනකොට.

      Delete
  12. උඹ දැන් ලියන්නේම නෑ නේද ?

    ///මගේ මරණය කරගන්න පොපියනා කෙළිබිමක්///

    මේකට මොකක් කියන්න ද ?

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝ.. නොලියන තරම්..ලියන්න තරම් නිදහසක් නේ පීඨෙ ඉන්නකල්.අනික දැන් නොලිය ඉඳලම පට්ට කම්මැලියි. හිතට තදින්ම දැනෙන මෙහෙම පද වැලක් ලියනවා කලාතුරකින්.

      Delete
  13. ලොකු කේස් එකක් නෑ මනෝෂ්...
    මළ ගෙදර බලපං...දිවා රෑ මූණ එල්ලගෙන
    හත් දවසේ දානෙ බලපං...දවල්ට මූණ එල්ගෛන රෑට හොරෙං හිකි හිකි
    තුං මාසෙ දානෙ බලපං...දවල්ට හොරෙං හිකි හිකි රෑට එළිපිට හිකි හිකි
    අවුරද්දෙ දානෙ බලපං...දිවා රෑ එළිපිට හිකි හිකි
    මැරෙන්න එපා බොල........................උන්ට ආතල් ගංට...හුහ්

    ReplyDelete
    Replies
    1. අනිව මචං... ඕකයි දැන් තත්වෙ..ඔය වගෙම කයියක් මේ ළඟදි මං කියෙව්වා කොහෙන්දෝ හම්බෙලා.. දුක බදාගෙන සදාකල් වැලපෙන්නෝනි නෑ. ඒත් තමන්ගෙ පහත් ආසවල් සංතෘප්ත කරන්න මනුස්සයෙක් ගෙ මලගම හේතුවක් කරගන්නෙකයි අපරාදෙ.

      Delete
  14. දැන් මනෝෂ් ඇතුළු යහළුවන් එකඟ වෙයදා දැනෙන නැහැ ලෝකයේ සමහර තැන වල මළ ගෙයක් කියන්නේ මලගිය තැනැත්තාගේ ජීවිතය සැමරීම. පොඩ්ඩක් අඬනවා තමයි. නමුත් වයින් ටිකක් බීල මරුන කෙනාගේ හොඳ කියල රෑට කාල යනවා. මම ගිය වර ලංකාවේ මළ ගෙයකට ගියා නෑදෑයෙකුගේ. එයාගේ ළමයි හෝටලේට කෝකියෙක් ලොකු ගණක ගෙවල ගෙන්න ගෙන හැමෝටම කෑම දුන්න මිනිය උස්ස්සපු දවසේ සහ හත් දවසේ දානෙට. කවුරුත් ආණ්ඩුවේ නැහැ. "එතන නොයෙකුත් බීමත් " තිබුන. මේක ලංකාවේ සංස්කෘතියට අදාල නැතිව ඇති. නමුත් සමහර විට අර ජෙෂ්ඨයා ක්‍රිකට් වලට ගොඩක් කැමතිව ඉන්න ඇති. එමයල එක්ක එකතු වෙලා සෙල්ලම් කරනන් ඇති. එහෙම නම් මේ විධිහට අනුස්මරණය කරන එක හොන්දයි. සමර විට සෙල්ලම් කරලා ඉවර වෙලා ලේ පරිත්‍යාගයක් හරි ස්කොලෙක ළමයින්ට පොත් ටිකක් වත් ප්‍රදානය කරානම් හොඳයි තමයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ කතාවට නවීන ආකල්පවලට මාත් එකඟයි අයියේ.. ඒව වැරදි නෑ. ඒත් මෙතන තිබුනෙ කබරයා තලගොයා කරගෙන කාපු එක.දඹුලු ගිහින් තලගොයෙක් මරාගෙන ආව එක.

      අර කතාව ඇත්ත.මියගිය සොයුරා අප්‍ර්මාණව ක්‍රිකට් වලට ආදරය කරපු කෙනෙක්..

      Delete