"පරසතු කුසුමක් මා තුරුළට ආවා...
අප යළිදු උපන්නා ඒ දියණි නිසා"
"........උඹ කියන්නෙ මචං, ඊටපස්සෙ මරු සිද්ධිය උනේ හරී..... මූ නසරානි වෙන්න ගසල එනව මචං අපේ ගෙදර...... ඈ.... ඔව් බං, නෑ ඉතින් උඹල දන්නවනෙ.......හරි හරි.. ඔව් ඉතින් මාත් කරටි කැඩෙන පොරනෙ..."
"ඒ වෙලාව කීයද බං???"
"ඇයි බොට කොහෙ යන්නද? අනේ නිකං ඉඳහං බං..."
"නෑ බං දන්නවනෙ ඉතින් ගෑණි බර බරේ.. ඊයෙත් යනකොට එකයි. පවු බං ඒකි, පොඩි එකිත් එක්ක මං එනකල් බලාගෙන ඉන්නවා"
"අල්ලල දාහං බං... හැමදාම සෙට් වෙනවද... නෑනෙ.. මං නං වයිපට තේරුම්කරල දෙනව බං..."
"යකෝ... ටිකක් තෙරුම් ගනින්.. උඹ ඔය තාම පොඩි එකා වගේ දැඟලුවට උඹත් කසාද බැඳපු මිනිහෙක් නේද.."
"අනේ පලයන්ඩෝ... බලහං දාසයි මාසයක් වත් පේනවද.. බැන්ද කියල මං කඹේකින් ඔතලැයි බං.."
"නෑ මචං, උඹලට තේරෙන්නෙ නෑ.. උඹට තේරෙයි ටික කාලෙකින්, බොටත් මඟබලන් ඉන්න දරුපැටියෙක් එහෙම ඉන්න දාට..."
"පිස්සුද බං... ඒත් මං මේ ආතල් එකේම ඉන්න දිනෙත්ම තමයි බං... මොකෝ මං ගෙදරට අඩුවක් පාඩුවක් කරන නෙවෙයිනෙ බං.. යුතුකං සේරම ඕ..කේ.... මේ මගේ ආතල් එක... ඒක නෙවෙයි, ඒ මචෝ.... අල්ලහං කපුගේගෙ නම්බස් එකක්...."
'...රුවක් ඇදෙනවා.. කවුදෝ එනවා...
මීවත ඇඳිරිය දෑස වසනවා...'
මේ අපේ කතානායකය.. නියම පිස්සු ඩයල් එකක්. ආතල් ලෝකයක්.. සුපිරි බොක්කක් තියෙන හිත හොඳ සුපිරි කොල්ලෙක්.. කොල්ලෙක් කිව්වට කොල්ලෙක්ම නෙවෙයි, නාකි පැත්තට බරයි ටිකක්. ඒත් මිනිහ හිතන් ඉන්නෙ තාම ගැටය කියලා!! කනපැලෙන්න අඩියක් ගහල, හීනියට වමනෙ පාරකුත් දාලා පාර අයිනෙ කුණු කාණුවක හරි එලිවෙනකල් වැටිල ඉඳල ඊකෙනුත් ෆන් එකක් අරන් සුපිරියට ජීවිතේ විඳින යාලුවො වෙනුවෙන් පණ උනත් දෙන ගින්දර පොරක් විදියට තමයි යාලුවො මේකව දන්නෙ.
******************************************************
"ස්වීටී..... කෙල්ලේ... මං ආවා.."
"ආ... ආවද අදත් යාලුවොත් එක්ක සෙට් වෙලා.. අනේ මංද දිනෙත් ඔයානම්.."
"හරි හරි බබා... මං කොච්චර කාලෙකින්ද ලංකාවට ආවෙ.. ඉතින් යාලුවො කොච්චර ඉන්නවද හම්බෙන්න..උනුත් මං එනකල්නෙ ඉන්නෙ බබා..."
"අන්න ඒකම තමා මහත්තයෝ මටත් තියෙන ප්‍රශ්නෙ... ඔයා ඔච්චර කාලෙකින් ලංකාවට ආවමත් ඔයා මං ළඟ නෑ.. මං කොච්චර ආසාවෙන්ද බලං ඉන්නෙ ඔයා එනකල්.."
"ඉතින් මේ ඉන්නෙ මං ඔයා ලඟම.. ඈ..."
"හරි හරි යං ගෙට..."
"මේ.. මගෙ මහත්තයට කියන්න දෙයක් තියෙනවා.. හැබැයි දැං කියන්න බෑ.. "
"ඒ මොකද්ද ඒ බබා.. ඇයි දැන් කියන්න බැරි??"
"ඒව ඔහොම අවසිහියෙන් ඉන්න මිනිස්සුන්ට කියන්න බෑ හරිද... පියවි සිහියට ආවම හෙට උදේම කියන්නම්.."
"අනේ බබා..."
"අනේ තමා.. හෙට කියන්නම්. දැන් ගිහින් නිදාගන්න.. චික් ගඳ..."
"හලෝ මේ ගඳ නෑ හරී.. වෙරි විතරයි.. ඒව ස්පෙෂල් බ්‍රෑන්ඩ්ස්..."
"හරි හරි.. නහය නැති ඌරන්ට ගඳ නෑ තමා!!"
මූට පන වගේ ආදරේ කරන මේ වගේ කෙල්ලෙක්ම ඉන්න නිසා හොඳයි. නැත්නම් මුගෙ ගෑනි මුගේ කොන්ද කඩල මෙලහට හුඟක් කල්. මේ කනමදය අද මෙහෙම ගෙදර ආවට මූ නොදන්නවට අද බොහෝම වැදගත් දවසක් මුන් දෙන්නටම. ඒත් ඉතින් මූට කොහොමද මෙහෙම මේව කියන්නෙ. ඉමුකො හෙට උදේ වෙනකල්.
******************************************************
"හ්ම්... ඇහරුනාද.."
"ඔව්..ආ....... කීයද වෙලාව??"
"කීය උනත් කමක් නෑ අදනම ගෙදරින් එලියට බහින්න දෙන්නෙ නෑ.."
"ම්... මේ ඒකනෙවෙයි.. අර මොකද්ද ඊයෙ රෑ කීවෙ කියන්න දෙයක් තියෙනවා කියල.. දැන්වත් කියනවකො..."
කලින්දා සූර් මතේට සුමානයක් නිදිමැරුව වගේ ඇස්ගෙඩි ඉදිමෙච්චමාසයක් සේලයින් දුන්න වගේ පරඬලා වෙච්ච අපේ කතානයකයගෙ සිරුර් උඩින් ඈ වැතිරුණා.. කනට කරල රහසක් කිව්වා.
"මොකක්??" දෙයියනේ ඔය හැබෑවක්මද.."
"ඔව් කොල්ලෝ..."
"අනේ මගෙ මැණිකේ......"
"ඒයි.. මේ මොකද.. දෙයියනේ වැටෙයි මං..... පිස්සෝ මාව බිමින් තියනවකෝ... ඒ කොහෙද මේ යන්නෙ..."
අහපු ආරංචිය මුගේ කනට මීපැනි වක්කරා වගෙ. දැනිච්ච සතුටට මේක කෙල්ලත් උස්සගෙන ගේ වටේ දුවනවද මංද..
"මට මේ සතුට දරාගන්න බෑ කෙල්ලේ.. ඉදින් මං යාලුවො ඔක්කොටම කියනවා.."
"හා හා මේ... යාලුවන්ට කිව්වට කමක් නෑ, මේකත් තව පාටියකට හේතුවක් නම් කරගන්නෙපා හොඳේ..."
"හරි හරි ළමයෝ..."
"ඒ මචෝ... අහපන්කො... පොඩි සීන් එකක්.. ඔව් බං.. ඒකයි මං මේ කියන්න ගත්තෙ.. නෑ නෑ බං, එහෙම එකක් නෙවෙයි..... යකෝ...... ඔන්න උඹලගේ දිනෙතයත් දැන් තාත්ත කෙනෙක් බොලවු...!!!!! ..... ඔව් යකෝ ඔව්.... මේ.. මේ.. මේ.. පිස්සු කෙලින්නැතුව හිටු... යකෝ මං දැන් හොඳ පියෙක් හරී..."
ඔන්න ඕකයි සිද්ධිය... මිනිහ තාත්ත කෙනෙක් වෙලා.. සතුට දරාගන්න බෑ පොරට. දන්න කියන හැම යාලුවෙක්ටම කතාකරල මේ සුබ ආරංචිය කිව්ව මෙයා. හැමෝම මූට බොක්කෙන්ම සුබ පැතුවා. විහිලු කලා. අවවාද දුන්න, උපදෙස් දුන්නා..
******************************************************
"බබා... මොනා කරන්නද ඉතින්.. මට යන්නම වෙනවනේ... මං යන්නෙ අපි දෙන්නයි මේ බඩේ ඉන්න අපේ පැටියයි වෙනුවෙන්මනේ.. ඒ නිසා දුක්වෙන්න එපා හරිද.. කාලෙ ඉක්මනට ගෙවෙයි... අම්මලා ඔයාව මලක් වගේ බලාගනී.. හරියට බේත් හේත් ටික ගන්න. ඩොකටර්ස්ල කියන විදියටම ඉන්න.. ආ.. මතකනේ ගොඩක් පළතුර කන්න ඈ... එතකොට අපේ පැටිය කහ කෑල්ල වගේ ඉඳී!!.. එහෙනම් මං යන්නම් කෙල්ලේ.. අපේ පැටියගෙ මූණ බලන්න මං ඉක්මනටම එනවා.."
කොච්චර අකමැත්තෙන් උනත් අපේ මේ කතානායකයට සතියකට දෙකකට පස්සෙ ඔන්න ඔහොම කියලා කටුනායකින් ප්ලේන් එකට නගින්න උනා. මොනා උනත් රස්සාව කරගෙන ඉන්නැපැයි.. හැබැයි.. ප්ලේන් එකට නැංගෙනම් ප්ලේන් එකෙන් බැස්ස දිනෙත් නෙවෙයි.. මේ දවසට දෙකට් මූ සෑහෙන්න පරිණත වෙලා. පණ්ඩිත වෙලා. ඇයි ඉතින් දැන් තාත්තා කෙනෙක් නොවෑ.. කලින් වගේ පුලුවනෑ...
ලෝකෙටනම් දින සති ගෙවුනෙ වේගෙන්,. ඒත් අපේ දිනෙත්ටයි, වයිෆ්ටයිනම් එහෙම නෑ.. ලෝකෙ දෙකොනකට වෙලා ඒත් හිතින් එක ලඟට වෙලා දිනෙන් දින මෝරන ඇගේ කුස පිරිමදින් කාලෙ ගෙව්ව දිනෙත්.. දැන් නම් මූ ගෙදරට ගෑණිට දවසකට වයිබර් කෝල් ගන්න වාර ගනන දහ දොලොස් ගුණයකින් වැඩිවෙලා. ඊට සාපේක්ෂව අපිව මතක් වෙන වෙලාව ප්‍රතිලෝමව සමානුපාතිකව අඩුවෙලා!!
කොහොම කොහොම හරි ඉතින්, ඉබි ගමනින් කාලෙ ගෙවුන මුන් දෙන්නටත්.. අන්තිමට ඒ දිනේ උදා උනා.දිනෙත්ගෙ වයිෆ් දියවඩන නිළමේ වගේ වෙලා. දිනෙත්ටත් ආපහු ගම් රට බලා එන්න දිනේ උදාවෙලා. මූ ආව ආයෙත් ලංකාවට..
******************************************************
ජෙනරල් හොස්පිටල් එකට දිනෙත් කාර් එක ඩ්‍රයිව් කලේ පිස්සුවෙන් වගේ.. මිනිහ හිනා වෙනව, සිංදු කියනවා එක කෙලියයි. මේක ගිය හැටියට එදා මූ වෙනුවෙන්ම ට්‍රැෆික් එකේ අය අන්ධවෙලා හිටියද මංද. නැත්නම් දඩ කොලයක් පට්ට ෂුවර්...
ඔව්.. රෝහලේ සයනයක් මත ඇය සිටියා... ඇගේ මූණෙ දිනෙත් දැක්කෙ මින් පෙර කවදාවත් නොදැක්ක අමුතුම මන්දහාසයක්.. ඒක කොහොමද කියන්නෙ. මවු පදවිය තිලිණ ලත් මේ ලෝකෙ හැම සුන්දර අම්මෙක්ගෙම මුහුණෙ මැවෙන ආදරය, කරුණාව, අසීමාන්තික සෙනෙහස කැටිකොටගත් ජීවිතයේ බහ තෝරන මහ අමුතුම සිරියාවන්ත ගැඹුරු හිනාවක් ඒ මූණෙ ඇඳිලා තිබුනා.
උන්නු තැනම ගල් ගැහිලා ඒ මූණට වශී වෙලා දිනෙත් ඒ දිහාම බලන් උන්නා.. ඇගේ දෑසෙ දෙසම. ඒ දෙනෙත් හෙමි හෙමිහිට පහලට නැඹුරු උනා. ඇගේ වම් ඇලය දෙසට පහත් උනා. ඊට සමාන්තරව දිනෙත්ගෙ දෙනතත් ගමන් කලා. එතකොටයි ඔහු දැක්කෙ මේ මිහිමත සොඳුරුතම වස්තුව ඇගේ තුරුල්ලෙ උණුහුමට ගුලිවෙලා සුව නින්දක සිටින අයුරු.. රෝසම රෝස පාට බෝනික්කියක් හොඳට නිදි..!
"මගේ මැණික.. ඔයාට හුඟාක් පිං... ඔයා මාව බැන්ද දවසෙ මගේ ජීවිතේ එළිය කලා. ඔයා අද ඔයා එලිය කරපු ඒ ජීවිතේට අරුතක් එකතු කලා.."
අපි දන්නෙ නැහැ ඇගේ ඔලුව අතගාල පහත්වෙලා නලලට හාද්දක් දුන්න වෙලේ දිනෙත් ඇයට ක්‍රහසින් කිව්වෙ මොනාද කියලා. ඒත් අපි දන්නවා දිනෙත් හිතුවෙනම් ඔය උඩින් කිව්ව දේම තමයි කියලා.
******************************************************
ඔන්න ඔහොම ජීවිතේම පිස්සුවක් කරගෙන හිටපු ඒත් සීරියස් කොල්ලෙක්ට අලුතින් ජීවිතේ ලැබුන. ඌ අපිට කෙලින් නොකිව්වට අපේ හිත් දන්නවා, අපිට දැනෙනවා ඌ ඌටම වෙච්ච පොරොන්දු, ඒ අලුත් ආත්මෙ උගේ ජීවිතේ වෙලාගත්ත ඒ දවසෙ. ජීවිතේ වෙනුවෙන්, මේ රත්තරන් කෙල්ලගෙයි, ඒකිගෙ අම්මගෙයි අනාගතේ ලස්සන කරන්න හිත යටින් ඌ ඇඳපු සැලසුම්. තාමත් තොරතෝංචියක් නැතිව කියවන, ආතල් කොල්ලෙක් උනාට ඌ ඒ යටින්, උගේ ඇස්වල ගැඹුරින් අපිට දැනෙනවා ඉස්සරට වඩා නැවුම් ජීවිතයක්. මහප්‍රාණ බැල්මක්. කොටින්ම කියනවනම් ජීවිතේ ගැන බලාපොරොත්තු පිරිච්ච, අලුත් කෝණෙකින් ජීවිතේ දකින, අනාගතේ බර දරාගත්ත, සෙනෙහෙබර පියෙකුගේ රූපයක් අපිට පේනවා මේකගේ දෙනෙත් තුලින්..
******************************************************
"රත්තරන්... මට සමාවෙන්න. කොච්චර අමාරුවෙන් උනත් මට මේක කරන්නම වෙනවා. ඒ මේ දූ පැටියගෙයි, අපෙයි අනාගතේ වෙනුවෙන්මයි.. හ්ම්.. මං දැන් තාත්ත කෙනෙක් නොවෑ.. ඉතින් ජීවිතේ මේ බර දරන්න, අදින්න මට පුලුවන්. වැව් බැම්මක් වගේ දුක් උහුලන්නත් පුලුවන්.. ඒ නිසා බබෝ මට ඉතින් යන්නම වෙනවා. මං ආයෙත් ඉක්මනටම එනවා. එනකල්, අපේ මේ පුංචි සුරංගනාවිවත් පරිස්සම් කරගෙන ඔයත් හුඟක් පරිස්සමඉන් ඉන්න හොඳේ.."
දියමන්ති වගේ දිලිසෙන එහෙට මෙහෙට දුවන දෙනෙතින් ඔහු දෙසම බලාගෙන, පුංචි අතින් ඔහුගෙ ඇඟිල්ලක් දැඩිව අල්ලගෙන අම්මගෙ තුරුල්ලෙ ගුලිවෙලා ඉන්න ඒ අහිංසක මූණ ඉඹල දයාබර අම්මගෙත් මූණ ඉඹල අපේ දිනෙත් මෙහෙම කිව්වෙ කටුනායක එයාපෝට් එකේදි. නිවාඩුව ඉවරයි.. ආයෙ යන්න වෙනවා. දරන්න බැරි දුකක් ඒ මුහුණු දෙකේ පිරිල. ඒත් මොනව කරන්නද යන්නම වෙනවා. කොච්චර පඬි වදන් දෙඩුවත්.. මේ වෙන්වීම දරාගෙන මේ කිරිකෝඩු තාත්තට ඉන්න පුලුවන් උනේ බොහොම ටික වෙලාවයි. ඊළඟට බිඳිල ගිය වැව් බැම්මක් වගේ ඔහුගේ හද තුල සිරව තිබූ අපරිමිත දුක කැඩී බිඳී විසිරී ගියේ, ඔහු පමණක් නොව ගුවන් තොටුපලම හ්ඬවමින් වගෙයි. පුංචි සුරංගනාවියි, එයාගෙ අම්මයි බදාගෙන ඒ පිය සෙනෙහස උතුර උතුර කඳුලුවලින් පිටාර ගියහැටි අදටත් කතාවෙනව එතන හිටපු දිනෙත්ගෙ අතිජාත මිත්‍රයන්.
කොහොම උනත් හැමදේම ඉවසගෙන ආයෙත් ඉක්මනට එන්න බලාගෙන ඔහුට යන්නම උනා. මගී පර්යන්තෙන් නොපෙනී යන ඔහු දෙස කඳුලු පුරෝගෙන හැමොම බලන් හිටියා. දිනෙත්ව ඇරලවන්න එයාපෝර්ට් එකට ඇවිත් ඉඳපු ඔහුගෙ යහලුවන් දුටුවෙ වෙනදට හිනාවෙවී, කෑකගසමින්, විහිලු තහලුවෙන් පිස්සෙක් වගේ දඟලන සෙල්ලක්කාර දිනෙත් නොවෙයි, ඒ වෙනුවට ඔවුන් දුටුවෙ පිය සෙනෙහසින් හදවත බරකරගත්, දුක් වේදනා සන්තාප දරාගෙන අනාගතේ වෙනුවෙන් පියමං කරන සෙනෙහෙබර පියෙකුගේ ඡායාවක්..
ඉතින් අපි සුබපතමු ඔවුන් ගේ ලස්සන අනාගතයට...
"පරසතු කුසුමක් මා තුරුළට ආවා
ලෝකය මොහොතක් නතර වුණා
දියණි දෙනෙත් සැලුනා
අප යළිදු උපන්නා
ඒ දියණි නිසා
උයන් පුරා මං සුවඳ ඉසිනවා
රුවන් වලාවන් යහන සදනවා
ඇසින් කඳුළු වී සතුට ගලනවා
සුරන් සමඟ දූ කුමරි නිදනවා
සුරන් සමඟ දූ කුමරි නිදනවා
පරසතු කුසුමක් මා තුරුළට ආවා
ලෝකය මොහොතක් නතර වුණා
දියණි දෙනෙත් සැලුනා
අප යළිදු උපන්නා
ඒ දියණි නිසා
සවි වී සියළු යස ඉසුරු කිරුළු ලා
නොවිඳි මහිම දියණිය ගෙන එනවා
ලොවම එරෙහි වෙද ඒ දුක පිසදා
දියණි යළිදු අපගේ ලොව වෙනවා
දියණි යළිදු අපගේ ලොව වෙනවා
පරසතු කුසුමක් මා තුරුළට ආවා
ලෝකය මොහොතක් නතර වුණා
දියණි දෙනෙත් සැලුනා
අප යළිදු උපන්නා
ඒ දියණි නිසා"
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සහ ආචාර්ය රෝහණ වීරසිංහ
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
(Parasathu Kusumak - Deepika Priyadarshani & Rohana Weerasinghe)
ගීතය අහනවනම්...
*******************************************
පසුව ලියමි
දයාබර පත්තරයෝ... මේ උඹ වෙනුවෙන් පුංචි තිලිණයක්... පුලුවන් හැටියට අපිට... අපේ සින්දු ඇනෝගෙනුයි.. මගෙනුයි.....
තෑග්ග දෙන්නනම් ටිකක් පරක්කු උනා.. සමාවෙයන් ඒකට හොඳේ...
වෙල් කම් බැක් මනෝ ....නියමයි මචෝ .වෙනදා වගේම සුපිරියි මට නම් ...
ReplyDeleteනියමයි ..නිවාඩු මාසේ පුළුවන් තරම් ලියපන් ...ජයවේවා මචෝ ..
හිමිදිරියේ පිණි අහුලන
හිමිදිරියේ පිණි අහුලන
සඳ එළියේ තරු අල්ලන
පුංචි දූට දේදුන්නක් ගෙනල්ලා දෙනවා
පරිස්සමට ඊතලයක් ළඟින් තියනවා
පංචායුධ කුමාරයා
නුඹ කැන්දන් යන දවසේ
ආශාවෙන් බලා ඉන්නවා
මගෙ දූටත් ආයුධයක් දෙන්න හිතෙනවා ........
විදුලි අකුණු වැහි කුණාටු
මගේ දූට හිරිහැරනම්
සිත හදාන බලා ඉන්නවා
මගෙ දූටත් මම පත්තිනි සළඹ ගේනවා ....
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ධමමික බණ්ඩාර
තනුව - දර්ශන රුවන් දිසානායක
අයියෝ සඳ :D ලියයි මේං කියලා .. මනෝෂයා ඩිස්කවරිය පිහලා ෆුල් ටෑන්ක් ගහලා ඉෂ්ටෑන් බයි ඉන්නේ .. වැඩේ පත්තු උනොත් මටත් මෙයිං පෝස්ට් එකක් දාන්න වෙන්නේ . හැක් හැක
Deleteතැන්කු සින්දුවෝ... මේකෙ සමස්ථ ගෞරවේම උඹට තමයි..
Deleteඋඹ මඟුලක් කියනව පත්තරයෝ.. හොම්බෙන් යන්නෙ මේ දවස්වල.
Deleteඩිස්කවරිය නෙවෙයි බං.මගේ පරන පත පල්සරේ.. පුල් ටෑන්ක් ගහල නෑ යකෝ බයික්කෙ ගත්ත තේකට.
පටන්ගන්කෝටම මම දන්නවා මේ අපේ එකා කියලා..
ReplyDeleteනංගා, පොඩි පත්තරි, පත්තර මල්ලි උඔලා තුන්දෙනාටම ඡය ශ්‍රි මහා බෝ සමිදු පිහිටයි..
මනෝෂයා
මම හැමදාමත් උඔගෙන් ඉල්ලපු සිංදු කතාවක් ලියපු එකත් ඒ කථාව අපේ එකා ගැන වෙච්ච එක එල ද බ්‍රා..
පොඩි මෙන්ඩා ඉල්ලුව නෙවැ නංගි මට අරං යන්න ඕනැ කියලා :D ලේසිවෙන එකක් නෑ බොල.
Deleteඅපිට දුවෙක් නෑ..ඒකි හැමදාමත් අපේ දුව..පොඩි මෙන්ඩාගේ සහෝදරි..
Deleteඅඩේ මෙන්ඩෝ... සමාවෙයන් බං මෙච්චරකල් ලියාගන්න බැරිඋනාට.අන්තිමේදි අපේ එකා ගැනම ලියල පටන්ගත්තා..
Deleteඅඩෝ පත්තරයෝ... එන පොට හොඳ නෑ කෙලි ගං ගෙට කිව්වලු!!! ඕං මං නොකිව්වයි කියන්නෙපා..!!
Deleteහරි මේක මගෙන් බොක්කේ පත්තරයට......
ReplyDeleteමගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් ඔබට මයි...
සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළෙව කොතරම් සුන්දරද
මගෙ දූ තනියම හිනාවෙයි....
ඝන කලුවරට අප පෙම් කළොත්
ඉර හඳ තරුවලට ණය ගැතියි
ලොව දුන්න දේවල් අද අපට
හෙට ලොවට පෙරළා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරේ නම්
මුලු ලොවම ඔබටත් ආදරෙයි....
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
https://www.youtube.com/watch?v=MnDgyX1XqNE
Deleteතැංකිව් බොසා.. මං ආසම සිංදුවක් එකෙන්ම ..
Deleteමැලේ...
Deleteසිංදුවකින්ම හැඩකලාට තැන්කූ.... අපේ පත්තරයත් ආසයිලු නොවෑ...
~~අප්පච්චිගෙ මතක අතරේ මොහොතක්~~
ReplyDeleteපාමුල වැතිර රස කවි පද... ගයන්නම්
ගායන කරන ගී ළඟ හිඳ.... අහන්නම්
ආදර කතා හුරතල් වී ......කියන්නම්
මාළඟ ඉන්න පෙර සේ මා හිඳින්නම්
....
සීපද කියමු රෑ සඳවති .........අසාවී
ගී නෙක ගයමු ඒ දෙවඟනො නටාවී
මාවතෙ යනෙන විට සමනලු රඟාවී
මා ළඟ ඉන්න හිත සතුටින් පිරේවී
.....
මල් නෙක පිපී කඩුපුල් මල් බලාවී
සල්මල් නෙලා පන්සල් ගොස් පුදාවී
අත්වැල් පටල මාවතේ අපි දුවාවී
ගස් අතු දිගේ පොඩි පැටවුන් සොයාවී
.......
දිය බුං ගසා තරඟයකට පීන....... යමූ
කුඩමසු සොයා බෝතලයට දමා ගමූ
තුරු අග නැගී පැටවුන් හට කෑම දෙමූ
පළතුරු නෙලා ගස් යට ඉඳ රසට කමූ
ඇවිත් යන්න අප්පච්චි ගැනමයි
http://nihandasiththaraawi.blogspot.com/2015/11/blog-post_28.html
ගමේ කෙනෙක්.. :) එළ එළ... :)
Delete:D thankuu wewaa :)
Deleteහංසි, මේ ගැනත් පොඩ්ඩක් ලියංටකෝ අප්පා. මේ කළණයා මේකිව හරියට හදලා නෑ. මූට තමා ගහංට ඕනෑ.
Deleteඑහෙම සොඳුරු අතීතයක් තිබුන අන්තිම පරම්පරාව අපි මයෙ හිතේ.. ලොකු කණගාටුවක් තියෙන්නෙ අලුත් පරම්පරාව ගැන. නිර්මාණයනම් කදිමයි ප්‍රියන්ති. තාත්ත ගැන කියවන්නත් එන්නම්කො නිවාඩු පාඩුවේ..
Deleteකල්‍යානේ, මධුවෝ...
Deleteඋඹලගෙ හරුප මට තේරෙන්නෑ බොලවු. සෑහෙන දොහකින්නෙ ගොඩවුනේ මේ අහට.
'ගමේ එකියෙක්' කියල කියුවේ.. ටිකක් හොයල බලපන්..
Deleteහෑහ්.. මේ මහියංගනේ??
Deleteකළණෙ, මෙයාගෙ කවියක් අඳුන්නල දුන්න නේද දවසක් ඔයාගෙ බ්ලොග් එකේ?
මහියංගනේ මොකද බදුල්ලේ මොකද? මහා විද්‍යාලේ මොකද විශාකා මොකද? ඔව්වොව්.. ඒ මෙයයි තමයි.. දැන් හරි පරසිද්දයි..මට හිතුනේ උඹට මතක තියුනේ නෑ කියල.. හැක හැක..
Delete//මහා විද්‍යාලේ මොකද විශාකා මොකද//
Delete++++++++++++++++++++++++++++++++++
හැක් ...අපි වෙනුවෙන් අපි නොවැ ...
මහ විජ්ජාලෙට ගියාද කියලවත් මතක නෑ බොලවු! විකාස එක කොහෙ මතක තියෙන්නෙද.
Deleteමහ විජ්ජාලෙ ගැනවත් හරිහැටි මතකයක් නැති මට විකාසා ගැන කවර කතාද බොලවු..
Deleteආයෙමත් අප්පච්චියෙක් වෙන්න බලන් ඉන්න වෙලාවක කියෙව්වේ.. :)
ReplyDeleteවෙල්කම් බැක් මනොෂ් සර්..
jaya wewaa kiwwa oon :0
Deleteබොක්කෙන්ම සුබ පැතුම් කළයො..!!
Deleteඅලුතෙන් එන පොඩි කමිට ඡය ශ්‍රි මහා බෝ සමිදු පිහිටයි..
Deleteඅපේ පොඩි කමියා . සුභපැතුම් බොක්කෝ !!
Deleteආ..........!!!!!!!!!! සන්තෝසෙට අපිට කන්ඩ අරන් දියන්!!
Deleteකළණයා, හෑ..................! මරු මරු!
Deleteකල්‍යානේ... අනිත් උන් එක්කම මාත් එකතුවෙනව ඔබට සුබපතන්න. පොඩි මෙන්ඩා,පොඩි පත්තරී, පොඩි කමිය... මේ ලෝකෙනම් සුන්දරයි...
Deleteකල්‍යානේ... අනිත් උන් එක්කම මාත් එකතුවෙනව ඔබට සුබපතන්න. පොඩි මෙන්ඩා,පොඩි පත්තරී, පොඩි කමිය... මේ ලෝකෙනම් සුන්දරයි...
Deleteපොඩි කම්මලයා මේ පැත්තට ආවද? දෙක දෙක දාන්නෙ?
Deleteඅනෙ මෙන්ඩො, මේ ඇන්ඩ්‍රොයිඩ් රෙද්ද පිස්සු කෙලිනවා බං. පැයගානක් කැරකිලා කැරිකිලා ඕකතමා අන්තිමේ කරන්නෙ බං
Deleteවල්කම් බැක් මනෝෂ්
ReplyDeleteඑකෙන්ම..
Deleteපත්තර මල්ලි කන බොන බෝක්ක හොද එකෙක් කියලා අපි දන්නවා..ඒත් මචං
ReplyDeleteපත්තර මල්ලිගේ ස්විටි කෙල්ල..එහම නැත්නම් පත්තර නංගි..මුටත් වැඩිය බෝක්කක්... මචං..මම උසස්පෙල ඉවරවුන කාලේ ඉදලා ගැහැණු ළමයි එක්ක ඉදලා ගැහැනු ළමයි ගොඩක් දැකලා තියනවා ඒත් හැම වෙලාවකම මුනේ හිනාවක් එක්ක ඉන්න උඔ වගේ කෙලලෙක් මම දැක්කමයි නංගා...
කටපුරේ “අයියේ“ “අක්කේ“ කියලා කතා කරන..
ගෙදරට ගොඩවෙලා තියනදෙයක් බෙදාගෙන කන..
උඔගේ ගෙදරට ගොඩවෙච්ච මනුස්සයෙකුට කන්න කිය කිය හැම දෙයක්ම ගෙනත්දෙන..
උඔලා ඇත්තටම සහෝදරයෝ..
උඹලට එහෙමදෑ පේන්නෙ… මාව දණ ගස්සල තියන ඒව එතකොට :D හැක්
Deleteනටන්ඩ හිතුණා සාලෙ නටන්ඩ හිතුණා
Deleteමගෙ පබී නෝන පෙනෙනා විට නටන්ඩ හිතුණා
සාලෙ නටන්ඩ හිතුණා
නටන්ඩ හොඳ නෑ සාලෙ නටන්ඩ හොඳ නෑ
පිස්සෙක්ය සිතා සෙනග පිරේ නටන්ඩ හොඳ නෑ
සාලෙ නටන්ඩ හොඳ නෑ
හරි විහිළුකාරයා මේ මාගෙ පුරුෂයා
ලැජ්ජ නැද්ද මේ දොඩවන්නෙ පිස්ස සේ
පිස්සු කමට නොවෙයි විහිළු මගේ හැටි තමයි
සාලෙ නටන්ඩ හොඳ නෑ සාලෙ නටන්ඩ හොඳ නෑ
ආදර මුහුණා හරි රූබර පානා
ඉඟි බිඟි පෙන්නා මා පිස්සු කරන්නා
නුඹේ ආදර මුහුණා හරි රූබර පානා
ඉඟි බිඟි පෙන්නා මා පිස්සු කරන්නා
කෝප ගන්ඩ එපා ආදරෙටයි කියන්නේ
නටන්ඩ හිතුණා සාලෙ නටන්ඩ හිතුණා
සාලෙ නටන්ඩ හොඳ නෑ සාලෙ නටන්ඩ හොඳ නෑ
නවනින්දා නොකර මෙ ලෙස
වැදගත් ලෙස හැසිරියන්කො
මගෙ හැටියක් උඹට මොටෝ
හොඳ විදියට උඹ ඉඳින්කො
තරහ ගියා
තරහ ආව
තරහ ගියා
තරහ ආව
ආ
ඔව්
ආ
ඔව්
නටන්ඩ හිතුණා සාලෙ නටන්ඩ හිතුණා
සාලෙ නටන්ඩ හොද නෑ සාලෙ නටන්ඩ හොඳ නෑ
ගායනය – එඩී ජයමාන්න / ජෙමිණි කාන්තා
ගී පද – පී. එල්. ජේ. නන්දනකීර්ති
සංගීතය – බී. එස්. පෙරේරා
එහෙම කෙල්ලො,සහෝදරියො,යාලුවෝ,අම්මලා ඉන්නව මචං.ඒත් කලුනික වගේ දුර්ලබයි.ඒ අතින් අපේ පත්තරය පට්ට වාසනාවන්තයි නේද බං. ඒ පවුලටම අපි බොක්ක්ව්න්ම සුබ පතමු මචෝ..
Deleteඒ පත්තරේ... ඒකි උඹව දණගස්සල අතාරිනව ඇති ඊට වඩා දඬුවමක් දෙන්නැතිව.
Deleteසින්දුවෝ... ඒ සින්දුවත් අදයි බං දැක්කේ.
යකෝ........ පෝස්ට් එකම කියවලා ප.ලි. ය කියෙවුවමනෙ, දහ පාරක් කරකවලා හත්පාරක් ටොකු ඇන්නා වගේ දැනුනෙ...
ReplyDeleteඅපේ පත්තරයා පියෙක් උනාද?? අඩෝ උඹව 'දුවණියන්ගේ පියවරුන්ගේ සංගමයට සාදරයට' පිළිගන්නවා.... එකෙන්ම.!
හලේ! මේ අපේ දෝර් දණ්ඩා නේද? බුදු මචෝ කොයිබෑ මකබෑවුනේ? කොයි බොලෑ අවයව?
Deleteඅප්පතසිලි මෙන්න වනචර ප්‍රියා ඇවිත් ....ලියපියකෝ මොනා හරි දැන් ...
Delete//23 October, 2014
ඔබත් බාත්රූම් එකට හෑන්ඩ් ෆෝන් එක අරන් යනවද? // තෝ ඔය පොස්ට් එක දැම්මට පස්සේ අපි බාත්රුම් කියක උඹ හෙව්වද ? එලියට ආපු එකේ මොනා හරි ලියමු රත්තරනේ ...
මාධවියො, අවයවේ මටත් හොයා ගන්න බැරුවයි හිටියෙ බාන්. දැනුයි හොයා ගත්තෙ. :D
Deleteසිංදුවො, මම වෙලාව බැලෙවුවා.. මේ රාහු කාලෙ සත්තලන්. මට නැකත දුන්නෙ ජනවාරියෙ සුබයි කියලා.. ලබන අවුරුද්දෙ ඉදන් එනවා. :D
අඩේ ප්‍රියෝ... අම්ම මෝ නැතිව නිදාගත්‍තම ඔහොම වෙනව මචෝ.. මටනම් සාදාරණ හේතු තියෙනවා මේ අහට නිතර එන්න බැරුවට. ඒත් බොට?? පත්තරයට දෝණි හම්බෙලා දැන් අවුරුද්දක් වෙන්නත් කිට්ටුයි මයෙ හිතේ.
Deleteඅඩේ මධුවො, මූ සරීර හොරෙක් වෙලා.වෙන කිසි හේතුවක් නෑ. ඇති මෙලහට පිඹුර වගේ දිගෑදිලා.
Deleteසින්දුවෝ...
කියල වැඩක් නෑ බං. බලහං කොච්චරනම් නිර්මාණ හැකියාවක්ද ඔය දියාරුවෙන්න ඇරල බලං ඉන්නෙ.
//සිංදුවො, මම වෙලාව බැලෙවුවා.. මේ රාහු කාලෙ සත්තලන්. මට නැකත දුන්නෙ ජනවාරියෙ සුබයි කියලා.. ලබන අවුරුද්දෙ ඉදන් එනවා.//
Deleteඅනේ උඹේ නැකත.මං කිව්ව කියල හිතාගන්. ඔහොම හිටියොත්නම් නැකත් පතිවෙයි!!
උඹේ පොස්ට් එක ගැන කියනවා නම්....... දුවෙක්ගෙ තාත්තා කෙනෙක් විදිහට හදවතට දැනුනා බ්‍රදර්..!
ReplyDeleteපට්ටයි...
(ඔක්කොම කියලා තියෙන එකේ මාත් කියන්නම්..... වෙල්කම් බැක් ආ,, දැන් දිගටම ලියපිය.. :D)
තෝත් දිගටම වර!
Deleteප්‍රියා....................
Deleteඅපි බ්ලොග් ලියන්න පටං ගත්තු කාලේ අපිට තනි නොතනියට හිටිය උඹ දැන් දකින්නවත් නෑ.... මේ දවස් කීපයකට කලිනුත් මමයි කාංචනයි කතා කරා දැන් උඹ නැති ඒක ගැන..... අැයි බ්ලොග් පැත්තේ සැරිසරන්නැත්තේ..... දිගට ම ඒනවානං ලොකු දෙයක්.....
මාධවියො, කුරුට්ටො, ඔන්න ඔහේ හිටපු එකේ ජනවාරියෙ ඉදන්ම එනවා බන්.. නැකත තියෙන්නෙ ජනවාරියට නොවැ. :D
Deleteප්‍රියා මචෝ... තාමත් එච්චරටම ලියාගන්න පුලුවන්නම් මටත් සිරාවටම සතුටුයි බං. ඒත් ඉස්සර වගේ කිසි ඇක්ටිව් ගතියක් නෑ බං ලියාගන්න ගියාම. උඹේ කමෙන්ට් එකක් දකින එකත් හීනයක් වගේ බොල..
Deleteලඟපාතකනම් ඉන්නෙ මේකට ගහල හරි ඇදගෙන වරෙං මධුවෝ....
Deleteගී පවුරේ... ඒ සුන්දර අතීතෙනම් කියල වැඩක් නෑ නේද. ඒ සෙට් එක.. අපි ලියපු තරම්.. කියවපු තරම්.. බැනපු තරම්.. රන්ඩු කරපු තරම්.. අගේ කරපු තරම්.. තනි නොතනිය, දුක සතුට බෙදාගත්ත තරම්... ඒකත් නිකං දැන් අහිමිවෙලා ගිය අපේ සුන්දර ළමා කාලෙ වගේ. හැමදේම ආයෙත් ඒ විදියටම පටන්ගන්න තිබුනනම්.
Deleteඅඩේ ප්‍රියෝ.. විහිලු නෙවෙයි බං... සිරාවටම ලියහ බං ආයෙ. ප්ලීස්..
Deleteඑල බන් පට්ට ඉට්ටෝරිය...අපි තාම පොඩි උන් හින්දා ඔයිට වඩා නම් කියන්ඩ දේවල් නෑ බන්!
ReplyDeleteඅපිත් පොඩියි තමා බං... එල එල.. තැන්කූ...
Deleteඉටපිය! පොඩි නිංදක් දාලා ඇවිත් මේක පලු අරිංට.
ReplyDeleteතොපිට අපි දහදුක් විඳලා දාපුවා බලංටවත් ආවේ නෑ, නරි!
http://madhumadhavi135.blogspot.com/2015/08/01.html
පළමුව,
Delete“කෝ යකෝ ගියපාර පෝස්ට් එකට අපිට උත්තර? අපි ඔටුවොද?“
දෙවනුව,
උඹට වෙල්කම් කියලා වැඩක් නෑ. උඹ මේ වගේ එකක් දාලා මාස ගානක් වල්කමේ යනවා. (හෑ...මාත් එහෙමනෙ ඉතිං).
තෙවනුව,
උඹේ ලියන රටාව සැබෑ වෙනසක් වෙලා. වෙනස කොහොමත් අපූරුයි. ඉස්සර වගේම ගීත වලට පසුබිම් කතා ගොඩනගන්න හැකියාව අඩුවක් නෑ. (හැබැයි, ඔය කතාවෙ කියන විදිහට පිරිමියෙක් වෙනස් වෙනවානං ඒකත් පුදුමයි තමා)
මුලින්ම... //තොපිට අපි දහදුක් විඳලා දාපුවා බලංටවත් ආවේ නෑ, නරි! //
Deleteමේක දැක්ක ගමන් රෙද්ද කඩාගෙන මං උඹේ බ්ලොග් එකට ගියේ. යකෝ එතකොට මේ තියෙන්නෙ.. මං කියන්නෑ ඉතින්..
http://madhumadhavi135.blogspot.com/2015/08/01.html?showComment=1440432808757&m=1#c6284062932884810566
ඒත්...මේ.... කලින් පෝස්ට් එකේ රිප්ලයි ගැනනම් ඔන්න මං ඉතින් නකුට ගහගන්නවා කකුල් දෙක අස්සෙ!!
අම්මප වෙල්කම් බැක් කියන්නෙපා මචෝ.. එහෙම උනොත් ඊලඟ පෝස්ට් එකටත් කියන්න වෙන්නෙ ඒකම තමා!
පට්ට සතුව්බං උඹලගේ කමෙන්ට්ස් කාලෙකින් මෙහෙම දකිනකොට. ඒ වගේම ආයෙ ලියපු එක මටත් පහුගිය මාස ගානක ජීවිතේ අඩුව මැකුන වගෙයි.
එදා මගේ පළවෙනි පෝස්ට් එකට පළවෙනි කමෙන්ටුව දැම්මෙ උඹයි. මම රූප ඇඳිල්ල පටං ගත්තෙත් උඹේ පොෆයිල් පික් එක ඇදලා. හරි දුකයි බං අද වෙනකොට වෙලාතියෙන වෙනස ගැන. ඒකයි ඒ ගැන මතක් කලේ. උඹ එහෙම ආවෙ නෑ කීව ගමන් රෙද්ද කඩාගන්න බවනං දන්නවා ආවත් නාවත්.
Deleteඅනේ සමාවෙයන් මාධවියේ.. උඹට කේන්ති ගියා වත්ද? බොලාට තේරෙන්නෑ බොලං මට තියෙන පුරස්න.මාත් හෙන අවුලෙන් ඉන්නෙ බ්ලොග් ලෝකෙන් මෙහෙම මිදෙන්න උනාට. කොහොම උනත් මචෝ.. පුලුවන් හැමවෙලේම මම උඹල බලන්න එනවා.ඒත් සමාවෙයන් මචො.
Deleteහිකිස් ...........
Deleteසමාවෙන්න බෝපතකට කඳුළු බිංදු වැටුනා..
ඔයයි මමයි මේ මළුවෙදි එකතු වෙන්න පැතුවා..
දරා ගන්න බැරි ගින්දර බෝ සමිදුට කිව්වා..
අමාවකට අව සිහියෙන් සඳ බලන්න දිව්වා..
මංගල මුදුවට ආයුශ මාස තුනක් විතර..
කවුරුන් හෝ නොදැන ඇවිත් නිතර අපේ ගෙදර..
වේල් පිරිත් තොවිල් පවිල් කරත් නිතර නිතර..
හැමතිස්සෙම ඔයයි මමයි වෙන්නෙම අඩ දබර..
සමාවෙන්න බෝපතකට...
ඉරි තල තල දෙදරනකොට ලෙන්ගතු හද පතුල
මූසිලගේ වීණා හඬ වාගෙයි මුළු ලොවම
මා ආදර පෙම්වතියට නොදැනෙන හද සුවඳ
සාදාරණ වෙන කාටද ජීවත්වන තුරුම
සමාවෙන්න බෝපතකට...
ගායනය - චන්දන ලියනආරච්චි
සංගීතය - ජයසිරි අමරසේකර
එහෙම කීවමවත් මධුව මට අනුකම්පා කරයිද සිංදුවෝ..
Delete//“කෝ යකෝ ගියපාර පෝස්ට් එකට අපිට උත්තර?//
Deleteඔන්න මචෝ ඒ වැරද්දත් හරිගැස්සුවා...
මනෝෂ්...................
ReplyDeleteමචං කාලෙකට පස්සේ දැක්කා වුණත් අර සුන්දර ලියැවිල්ල ඒහෙමයයි.... සුන්දරයි... ලස්සනයි...
දැන්වත් දිගට ම ලියන්න බ්ලොග් ලෝකේ පැත්තේ සැරිසරන්න හැකි තත්වයක ඉන්නවාද????? උඹලා හැමදාම ඉන්නවානම් තමා අපිටත් ලියන්න හිතෙන්නේ..... මොනවා වුණත් හරිම සාර්ථකයි... හැබැයි මේකට මෙන්ඩාගෙයි පත්තරයාගෙයි සම්බන්ධයක් තියෙන නිසයි ගැටලුව...... ඒක උං ඒක්කම විසද ගන්න වෙනවා.......
බොහොම ස්තූතියි ගී පවුරේ.. එදා ලෙංගතුකම උඹල හැමෝගෙම අදත් එහෙමමයි. මාව මෙච්චර දුරක් ගෙනාවෙ උඹලා.
Deleteඅනේ මංද බං, ආයෙනම් කවදාවත් ඉස්සර වගේ බ්ලිග් එකේ ඉන්න පුලුවන් කාලයක් එන්නෙ නැතිවෙයි.දවසම කම්පියුටරේ ඉස්සරහට වෙලා ජොබ් එක කරපු ඒ කාලෙ බ්ලොග් එක මගේ ඇඟේම කොටසක් වෙලා තිබුනේ. අපි හැමෝම එකට නැති මේ කාලෙ මහ පාලුවක් කම්මැලිකමක් තම්‍යි තියෙන්නෙ මචං. ඒත් පුලුවන් හැමවෙලේම මොනාහරි කුරුටුගාමු අපි හැමෝම.
අඩෝ..කුරැට්ටෝ (පොඩ්ඩක් හිටහන් සරම කරට ගන්නකන්)
Deleteමේවා අපේ බ්ලොග්...සර්ලා කියලා නෑ..ලියන්නෙ නැති එවුන්ට ඉරට්ටක් අරන් ගහනවා පුකේ පාර හිටින්න..
මනෝ
මගේ ෆෝටෝ එකක් දාලා කුරැට්ටෝ පොස්ට් එකක් ලියලා තිබුනා දැක්කද? ඒ වැටිලා නෙමෙයි මහන්සියට පොඩ්ඩක් හාන්සි වුනා..
අනිව මචෝ අනිව. නොලියන උන්ට ගහපිය පාර හිටින්න.
Deleteඒ දාපංකො බං ඒ ලින්ක් එක.මටත් උඹේ පොටෝව බලන්න.
හම්මේ බං කාලෙකින්.
ReplyDeleteඒකනම් ඇත්ත සහෝ.. ඉතින් කොහොමැයි ජීවිතේ?
Deleteසංසාර සාගරේ ....
ReplyDeleteආයේ අාපු එක කොයියම්ම තරං දෙයක්ද අමං්‍ාරුවෙන් හරි අපිවගේ ලියලා බ්ලොග් ලෝකේ ලස්සන කරමු..
දුවෙක් ලැබුණම බොටත් ඔය හැගීමම දැනෙයි..
ජ ය වේ වා !!!
හප්පච්චියේ ඇති යන්තම්.. මේකට රිප්ලයි එකක් දාන්නම දුන්නෑ බං මේ අන්දිරිසයි, කොරෝමයයි. දැන් මේ වෙබ් වර්සොන් දාගත්තම හරිගියේ..
Deleteමගේ දුවට ඉතින් උඹට සීයා තමා කියන්න වෙන්නෙ අයියන්ඩී....
මිස් වෙලා තිබ්බ කියහංකො... ආයෙ මිස් නොවෙන්න රෝලෙ එල්ලුව...
ReplyDeleteඑල එල.. මටත් තියෙනවා බං රෑනක් රෝලෙ එල්ලගන්න. අලුත් මූණු ගොඩයි.
Deleteඔන්න මමත් මුල් වතාවට මේ පැත්තට ගොඩ උනා මචෝ.
ReplyDeleteමේ වගේ ගුරුවරු හැමෝටම හම්බ වෙන්නෑ ඒකටත් පිං කරලා තියෙන්න ඕන...
උඹවත් බොහොම සාදරයෙන් පිලිගන්නවා මචෝ... සමාවෙයන් රිප්ලයි පරක්කු උනාට.
Deleteඑල ඈ... ඇනෝ කොහොමත් දස්සයා..උන්දැලාගේ දස්සකමෙන් ප්‍රයෝජන ගන්න උඹලත් වාසනාවන්තයෝ මචන්..තාත්තෙක් නොවුනත් මාත් බාප්පෙක්.. සිරාවටම දැනුනා වචන ටික..
ReplyDeleteඅනිවාර්යයෙන්ම, අපේ සින්දු ඇනෝ කියන්නෙ අපිට විශ්ව කෝෂයක්..
Deleteදැන් කවුද ඉතින් අපේ මේ ඇනෝ??