" ෆෝන් එක බ්‍රික් උනානම්, බයවෙන්නෙපා..."
සුපුරුදු ශෛලියෙන් අපගමනය වෙලා අද මං මේ ලියන සටහන නම් මෙතෙක් කල් ලියපු සටහන් වලින් සපුරාම වෙනස් මුහුණුවරක් ගනී. වෙනදා ඔබට සුපුරුදු ගී විචාර, ගී සංවේදනා හෝ හද සසල කරවන සිදුවීම් මොකුත් නෑ අද ලියන මේ සටහනේ. මේකත් මං මුහුන දුන්න අත්දැකීමක්ම තමයි. ඒත් ඒ අත්දැකීම ඔබත් එක්ක බෙදාගන්න තරම් වටිනා අත්දැකීමක් විදියටයි මට හැඟෙන්නෙ. මොකද මේකෙන් සමහර විට ඔබටත් යම් පමණක හෝ ප්‍රයෝජනයක් අත්වෙන්න ඉඩ තියෙනවා. අඩුම තරමෙ ඔබ දන්න කියන කෙනෙකුට හෝ.
සිද්ධිය මේකයි.හැමෝටම ඇන්ඩ්‍රොයිඩ් උණ හැදිල තියෙන මේකාලේ මටත් ටිකෙන් ටික ඔය උණ බෝවුණා. එහි උත්සන්නතම අවස්ථාවෙදි මාත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක හිමිකරුවෙක් උනා. ඒක සැම්සුන්ග් ගැලැක්සි වර්ගයේ එකක්. ඒත් ඒක කොරියන් වර්ෂන් එක. ඉතින් මේ විශය ගැන දන්න ඕනි කෙනෙක් දන්නවනේ කොරියන් සොෆ්ට්වෙයාර් එක්ක ඒ දුරකතනය අපේ රටේ පාවිච්චි කරන්න බැරි බව. ඒ නිසාම මං ගත්තෙත් අර පොදු ව්‍යවහාරයේ කියන විදියට "ඉන්ටර්නැෂනල් කන්වර්ට්" කරපු එකක්.
ඉතින් කිසිම අතුරු ආබාධයක් නැතිව මං මේක ටික කාලයක් පාවිච්චි කලා. ඒත් එක් අහඹු සිදුවීමක් අද මං මේ පෝස්ට් එක ලියන තත්වයට මාව පත් කරල ලොකු කතන්දරයක් බිහිකලා. ඒක උනේ මෙහෙමයි, සැම්සුන්ග් දුරකතන පරිගනකයට සම්බන්ධ කරන KIES කියන මෘදුකාංගය ඔන්න මගේ ලැප්ටොප් එකෙත් තිබුනා. ඉතින් පරිගනකය අන්තර්ජාලයට සම්බන්ධව තිබීමත්, KIES බැක්ග්‍රවුන්ඩ් එකෙන් run වෙමින් තිබීමත් මගේ ගැලැක්සි දුරකතනය පරිගනකයට සම්බන්ධව තිබීමත් කියන මේ කාරණා ත්‍රිත්වය මගේ දුරකතනයේ බ්‍රික් ත්‍රිකෝණය හරි අපූරුවට නිර්මාණය කලා!!
ඉතින් මේ අවශ්‍යතා තුනම සම්පූර්ණ වෙලා තිබුන නිසා KIES මෘදුකාංගය මට පෙන්නුවා මගේ දුරකතනය සඳහා අලුත්ම මෘදුකාංග යාවත්කාලීනවීමක් තිබෙන බව. ඒ කිව්වෙ latest software update එකක්. ඉතින් කොහොමත් හැම වෙලේම අලුත් වෙලා ඉන්න කැමති මං කියන පමාවෙන් මේ අප්ඩේට් එක ගන්න කැමැත්ත ප්‍රකාශ කලා. ඉතින් එහි අවසාන ප්‍රතිඵලය විදියට ගිගාබයිට් එකකට ආසන්න data ප්‍රමාණයක් කා දමමින් මගේ දුරකතනය එහි අවසන් සංස්කරණය දක්වා අප්ඩේට් උනා. ඉතින් මට දැන් හරි සතුටුයි!
බැලු බැල්මට වැඩි වෙනසක් තිබුනෙත් නෑ. ඒ නිසා මං ඉතින් අවුලක් නැතිව පාවිච්චි කරගෙන හිටියා. ටිකක් වැඩිපුර කොරියන් ඇප්ලිකේෂන් ටිකක් එහෙමනම් තිබුනා. ඒත් මං ඒ ගැන එච්චර හිතන්න ගියේ නෑ. ඔන්න එදා ටිකක් හවස්වෙලා මං පොඩි උවමනාවකට SMS එකක් යවන්න හැදුවා. මෙන්න බොලේ අකුරු හැට පනිනකොට ඉබේම SMS එක MMS එකක් වෙනවා. දෙතුන් පාරක් ට්‍රයි කලා. ම්හු..! හරියන්නෑ. ඔන්න ඒත් එක්කම මට වැඩේ මීටර් උනා. කොරියන් වර්ෂන් එකේ තියෙන ප්‍රධානම රෝග ලක්ෂණය තමයි මේ. ඒ කියන්නෙ SMS එකකඅකුරු හැටකට වඩා type කරන්න බෑ.
හරි! ඒ කියන්නෙ මගේ ෆෝන් එකට වැඩේ සිද්ධවෙලා. සිද්ධ වෙලා නෙවෙයි, යස අගේට තිබ්බ ෆෝන් එකට මං වැඩේ සිද්ධ කරලා. ෆෝන් එක ආයෙමත් කොරියන් වර්ෂන් එකට මාරුවෙලා. දැන් හොඳයිනෙ. මගේ තියෙන අවුලක් තමයි මගේ දෙයකට මොකක් හරි උනොත් ඒක හදාගන්නකල් මට තියෙන්නෙ පුදුම නොඉවසිල්ලක්. හරියටම කිව්වොත් පුදුම කුලප්පුවක්! මං කල්පනා කලා දැන් මොකද කරන්නෙ කියලා. මගේ තියෙන අනිත් දුර්වලතාවය තමයි මට විස්වාස මාව විතරයි. අනික මං කැමති නෑ වැඩක් කරගන්න ගිහිල්ලා තැන් තැන්වල රස්තියාදුවෙන්න. ඒ වගේම එක එකාගෙ ගෑස් බලන්න. ඉතින් ඕකෙ අවසාන ප්‍රතිපලය උනේ රුපියල් පන්සීයෙන් කඩේකට දීල කරගන්න තිබ්බ වැඩේ, ඒ කියන්නෙ ෆෝන් එක ආයෙමත් ඉන්ටනැෂනල් කන්වර්ට් කරගන්නෙක මා විසින්ම කිරීමට තීරණය කිරීම. මං සාමාන්‍යයෙන් එහෙමයි. මට මගේ වැඩ මංම කරගන්නෝනි. මුලින් තිබුන මගේ N95 එකේ රිබන් එක අවුල් වෙච්ච වෙලාවෙ යූ ටියුබ් එකෙන් බලාගෙන ෆෝන් එක ගලවගෙන රිබන් එක මාරු කරගත්තෙ මංමයි. මුලින් ඒ වැඩේ කරගන්න මෙහේ තියෙන හොඳම ෆෝන් කඩේට ගිය වෙලාවෙ එතන එකා මට කිව්වෙ මේක හෙන සීරියස් වැඩක්, දවසක් විතර යනවා අරකයි මේකයි කතන්දර ගොඩයි.
ඉතින් යූ ටියුබ් එකෙන් බලාගෙන මේ වැඩේ කරගන්න මට පැය බාගයක්වත් ගියේ නෑ. ඊළඟ වතාවෙ මගේ ලැප් එකේ රයිටර් එක මාර්කරගත්ත එකත් මං කලේ ඉන්ටර්නෙට් එකෙන් බලාගෙනයි. ඒ නිසාම මට ඒ ගැන හොඳ විස්වාසෙකුත් තිබ්බ. ඒ නිසා මං වැඩේට බැස්සා. ඉතින් මේ වතාවෙ උදවු ගත්තෙ, මේ සම්බන්ධව තොරතුරු අඩංගු තාක්ෂණික බ්ලොග් වලින්. මේ වැඩෙට අවශ්‍ය ODIN කියන මෘදුකාංගයත්, අදාල ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එකත් තව අමතර ෆයිල් කිහිපයත් ඒ දාල තිබුන ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරගත්තා.
ඉතින් මං මේ කිව්ව හැම තාක්ශණික බ්ලොග් එකකම අනතුරු අඟවල තිබුනා මේ කරන දෙයින් ෆෝන් එක බ්‍රික්(BRICK) වීමේ අවධානමක් තිබෙන්න පුලුවන් කියලා. බ්‍රික් වෙනවා කියන්නෙ ෆෝන් එක කිසිම ජීවයක් නැති, ආයෙමත් සජීවී තත්වයට පත් කරන්න අමාරු නිකම්ම නිකන් ගඩොල් බාගෙක තත්වෙට පත් වෙන එකයි. කොටින්ම කිව්වොත් ෆෝන් එකේ මළගම. ඉතින් ඒ අවධානම ගැනත් ඔලුවෙ තියාගෙන කෝකටත් කියල මං මේ වගේ තාක්ෂණික දේවල් වලදි උදව් ගන්න අපේ නිමෝටත් කතා කලා. කතාකරල වෙච්ච වැඩේ ගැන කිව්ව. නිමෝත් මට දුන්න උපදෙස තමයි ඕක කරන්න යන්න එපාය කියන එක. කොහෙද, මං ඒ ඔක්කොටම වඩා බක පණ්ඩිතයනේ. ඕනි එකක් කියල ලැප් එකත් ළඟට කරගෙන මං වැඩේ පටන් ගත්තා. අවසන් වතාවටත් ෆෝන් එකේ තිරය දිහා බැලුවා. තිබ්බ photos, songs, videos වගේ වැදගත් දේවල් සියල්ලම ෆෝන් එකෙන් ලැප් එකට දාගත්තා.
පොතේ විදියට හැම දෙයක්ම උනා. ODIN software එක වැඩේ අවසන් කරලා sucessful කියලත් කිව්වා. හරි දැන් ඉතින් කියල තිබුන විදියට ෆෝන් එක විනාඩි කිහිපයකින් auto reboot වෙන්නෝනි. ඉතින් මං බලං හිටියා. විනාඩියක් ගියා, දෙකක් ගියා, පහක් ගියා..ම්හු, සද්දයක් නෑ. කොහොමහරි විනාඩි 15කටත් වඩා මං බලන් හිටියා. ඒත් කිසිම ප්‍රතිචාරයක් නෑ. දැන් දැන් මගේ පපුව ඩග ඩග ගාන්න ගත්තා. බැරිම තැන පවර් බටන් එකෙන් ෆෝන් එක ඔන් කරන්න බැලුවා. බෑ හරියන්නෙම නෑ. ඊළඟට ආයෙත් බැලුවා ඩවුන්ලෝඩ් මෝඩ් එකට ගන්න හැකිද කියලා. ඒත් බෑ.
දැන් මට සක්සුදක් සේ පැහැදිලියි, මගේ ෆෝන් එක බ්‍රික් වෙලා. ඒකියන්නෙ ඒක මැරිලා. හැමතැනම කියල තිබුන විදියට ආයෙ ගොඩ ඒමක් නෑ. දැන් ඉතින් කාට කියන්නද. මට කරන දෙයක් හිතාගන්න බැරිවුනා.
මං ආයෙත් ගූගල් දෙයියගේම පිහිට පැතුවා. search කලා බ්‍රික් වෙච්ච ෆෝන් එකක් unbrick කරගන්න පුලුවන්ද කියලා. එහෙම හොයද්දි එකම එක සාර්ථක විසඳුමයි හම්බුනේ. ඒ USB JIG එකක් පාවිච්චි කරල නැවතත් ඩවුන්ලෝඩින් මෝඩ් එකට ගන්න එක. ඒක ෆෝන් එකේ data cable pin එක සයිස් pin එකක් තියෙන පොඩි ගැජමැටික් එකක්. ඒක ෆෝන් එකේ data cable එක connect කරන තැනට ගැහුවාම ෆෝන් එක ඩවුන්ලෝඩින් මෝඩ් එකට වැටෙනව කියල තමයි කිව්වෙ.
USB JIG
තාමත් මගේ පණ්ඩිතකම ඉවර නෑ, දැනුත් මං කැමති නෑ මේක හදන තැනකට දීල බලන්න. මමනේ කඩාගත්තෙ, මටම දැන් හදාගන්න ඕනි. එහෙමයි මං හිතුවෙ. දැන් මට ඕනි JIG එකක් හොයාගන්න. ඇවිද්ද ටවුම පුරා. ඒත් වැඩක් නෑ, මෙහේ උන් එහෙම එකක් ගැන අහලවත් නෑ. ඒ ගිය හැම වෙලාවෙම ෆෝන් එකට වෙච්ච දේ කියල මං ඇහුව හදාගන්න පුලුවන්ද කියලා. හැම එකාම මට දුන්නෙ එකම උත්තරයක්. තියල යන්න, බලන්නම්, මේ වැඩේට ටිකක් වෙලා යනවා. සමහර විට ගොඩදාන්නත් බැරිවෙයි. ඔන්න ලැබුන උත්තර. ඉතින් මං නයා මැරිච්ච අහිකුණ්ඨකය වගේ අපේක්ෂා භංගත්වයෙන් ගෙදර ආවා.
මං ආයෙත් ගූගල් දෙයියගේම පිහිට පැතුවා. search කලා බ්‍රික් වෙච්ච ෆෝන් එකක් unbrick කරගන්න පුලුවන්ද කියලා. එහෙම හොයද්දි එකම එක සාර්ථක විසඳුමයි හම්බුනේ. ඒ USB JIG එකක් පාවිච්චි කරල නැවතත් ඩවුන්ලෝඩින් මෝඩ් එකට ගන්න එක. ඒක ෆෝන් එකේ data cable pin එක සයිස් pin එකක් තියෙන පොඩි ගැජමැටික් එකක්. ඒක ෆෝන් එකේ data cable එක connect කරන තැනට ගැහුවාම ෆෝන් එක ඩවුන්ලෝඩින් මෝඩ් එකට වැටෙනව කියල තමයි කිව්වෙ.
USB JIG
තාමත් මගේ පණ්ඩිතකම ඉවර නෑ, දැනුත් මං කැමති නෑ මේක හදන තැනකට දීල බලන්න. මමනේ කඩාගත්තෙ, මටම දැන් හදාගන්න ඕනි. එහෙමයි මං හිතුවෙ. දැන් මට ඕනි JIG එකක් හොයාගන්න. ඇවිද්ද ටවුම පුරා. ඒත් වැඩක් නෑ, මෙහේ උන් එහෙම එකක් ගැන අහලවත් නෑ. ඒ ගිය හැම වෙලාවෙම ෆෝන් එකට වෙච්ච දේ කියල මං ඇහුව හදාගන්න පුලුවන්ද කියලා. හැම එකාම මට දුන්නෙ එකම උත්තරයක්. තියල යන්න, බලන්නම්, මේ වැඩේට ටිකක් වෙලා යනවා. සමහර විට ගොඩදාන්නත් බැරිවෙයි. ඔන්න ලැබුන උත්තර. ඉතින් මං නයා මැරිච්ච අහිකුණ්ඨකය වගේ අපේක්ෂා භංගත්වයෙන් ගෙදර ආවා.
කල්පනා කලා ඊළඟට කරන දේ, දැන් තියෙන එකම විසඳුම USB JIG එකනේ. ඒත් එහෙම එකක් මේ අහල ගං හතකින්වත් හොයාගන්න නෑ. තියෙන ළඟම තැන තමයි e bay එක! ඒත් ඉතින් ඒකෙන් බඩු ගෙන්න ගන්න එව්වට පේමන්ට්ස් කරන්න මට ක්‍රෙඩිට් කාඩ් තියෙන එකක්යැ. ඔන්න ඔය ගැන කල්පනා කරකර ඉන්නකොට මට මතක් උනා අපේ සංචාරකයව. සංචාරකය ළඟදි පෝස්ට් එකක ලියල තිබ්බා කැමරා ආම්පන්නයක් e bay එකෙන් ගෙන්න ගත්ත කියලා. ඉතින් දෙපාරක් නොහිත මං මගේ අඳෝනාව සංචාරකයට කිව්ව. කිව්ව සැණින් නෑ බෑ නොකිය ඌ මගේ වැඩේ කරල දුන්නා.
හැබැයි බඩු ලංකාවට එන්න සති තුනක්වත් යනවලු අඩුම. ඉතින්, කොහොම ඉවසන් ඉන්නද. USB JIG එක කියන්නෙ හරි සරල මෙවලමක් බව අන්තර්ජාලෙ තිබුනා. K300 රෙසිස්ටරයකුයි micro USB pin එකකුයි විතරයි උවමනා මේක හදාගන්න.
මෙන්න මෙහෙමයි හදාගන්නෙ.
ඉතින් මං නිකං බලන් හිටියෙ නෑ, හදාගත්ත මේ භාණ්ඩෙ. පුදුම නොයිවසිල්ලකින් ගැහුව ෆෝන් එකට. ඒත්.. වැඩක් නෑ, කිසිම සද්දයක් නෑ. දැන් මං දන්නවා USB JIG එක ආවත් මේක ගොඩදාගන්න බැරිබව.
මෙන්න මෙහෙමයි හදාගන්නෙ.
ඉතින් මං නිකං බලන් හිටියෙ නෑ, හදාගත්ත මේ භාණ්ඩෙ. පුදුම නොයිවසිල්ලකින් ගැහුව ෆෝන් එකට. ඒත්.. වැඩක් නෑ, කිසිම සද්දයක් නෑ. දැන් මං දන්නවා USB JIG එක ආවත් මේක ගොඩදාගන්න බැරිබව.
ඉතින් මට හොඳ හොඳ තරු පේන්න පටන් ගත්තා. ඊළඟට හෙව්වා බ්‍රික් ෆෝන් අන්බ්රික් කරන ලංකාවෙ තැන්. කිහිප තැනක්ම හම්බුනා. ඉතින් කෝල් කරල ඇහුවා. මං කිව්වා මං අහවල් දිහා ඉන්නෙ, ඒ නිසා මට එක දවසින් මේක හදාගන්න ඕනි. මං උදේ ආවොත් එදාම වැඩේ කරල දෙන්න පුලුවන්ද කියලා. එකෙක් හරි උත්තරයක් දුන්නෙ නෑ. හැම එකාම කිව්වෙ, බලන්නැතිව කියන්න බෑ, කොච්චරවෙලා යයිද කියල කියන්න බෑ, හදන්න යන වියදමක් කියන්න බෑ. ගෙනත් දෙන්න හදල කෝල් කරන්නම්. ඔන්න උත්තර. ඉතින් දැන් මට පුලුවනෑ මෙහෙම තැන් වලට ෆෝන් එක යවන්න.
අනික මේ කියන උදවිය වැඩේ දන්නවනම්, ඒ ගැන expertලානම් කියන්න පුලුවන් වෙන්නැපැයි වැඩේ කරන්න මෙච්චර වෙලාවක් යනවා, මෙච්චර ගානක් යනව කියලා. මුන් දන්න වැඩක් නෑ, මේ කරන්න හදන්නෙ මගේ ෆෝන් එක පරීක්ෂණාගාර මීයෙක් කරලා ඒකෙන්ම අත්හදා බලලා හදන්න ට්‍රයි කරන්නයි. ඉතින් මං තව හෙව්වා.
ඔන්න ඔය වෙලාවෙ මට මගේ නිධානය පහල උනා. ikman.lk එකේ තිබුන ඇඩ් එකක කියල තිබුනා, ඕනිම බ්‍රික් ෆෝන් එකක් අන්බ්රික් කරනවා, mother board replace කරන්න අනං මනං කරන්න ඕනි නෑ කියලා. ගත්ත මං කෝල් එකක්. මගේ අවනඩුවා කිව්වා. කිව්ව ගමන් මෙන්න එහෙන් මට කියනවා, "ආ ඕක පොඩි දෙයක්, ගොඩදාන්න පුලුවන්, මට පැය දෙක තුනක් යන්නත් කලින් හදල දෙන්නත් පුලුවන්" කියලා. ඔන්න මගේ සියොළඟම කූල් වෙලා ගියා. ඒත් දැන් ඊළඟ ප්‍රශ්නෙ. මේ කියන shop එක තියෙන්නෙ මිනුවන්ගොඩ. ඉතින් මං කොහොමද එක දවසින් ගිහින් මේ වැඩෙත් කරගෙන ආපහු එන්නෙ.
අනික නිවාඩු දාන්නත් වෙනවා. ඊටත් වඩා කරගත්ත විනාසෙ ගෙදරටත් මාට්ටු වෙනවා. කනක් ඇහිලා ඉන්න වෙන්නෙත් නෑ. නමුත් මට කතාකරාපු පුද්ගලයා ළඟ ඒකටත් තිබුනෙ හරිම සරල විසඳුමක්. "ඔයා ඔහෙන් ෆෝන් එක කූරියර් සර්විස් එකකට බාර දෙන්න, එතකොට මට පහුවදාට හම්බෙනවා, මං ෆෝන් එක හදල එදාම හවස ඔයාට ආපහු රිටර්න් කරන්නම්" ඔන්න කිව්ව එක. ඉතින් මාත් තීරණය කලා ඒ ක්‍රමේට මේක කරගන්න. ඒත් දෙයියනේ, මං කොහොමද, ජීවිතේට දැකලවත් නැති නාදුනන අයෙකුට, නාදුනන තැනකට මේක යවන්නෙ. මනුස්සයා මේක හදල මට එව්වෙ නැති උනොත්? ඔන්න ඊළඟ ප්‍රශ්නෙ.
ඒත් ඉතින් ගෙදර ගියොත් අඹු නසී මඟ හිටියොත් තෝ නසී කියන තත්වයේ හිටපු මම අමාරුවෙන් උනත් හිත හදාගත්තා මේ කියන තැනට ෆෝන් එක යවල හදාගන්න. මේ තත්වෙන් තියාගෙන හිටියත් වැඩකුත් නෑනෙ. ඒත් ඊට කලින් මේ කියල තිබ්බ shop එකේ නමින් මං පොඩි ගූගල් සර්ච් පාරක් දැම්මා. මෙන්න බොලේ පෙන්නනවා. වෙනම වෙබ් සයිට් එකකුත් තියෙනවා. එසේ මෙසේ තැනකුත් නෙවෙයි, ෆොටෝ ගැලරියෙ තිබුනෙත් shop එකේ ෆොටෝ. බිම ඉඳල සිවිලිමට යනකල් ගොඩගහපු කම්පියුටර් සිය ගානක්, මේක කොරියන් වලින් කම්පියුටර් ආනයනය කරලා තොග වලට විකුණන තැනක්. ඉතින් මගේ දුප්පත් ෆෝන් කට්ට්ට විකුනගෙන කාල මේ මනුස්සයා රජ වෙන්නයැ.
ඉතින් ඔන්න ඔහේ ඕනි එකක් කියල මං මගේ ෆෝන් කට්ට හොඳට ඔතල කරල, පාංසකූලෙත් දීල කූරියර් එකට බාරදුන්නා හවස පහට විතර. මෙතන ඉඳල ඉතින් කාලෙ ගෙවුනෙනම් හරිම හෙමින්. කොහොම හරි ඔන්න පහුවදා දවල් දොලහ හමාරට විතර මට එනව කෝල් එකක්. එන්නෙ මං ෆෝන් එක යැව්ව තැනින්. මං හිතුවෙ එකත් එකටම ෆෝන් එක එයාට හම්බුනා කියල කියන්න කෝල් කරනවා කියලයි. මං ආන්ස්වර් කලා. මෙන්න දෙබස;
" මේ මනෝෂ්ද?"
" ඔව්"
" ආ.. ඔයා නේද එස් 2 එකක් කූරියර් කරල එව්වෙ?"
" ඔව්, ඔව්.."
" මට පොඩ්ඩක් ඒකෙ පාස්වර්ඩ් එක කියනවද!!"
ඔන්න ඔහොම ඇහුව ගමන් මට තව ඩිංගෙන් පුටුවෙනුත් නැඟිට්ටවෙනවා. මෙන්න පොරවල්! සුපිරිම එක්ස්පර්ට්ලා. ඇයි මේ පාස්වර්ඩ් එක අහන්නෙ. ඒ කියන්නෙ මේ පොර ෆෝන් එක හදල ඔන් කරලත් ඉවරයි. ඉතින් සීයට දසම ගානක විතර විස්වාසයක් තිබුන මට මේක ලොකු පුදුමයක් උනා.
ඔන්න ඉතින් පාස්වර්ඩ් එකත් කිව්වා කියමුකො, ඊළඟට මෙන්න අහනවා,
" ෆෝන් එකේ වෝල් පේපර් එකට දාල් තියෙන්නෙ ලේඩි කෙනෙක්ගෙ ෆොටෝ එකක් නේද?"
ඔය ඇහුවෙ මං වෝල්පේපර් එකට දාඅගෙන හිටපු මගේ කවිකාරිගේ ෆොටෝ එක ගැන. ඔන්න, ඉතින් වැඩේ confirm!
ඉතින් ඔන්න ඔහොමයි මගේ මැරිල ගිය ඇන්ඩ්‍රොයිඩ් එකට ආයෙත් පණ ලැබුනෙ. ඉතින් මේ අවංක මනුස්සයා එදාම හවස ෆෝන් එක ආපහු මට return කලා. මං එයාගෙ එකවුන්ට් නම්බර් එකට එයාගෙ ගාස්තුව බැර කලා. බොහොම පොඩි මුදලක්. අපි වගේ අමාරුවේ වැටුන මිනිස්සුන්ට ඒ ගාන ඉතාම සාධාරණයි. කොහොමරි පහුවදා උදේම ආයෙත් ෆෝන් එක මගේ අතට ආවා. ෆෝන් එක යවල, හදාගෙන ආපහු ගෙන්න ගන්න පැය 24ක්වත් ගියේ නෑ.
හරි, දැන් මං මේ සිද්ධියේ කියවන ඔයාලට වැදගත්ම කොටසට එන්නම්. මොකද මට වෙච්ච මේ අකරතැබ්බය කියෙව්ව කියල ඒකෙන් ඔයාලට ඇති සෙතක් නෑනෙ. ඉතින් මේ කියන්නෙ මං වැටිච්ච අමාරුවෙන් මාව ගොඩ දැම්ම මේ ෆෝන් repair කරපු තැන විස්තර ටික. ඉතින් ඔයාලටත් මේ වගේ ප්‍රශ්නෙකට මුහුණ පාන්නට උනොත්, ඔයාලගේ හිතවතෙක්ට මෙහෙම උනොත් බය නැතිව යන්න කියල මට මෙතන රෙකමදාරු කරන්න පුලුවන්.
මෙන්න විස්තර ටික,
Name : Asanka Indika
Tel : 0777 494868
Email:ardentpvtldt@yahoo.com
Address : 247/1,Negombo road
Yatiyana,Minuwangoda.
Web : http://www.ardent.lk
Tel : 0777 494868
Email:ardentpvtldt@yahoo.com
Address : 247/1,Negombo road
Yatiyana,Minuwangoda.
Web : http://www.ardent.lk
ඉතින්, මං ඔබට දෙන අවවාදය තමයි, අත්‍යාවශ්‍යම කාරණයකට හැර ඔබේ දුරකතනය Root කරන්න, Custom ROM ගහන්න, Version Upgrade කරන්න හදන්නෙපා. ඒත් ඉතින් බැරිවෙලාවත් එහෙම උනොත් එච්චර බයවෙන්නත් එපා, මේ අසංක ඔයාලට ඒ ෆෝන් එක හදල දෙයි.
ඉතින් මට වෙච්ච මේ අකරතැබ්බය සමීපතම බ්ලොග් සහෘදයාන් කිහිප දෙනෙකුත් දැනගත්තා. මං අර උඩින් කිව්ව වගේ අපේ සංචාරකයට අමතරව ප්‍රියාත් මහන්සි ගත්තා මේක හදගන්න තැනක් හොයාගන්න මට උදවු වෙන්න. ඒ වගේම අපේ සිංදු ඇනෝත් මේක දැනගත්තා.
දැන් ඉතින් මේ ලිපියෙ අවසානයට ළඟයි. කට්ටිය හොයනවද අද මූ මේකට දාන සිංදුව මොකද්ද කියලා? මෙතෙක් කල් මං ලියපු හැම ලිපියකටම ගීතයක් සම්බන්ධ උනා අවසානයේදී. ඒත් බොලේ මේ සිද්ධියට ගැලපෙන ගීතයක් කොහෙන් කියල හොයන්නද. ඉතින් මං ඔය කතන්දරේ විහිළුවට වගේ කිව්ව අපේ සිංදු ඇනෝට. ඒක කිව්වෙ ගූගල් චැට් එකක. හිතාගන්න පුලුවන් නේද වෙච්ච දේ? විනාඩියක් යන්න කලින් අපේ සිංදුවා දැම්ම නේද සිංදු පෝලිමක්!! මට අදගන්න බැරිවුනා. ඒ හැම එකක්ම මේ සිද්ධියටත්, ජංගම දුරකතනයටත් සම්බන්ධ ගී නිර්මාණ!!
ඉතින් මේ වෙලාවෙදි මං ඒ ගී එකක් වත් මෙතන දාන්නෙ නෑ, මොකද ඒ ගෞරවය හිමිවෙන්නෝනි අපේ සිංදු ඇනෝටමයි. ඒ නිසා මං අපේ ඇනෝට ඉතාම සහෝදරත්වයෙන් ඇරයුම් කරනවා ඒ ගී වලින් මේ පෝස්ට් එක හැඩකරන්න කියලා.
හැක් ,හැක්
ReplyDeleteෆෝන් ඒක කැඩුනා ...!!!
මල කෙලියයි ආයෙත් මට කෙළ වෙච්චි
බිමට වැටිලා ෆෝන් කට්ට කුඩු වෙච්චි
තනිය මකන්නට කවුරුත් නැති වෙච්චි
අලුත් එකක් අරන් දෙන්න අප්පච්චි
http://kasundaya.blogspot.com/2013/12/1.html
බිම වැටිල කුඩු උනානම් හිත හදාගන්න තිබ්බ බොලං.
Deleteඒක නෙවෙයි, කිව්ව විදියටම ගීතයක් ලබා දුන්නට සිංදු අපේ ඇනෝ උඹට තැන්කූ..
//බිම වැටිල කුඩු උනානම් හිත හදාගන්න තිබ්බ බොලං.// ඔව් ඉතිං උඹ ඉල්ලන්නෙ වළදලා තියෙන්නෙ,, හරිම වචනය, ඉල්ලන් නෙමේ උදුරන් වළදලා. :D
Delete@ ප්‍රියා ෆෝන් එක කැඩිලා මු මෙහෙම ඇඩුවානම් වෙන එකක් කැඩුනොත් .... :-(
Deleteලැජ්ජාවේ බෑ යකූ............
Deleteඑහෙනම් විනාශයි බං, සිංදු ඇනෝ :)
Deleteහ්ම්!! තොපිටත් උනහම තේරෙයි. එදාට මං කියන්නම්කො!
Deleteතමන් ##ට තම අතමය - සැනසිල්ල !!!!!
Delete- උගත් පාඩම් කොමිෂන් සභාව -
ආ..උඹ ආවද? මං මේ අදත් බලල පොලීසියේ පැමිණිල්ලක් දාන්න හිතුවෙ.
Deleteඅවසන් වරට දුටු විට කිසිවක් ඇද සිටියේ නැත කියලා දාපන්.
Deleteසඳුමල් >>>>> Download Now
Delete>>>>> Download Full
සඳුමල් >>>>> Download LINK
>>>>> Download Now
සඳුමල් >>>>> Download Full
>>>>> Download LINK Bj
දුරකතනයකින් මම ඔබ අමතමි හමුවිය නොහැකි නිසා...
ReplyDelete- ඇච් ආර් ජෝතිපාල
SMS
- ඩැඩී බෑන්ඩ්
දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි
Deleteසැප දුක් සොයා බලන්න
මගෙ දුරකතනයෙ අංකය මතකද
මොහොතක් කතා කරන්න //
රුව දැක ගැන්මට පින් නැත දැන් මට
මතක් උනත් සන්තෝෂයි
කෙලින්ම සවනට රැගෙන ඔබේ හඩ
අහගන්නට හරි ආසයි //
දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි...
ඇසිපිය හෙලනා තරමට වැඩියෙන්
ඔබ ගැන මට සිහිවෙනවා
ඉකිබිඳ හඬනා කිරි දරුවකු මෙන්
මගෙ හදවත වැලපෙනවා //
දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි...
ගායනය - මිල්ටන් පෙරේරා
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - කරුණාරත්න අබේසේකර
@මාතලන්,
Deleteඅන්න එහෙම තිබ්බ දුරකතනයට මෙහෙම එකක් උනානම් තමා වැඩේ!
@සින්දු ඇනෝ,
Deleteකරුණාරත්න අබේසේකරයන්ගෙ අපූර්වතම පද රචනයක්. සමහර විට සැබෑ අත්දැකීමක් වෙන්නැති.
මතකයිනෙ,
එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි සිරගෙයට ඇගේ
දිවා රැයේ වැලපිලා දෑස ඈගෙ රතුවෙලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කනට ළං වෙලා
සන්දේශයකින් යවන්න මෙ දුක උන් අතේ
හංස ගිරා ලිහිණි කොවුල් කුරුල්ලන් නැතේ
සුළඟේ මා අසරණයි මට ඇති වස්තුව ඇයයි
කීවොත් මගෙ දුක සදහට ඔබට මා ණයයි
ශෝක පණිවිඩය යවන්න ආදරිය බලා
කාලිදාස කිවිඳු මේඝ දූතයක් කළා
මට කොයින්ද එම වලා ආමි සුළඟේ ඔබ බලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කනට ළං වෙලා"
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය සහ ගායනය - තිලකසිරි ප්‍රනාන්දු
මල් නෙලන්න
Deleteපන්සල් නොයන්න
ජයම ගන්න
කොඩිය ගන්න //
දුරකථනෙන්
නිවන් යන්න
මහපාරෙන්
ඉවත් වෙන්න
ජයම ගන්න
කොඩිය ගන්න
මල් නෙලන්න
පන්සල් නොයන්න
පොලොව එක්ක
තරහ වෙන්න
ආකාසේ
මුදුනටම යන්න
තරුවක්
විජිතයම කරන්
මහ පොළොවට
හිනාවෙන්න
මල් නෙලන්න
පන්සල් නොයන්න
ජයම ගන්න
කොඩිය ගන්න ////
ගායනය - ස්කිට්සෝ, ගී පද - සුදන්ත මාධව
අඩේ..ඕං බනින්න ඔට්ටු නෑ, අදමයි මේ සිංදුව දැක්කෙ.
Deleteමෙන්න ...https://www.youtube.com/watch?v=vtcldJEIK7E
Deleteඔන්න ඩවුන්ලෝඩ් කරගත්තා. ගෙදර ගිහින් තමයි හැබැයි අහන්න වෙන්නෙ.
Deleteමේක සිංදු ගබඩාවක්නෙ බං!!!
Deleteසහතිකෙන්ම ඇත්ත මචෝ..
Deleteහිටපන් බලන්න අපේ බාෂාවෙන්ම එකක් දාන්න ..
DeleteI'll be the wind in your leaves
The warmth of the sun
I'm always drawing your colours
I'm always tracing your footsteps
It's a hard world it's a cold world
i could never say what I mean
I went looking in all the wrong places
There's nothing wrong with you
Broken telephone
The lines are down
The wires no longer reaching
Connection's gone
Higher and higher
I am taken by what you've given to me
Higher and higher
I am taken by what you've given to me
What you've given to me
I'll be the wind in your leaves
The warmth of the sun
I'm always drawing your colours
I'm always tracing your footsteps
It's a hard world it's a cold world
I could never say what I mean
i went looking in all the wrong places
There's nothing wrong with you
Broken telephone the lines are down
I throw myself at nothing
I throw myself at nothing
Higher and higher I am taken by
What you've given to me.....
https://www.youtube.com/watch?v=YBBG0Xw_BE8
හප්පා... ඇල් වතුර ටික වගේ තේරෙනවා.
Deleteඅම්මට හුඩු උඔලාට කියන්න ඔය ඉන්ගිරිසි සිංදුව ඇහනකොට මචංලා ඇස් දෙකෙන් කදුලු කැට සට සට ගාලා වැටෙනවා ඒ තරම් දුකයි මචං...
Deleteමොකක්ද ඇහැව්වේ සිංදුවේ තේරැම දුක හිතෙන සින් එකක්ද කියලා?
ඒක තමයි ඇඩෙන්නේ ඒ කාලේ ඉන්ගිරිසි ටිකක් ඉගන ගත්ත නම් අපිටත් ඕකේ තේරැම් ගන්න තිබුනා...
ඒක තමයි බොල මාත් මේ ලේන්සුව මිරිකනවා, කඳුලු බේරෙනවා දිය රෙද්දෙන් වගේ.
Deleteඒකට නම් මටත් ඇඬුනා බොලවු! එකෙන්ම. :'( :'( :'(
Deleteඒකාලෙ අපේ ඉංගිරීසි ටීචලා කිව්වෙ සහතික ඇත්ත යකූ. ;)
ඉංගිරිස් ටීචර් එනකොට කොට තාප්පෙන් පැනල ගිය එවුන්ට දැන් නම් පුදුම සනීපයක් දැනෙනවා ඇති.
DeleteI just call to say I love you....
DeleteI just call to say how much I care..
I just call to say I love you...
And I mean it from the bottom of my heart....
අනේ අම්මේ මදැයි කොලා ....
Deleteඅපේ බාශාව මට තේරෙන්නේ නැති නිසා උඹලගෙන් අහගන්න ගියා මදැයි ...
ඇයි මචන්ලා ඔය සින්දුවේ ටෙලිෆෝන් කියලා තියෙන්නේ .ඒ මදැයි ;-)
අනේ මාතේ උඹට විහිළුවක් වත් තේරෙන්නේ නැද්ද ...බනින්න තරම් වැරද්දක් කලේ නැනේ මචෝ ..;-)
මහ වැසි වැටෙනා
Deleteසුළං කැරලි මැද
උඩු සුළඟේ ගිය පියා පතක් සේ
සුරත වනා ඔබ නිවාඩු කාලේ
ගෙදර ගියා මතකයි...
මහ වැසි වැටෙනා...
අඹ දඹ නාරං තුරු අතු පිරිලා
ගේ දොරකඩ වැහි වතුරට තෙමිලා
දෙගුරුන් මැද්දේ මා හඬ ඇහිලා
කෙලෙස කුමක් කරමින් ද හිඳින්නේ
මහ වැසි වැටෙනා....
දුරකථනය වුව අප ළඟ ඇති මුදු
එයටත් ගොළු වී හිඳින්න වන්නේ
අකුරු උගත් මුත් ගොළු භාෂාවයි
යටි හිත රඳවා සිහියට එන්නේ
මහ වැසි වැටෙනා...
මෙහෙම හිඳිනු බෑ තනියම වෙන් වී
කවද ද නිවාඩු හමාර වන්නේ
ගම හැර ආපසු ආ පසු පමණයි
මේ චංචල හිත නිසසල වන්නේ
මේ චංචල හිත නිසසල වන්නේ...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු
ගායනය : විජේසිරිවර්ධන පොළොන්නෝවිට
හා ඕං මං ගානෙ ඉංගිරිස් ෂිංදුවක්
Deleteහලෝ හනී බනී
ට්‍රිරිං රිං රිං රිං රිං
හලෝ හනී බනී හනී බනී
ටොකෝ ටොකෝ ……
@මාතලන්,
DeleteEvery Nights in my dreams
I see you.. I feel you...
That's how I know you
Go on...
@සිංදු ඇනෝ..
Deleteඑන පොට හොඳ නෑ කෙලි ගන් ගෙට කිව්වලු.
මචෝ, අර දාල තියෙන අනිත් සිංහල සිංදුවනම් එකෙන්ම උපරිමයි. සෙයිලමේ නැවතිලා ඉන්න ගොඩක් උන්ගෙ ඇස් වලට කඳුලු පුරවයි.
@පත්තරේ,
Deleteකියහංකො මචං හොඳ ඉතාලි නම්බර්ස් එකක්!
ආ එහනම් මගෙනුත් බොබා ෂින්දුවක්
Deleteබෆෝලෝ සෝල්ඡර්...
පැන පැන ආවා..
එලවලු කොටුවේ...
දලු කොල කෑවා...
හා හා හරි හාවා
Deleteකැලේ මැදින් ආවා
හිටගෙන ගඟ ගාවා
වටපිට ඇහැ ලෑවා..
උඩින් උඩින් එන පෙත්තප්පු
Deleteබිමින් බිමින් එන පෙත්තප්පු
ඇඟ කොළ පාටයි - හොට රතු පාටයි
සින්දු කියන පොඩි පෙත්තප්පු…
කජු ගහ මුදුනේ කොල අස්සෙන්
සර සර ගාලා පියාඹමින්
පිහාටුවක් මට දීලා යනවද
තරහ නැතුව පොඩි පෙත්තප්පු..
එගොඩ ගොඩෙත් රත්තරං
Deleteමෙගොඩ ගොඩෙත් රත්තරං
එගොඩ ගොඩෙත් මෙගොඩ ගොඩෙත්
ඇතෙක් බරට රත්තරං
තට්ටු දෙකේ බස් එනකන්
Deleteඉස්කෝලේ යන ලමයින්
රංචු ගැහී පාර දිගට
බලා ඉන්නවා
උඩ තට්ටුවටම නැඟලා
ඉස්සරහින් වාඩි වෙලා
සන්තෝසෙන් හිනා වෙවී
ඉස්කෝලේ යනවා…
තවකල් යනකොට අම්මේ
මේ වගෙ
තට්ටු දහය පහලොව ඇති
බස් ඒවිද අපිට යන්න?
එතකොට අපි
ඒ බස් වල
ඉහලම තට්ටුවට ගිහින්
හඳ හාවා අල්ලන්නට
ආකාසෙට යනවා…
හිනා ඉවරයි, පපුව පිච්චිලා ගියා මචං.
Deleteදුරකතනෙන් ඔබ අමතන විටදී
Deleteහිතට දැනුනෙ අපමණ සතුටක්
ඉවසිල්ලක් නෑ ඔබ වෙත එන්නට
දිවිය පුරාවට මගෙ කර ගන්නට …
- F L A S H • B A C K -
වැරදිච්ච දුරකථන අංකයටම
Deleteහැමදාම අමතන්නේ හිත දෙන්නද
දුරකතනයේ හඬට ඔබ මැවේ
ඔබටත් එසේදෝ මට වාගේම ...
https://www.youtube.com/watch?v=2SyINVnDjnQ
ඔයා මගේ හිත කියෙව්වා නේද!!!!!
Deleteමිස්ඩ් කෝල් ලව්!
Deleteමට නම් මචං මුලු පෝස්ට් එකම ග්‍රික් වගේ.. 38 D බ්‍රා එකක් 40 C කරන විදිහ ඇහැව්වනම් කියලා දෙන්න තිබුනා..හැබැයි මචං අර මිනුවන්ගොඩ ලිපිනය සහ දුරකතන අංකය වටිනවා මමත් ඉන්නේ ඔය ලගපාත. මගේ කාර්්‍යලයේ අයටත් මේ අංකය දෙන්නද?
ReplyDeleteහරි දැන් කියහන්කෝ උඔ කාටද අකුරැ 60කට වැඩි එස් එම් එස් එකක් යවන්න හැදුවේ?
දවසේ ප්‍රශ්ණය!!! දීපන්කො උත්තර!
Delete//උඔ කාටද අකුරැ 60කට වැඩි එස් එම් එස් එකක් යවන්න හැදුවේ?//
@මෙන්ඩියා,
Deleteමටත් ඔය ඇන්ඩ්‍රොයිඩ් මුල් කාලෙ ග්‍රීක වගේ තමයි බං. ඒත් ඉතින් හොයල හොයලම දැන්නම් එච්චර අවුලක් නෑ.
අනිවාරෙන්ම, මේ නම්බර්, තොරතුරු දෙන්න, කාටහරි ප්‍රයෝජනයක් වෙයිනෙ.
ප්‍රියෝ..
Deleteමෙන්ඩටත් උත්තරේ නොදී ඔන්න මං උඹ ලඟටම ආවා. අම්මප කාටද බං මං අකුරු හැටකට වඩා එස් එම් එස් ගහන්න ගියේ? මට මතක නෑනෙ බොලේ.
හරි හරි, එකත් එකටම උඹ උඹේ කවිකාරිට කවි පංතියක් ලියන්න ඇති sms වලින්. හැක්. :D :D
Deleteනැහැයි කියපන් පුළුවන්නම්.!
අම්මපල්ල මචං, ඔය එස් එම් එස් මං ගැහුවෙ අපේ බොසාට.
Deleteඒයි ප්‍රියා මේ බලපන මු කෙලින කෙබර..යකෝ කෙල්ලට යැව්වනම් කමක් නෑ
Deleteමෙන්ඩා මූ බොසා කියන්නේ ඇත්තටම කවි කාරිටද බන් .....
Deleteආ..මේ බත් කන ගෙදර නංගි..
Deleteඋඔලත් එක්ක කතා කරන්නත් බයයි බං සිංදු ඇනෝ අම්මේ දාලා තියන කඩ්ඩ...අයියේ තවම බ්‍රැන්ඩ් එක ගල් නේද? බ්‍රැන්ඩ් එක මාරැ කරෝත් මම හොයාගෙන ඇවිත් උඔට පෙන්න පෙන්න තනියම ගල් බෝතලයක් ගහනවා.
අපේ සිංදු ඇනෝ...
Deleteකවිකාරිත් වෙලාවකට බොසාට හපන් බං.
අඩෝ මෙන්ඩියෝ..
Deleteපැත්ත ගියත් ඇත්ත කියන්නෙ හරී.. හරියට හිරු වගේ.
ඒයි මේ කවුද බන් බත් කන ගෙදර නංගී? දැනට කන බත් පිඟානෙටත් කෙලින්න යන්නෙ උඹ!
ඒත් එක්කම, කෝ මේ අපේ ස්කාගාරේ හැබෑවටම? මිස්ටර් නිවුස්පේපර්!
බොසා නෙමේ යකූ බොසී.!! බොසාලගෙ කණෙන් රිංගන්න පුළුවන් සුටුස් ගාත්දි. ඒත් ඔය බොසීලගෙන් බේරෙනවා බොරු!!
Deleteබලපන්කො ඉස්සරහට. හැක්!
නැත්ද මචංලා???? :D
හෙහ්! හෙහ්!! පරිණත වැඩිහිටියො නොවැ කියන්නෙ. ඒ කාලෙට කියන්නම්කො!!
Deleteමෙන්ඩෝ පිස්සුද මචෝ ...ලොවෙත් බ්‍රෑන්ඩ් එක නම් ගල්ම තමයි..
Deleteමනෝ ඇත්ත කියපන් ෆෝන් එක කැඩුනා කියලා උඹ කවිකාරිට කිව්වේ නැ නේද ?...
බත් කන ගෙදර නංගි මොනාද කිව්වේ ..
හත් ඉලව්වයි
Deleteබොසාට එස් එම් එස් ගහන්නෙ අකුරු හැටේ ඒවද ??
මට විකාරයි වාගෙ !!!!!
@සිංදුවා,
Deleteකවි කාරිට කිව්ව බොලවු. ඒත් බත් කන ගෙදර නංගිටනම් කිව්වෙ නෑ.
@පත්තරයා,
Deleteඇයි උඹ හිතුවද මාත් උඹ වගේ.....
නෑ එක්කො ඕන්නෑ..හෙක්! හෙක්!! හෙක්!!!
උණ නෑ...
ReplyDeleteඅප්පා ලොකු දෙයක්.
Deleteහැක්!! මදෑ ඔහෙන් ගියා.
ReplyDeleteකොහොම හරි වැඩේ ගොඩ දා ගත්තු එක ඇති.
ඕ මචෝ.. ඒකනම් ලොකු දෙයක්. මතකනේ ඒ දවස් ටිකේ මං හිටපු හැටි.
Deleteඅනිවා. //මට තියෙන්නෙ පුදුම නොඉවසිල්ලක්. හරියටම කිව්වොත් පුදුම කුලප්පුවක්! // මේ ටික කියවත්දි මට මතක් උනත් එක්ක. :D
Deleteඕක මගේ දුර්වලම ලක්ෂණයක් බං.
Deleteමටත් ඔය කුලප්පුව තිබිලා බැන්දාම හරිගියා !!!!!!!!!!!
Deleteඒ මටත් එහෙනම් ඉක්මනට බඳින්න කවුරුහරි සෙට් කරහංකො!
Deleteපත්තරයෝ මෙන්න මුට අපේ වනිතා ඇන්ටි සෙට් කරහන්කෝ ....පව්නේ බන්
Deleteමෙන්ඩා උඹලා යාලුවෝ නේද ? පොඩ්ඩක් සපෝට් එකක් දියන් ..
මේං මං ගියා..
Deleteමිගමුවේ බබක්කත් තාම කෙල්ල
Deleteබොට මං සෙට් කරල දෙන්නම් මහියංගනේ සුකුමාලා!
Deleteඑල කොල්ලෙක්නේ
ReplyDeleteඔව් අටම් අයියේ, මිනිහනම් වැඩ්ඩෙක්ම තමයි.
Deleteහා හා මේ ඉන්නේ අනිත් මකබාස් !!!!!
Deleteඑහෙම තමයි බොලවු, අපි රට දිනන වින්නාන්නයෝ. අත්හදාබැලීම් තුලින් ඉදිරියට.
Deleteමට නං තාම රූට් කරන උණ තියෙනව... හැබැයි මනෝ මට මේම එකක් තියේ එක පාරක් කෙලවුනා කියල නෑ හැමදාම කරන්නෙ මං එකම තමා...
ReplyDeleteකඩෙං ඇහුවහගෙ තඩිය රූට් කරගන්න 700 ඕන කීව බම්බු ගහපං කියල ගෙදර ඇවිත් එකක් හොයන් රූට් කලා ඒකත් සුප යූසර් නෙවී.. මේ මළ ජරාව සුප යූස රූට් කරන්න ඕන සොට්ටෙයා කෑලි හොයාගන්න අමාරුයි බං... දැං රූට් අන්රූට් කරල බකං නිලං ඉන්නව සෙද්ද
මං මේ රහසින් කියන්නෙ උඹට. ඔය ලෙඩේ මටත් තියෙනවා බං. ඒත් මචෝ ඔය ලස්සන කරගන්නයි අරකටයි මේකටයිනම් රූට් කරන්න හදන්නෙපා. තේරුමක් නෑ බං.
Deleteඉතින් මගේ ෆෝන් එක හදන්න කතා කරපු තැනක එකෙක් මගෙන් 4000ක් ඉල්ලුවා බං.
ඒක නෙවෙයි, උඹ අර මං කිව්ව ඇප් එකෙන් ට්‍රයි කලේ නැත්ද?
රූට් කරපු එකක් ගංකො :D
Deleteඕනැ ඇප්ලිකේෂන් එකක් හූ කියාගෙන වැඩ
ගානත් සාධාරණයි.. :D
සුපිරියට රූට් වෙන කොරියන් ඇප් එකක ලින්ක් එක කිව්ව මං ඕකට. දැන් නම් මට මතක නෑ.
Deleteආණ්ඩුව තියෙද්දී ඇත ප්ච්චගෙන තියෙන්න අසාවෙන්ම ගින්දරට පනින්න ඕනා නිසා වෙන්නැති. මොක උනත් නොපසුබස්නා උත්සාහය නම් අගය කොරමි. ජය වේවා.
ReplyDeleteවැඩේ මේකනේ, ඔය අඬුව හරි ගනන්, ගනන් කිව්වෙ හැම අතින්ම ගනන්. පුදුම රෙස්පට් එකක්. ඉතින් පිච්චුඅත් මගේ අත හොඳා.
Deleteලිපිය නම් එක හුස්මට කියෙව්වා මනෝෂ්...ඒ තරම්ම ලිවිල්ල නියමයි...ඒත් මටනම් (අසංක ) තාක්ෂණික දේවල් ඒ තරම් දිරවන්නේ නෑ...ඒව ඉගෙන ගන්න කැමැත්තක් ඇතිවෙන්නෙත් නෑනෙ බං...අනේ මන්දා... දැනට ළඟ තියෙන්නෙත් පුංචිම පුංචි ෆෝන් කට්ටක් විතරයි...ඒකට මගේ සහෝදරයා...මං වගේ මෙලෝ රහක් නැති එකෙකුගේ සම්පූර්ණ විරුද්ධ ඩයල් එකක් හිතාගනිංකො...ඒ හින්ද මම මේක මතක තියාගන්නම් ඌටවත් දෙන්න...ආයෙත් කියන්නෙ...සුපිරි ලිවිල්ල....
ReplyDeleteමමනම් ටිකක් ඔය තාක්ශණික පැත්තට මනාපයි. විශේශයෙන්ම software ingineering පැත්තට එහෙම. මලයට වටී එහෙනම් මේක. විස්තර ටික දෙන්න අසංක.
Deleteඒ වගේම කවදත් වගේ මගේ නිර්මාණ අගය කරල මාව දිරිමත් කරනවට අසංකටත් ගොඩක්ම ස්තූතියි..
//මමනම් ටිකක් ඔය තාක්ශණික පැත්තට මනාපයි.// මටත් ඔය මඟුල් නම් ග්‍රීක් වගේ!!! :)
Deleteමාත් දන්න මඟුලක් නෑ, ඒත් ඉගෙන ගන්න ආසයි බං.
Deleteමගේත් තිනේනේ හලෝ කියලා අකුරැ දෙක තුනක් කොටා ගන්න් පුලුවන් ෆෝන් කට්ටක්
Deleteමොකක් තිබුනත් කොහොමත් ඒ ජාතියේ එකක් ළඟ තියාගන්නම වෙනවා. මාත් එහෙමයි.
Deleteයකෝ මේක තමයි මෙච්චර කාලෙකට උඹ ලියපු පට්ටම සංවේදනාව , හොඳ වෙලාවට උඹ පත්තරයට කතා කලේ නැත්තේ , ඕක කැඩිච්ච වෙලාවේ , එහෙනම් ඕකා කියනවා , මචන් ඕක ඉතාලියට එවපන් මං හදලා දෙන්නම් කියලා . ඕ....යේස් .
ReplyDeleteවැඩක් නෑ බං, දුකේදි අහලකවත් හිටියෙ නෑ ඕකා. අහුවෙත්දැන්කො.
Deleteමෙක සංවේදනාව නෙවෙයි, මගේ වේදනාව!!!
කෝ බං මේ පත්තරේ??
Deleteපහුගිය ටිකේම මේක මොකක් හරි මඟුලක් කරනව බං. පට්ට බිසී වෙලානේ.
Deleteහුරේ … බඩු ආවා !!!
Deleteමං සුදු වෙලා නේද බොලව් :D ලාආආආස්සනත් වෙලා .
උඹ රතු වෙලා!!!!!
Deleteහදාගත්තනෙ කොහොමහරි.. අර විස්තර ටිකටනං තෑන්ක්ස් මචං...
ReplyDeleteහදාගත්තෙකනම් ලොකු දෙයක් තමයි බං. ඒ උනාට අරකත් ඕඩර් කරපු එක හොඳයි.
Deleteවිස්තරේනම් ගොඩක් උන්ට ප්‍රයෝජනවත් වෙයි තමයි.
Thanks !!!!bro Manosh.....great work...★★★★★
ReplyDeleteCheers!!!!!!
ASANGA
It's ok my dear. You were very helpful for me. This is a little effort to thank you.
DeleteCheers!!!
Mr.Asanga Your Wonderful fellow..
DeleteCheers!!
All of us totally agree with Menda..
Deleteමට යන්තමින් ඔය උණ හැදිගෙන එන ගමන් තිබුණේ දැන් එපා හැක් ...
ReplyDeleteඅවුලක් නෑ බං, ගනින්, ගනින්.
Deleteදුක හිතුනම සනසවන්න
ReplyDeleteහිත රිදුනම හදා දෙන්න
ලගින් උන්නු ආදරී …
හුකෑස් :D :D ඕං මං ගානෙ උඹට ෂිංදුවක්
සහතික ඇත්ත බොල. තැන්කූ උඹට.
Deleteමචං මනොෂ්..
ReplyDeleteදන්නවද ??? මගේ පොන් එකත් මැරිලා කියල මාත් හිතාගෙන හිටියා... දවසක් පෝන් එක සාක්කුවේ දාගෙනම ගඟේ පැන්නා, සබන් ගාන්න ගොඩට එන වෙලාවෙ තමයි මතක් උනේ පෝන් එක සාක්කුවේ කියලා. මං හිතුවා අනිවා පෝන් එක මැරිලා කියලා.. හැබැබි කෑලි ටික ගලවලා රත් වෙච්ච ගලක් උඩ පැය දෙකක් විතර අව්වේ තියල අරගෙන බලනකොට මෙන්න බොලේ මූ වැඩ..
හරි තව දවසක් ගෙදර මනුස්සයත් එක්ක වලියක් දාගත්ත වෙලාවේ අසූ හාරදාහට කෙන්ති ගිහිං ඒ මනුස්සයට ගන්න බැරි නිසා කේන්තිය පිටකරගන්න අත දිගඇරලා. පෝන් එක ගැහුවා පොලවේ කෑලි සී සී කඩ.. කේන්තිය නිවුනම මට හිතුනා අපරාදේ ඌ මැරිලද කියලා, හැබැයි කෑලිී ටික එකතුකරල බැළුවම හීං කෙඳිරියක් වත් නැතිව.. පොන් එක වැඩ.. මං මොනව කලත් ඒක තාම ජීවත් වෙනවා.. මං උඹට කෝල් කොරන්නෙත් ඒකෙන්ම තමයි...
හරි මගේ දුප්පත් කබරාවෙන් අල්ලපු මගේ 2005 ගත්ත.. ආදරණියම සගයගේ පොටෝ එකක් තියනවා.. හැබැයි ඒක අප්ලෝඩ් කරල උඹලට පෙන්නන තරං මෘදුකාංග පිළිබඳ දැනීමක් මට නෑ බොලව්....
(මොනව උනත් ඹය අටමගෙලේ වැඩ නං එච්චරයි)
බු දු ස ර ණ යි !!!!
සහතික ඇත්ත විදානයෝ. කතාවටත් කියන්නෙ 1100 එකකින් එහ්ම හදිසියකට ගහකට ගහල අඹ ගෙඩියක් උනත් කඩාගන්න පුලුවන් කියල නොවැ.
Deleteඇත්තටම ඕනි ෆෝන් එකක් වතුරට වැටුනොත් කරන්න තියෙන හොඳම දේ තමා ගලවන්න පුලුවන් පුංචිම කෑල්ලට එනකල් ගලවල හොඳට වේලන එක. කවදාවත් වතුර ගිය ගමන් ඔන් කරන්න යන්න හොඳ නෑ. ඉක්මනට බැටරිය ගලවන එක තමා හොඳම දේ. ඊටපස්සෙ හොට් ගන් එකකින් රත් කලාම ආයෙත් තිබ්බ වගේ තමා.
මොන ඩ්‍රොයිඩ් ළඟතිබ්බත් ඕනි එකෙක් ළඟ ඔය ජාතියෙ බඩුවක් තියෙනවා බං. මොනා ආවත් ඕවට ගහන්න ෆෝන් නෑ.
හොදයි මෙහෙම ලිපියක් පල කල එක.....කාටත් ප්‍රයෝජනවත් වෙයි......
ReplyDeleteමම නම් පණ්ඩිත වැඩ කරන්න යන්නෙ නැහැ......
හැම දේකටම මගෙ පුත්‍ර රත්රණය ගෙ උපදෙස් තමයි...... 12+ වුනාට වැඩ්ඩ .....
දැන් ඉන්න පොඩ්ඩො කොහොමත් වැඩ්ඩො. උන් එක්ක හැරෙන්නවත් බෑ අපිට. කොහොමත් ඉඳල හිටල ඔය වගේ පණ්ඩිත වැඩක් කරන එකෙත් මාර ආතල් එකක් තියෙනවා අප්පා.
Deleteඅසංක හිටියේ නැත්නම් ආතල් එක කන් දෙකෙන් බේරෙනවා..
Deleteඋඹේ කතාව තාමත් ඇහෙනවා!!
Deleteමමත් මේ එකක් ආතල් එකට රූට් කරන්න හිතාගෙන ඉන්නවා. ඕනේ එකක් වෙන්න කරලා බලන්න ඕනේ.. :D
ReplyDeleteඅම්මේ එපා!!
Deleteහොඳ මිනිස්සුත් ඉන්නවා බලාගෙන ගියාම. පුරස්නෙ උන් ඉන්න තැන් දන්නැති එක. ඕං දැං එකෙක් දන්නවා.
ReplyDeleteඔව් මචං, අතරින් පතර එහෙම උනුත් ඉන්නවා. ඒත් නරක එවුන් නිසා මේ අය වැහිලා යනවා.
Deleteඉතින් අසංක ගොඩදැම්ම හැටි කිව්වේ නැද්ද..? USB Jig එකකින් නෙමේද..? :)
ReplyDeleteමං ඒ ගැන අහන්න ගියේ නෑ මචං.
Deleteමේ ...කවුරුහරි ඉන්නවද...?
ReplyDeleteඅර ෆෝන් එකකට කෙල වෙච්ච පොස්ට් එකක් තිබ්බේ කොයි හරියේද කියල කියන්න පුලුවන්ද?
මම මේ වැරදිලා ඇවිල්ල තියෙන්නේ සින්දු පන්තියකට ද කොහෙද....
සින්දු වැහි වහල බන්...
Deleteමේ සින්දු අනෝව නම් බ්ලොග් ලෝකෙට මාර වටිනා බුවෙක්..අම්මපා...
ඕකනේ කියන්නෙ අපායට උනත් ටිකක් කලින් එන්නෙපෑය... හා..හා.. කෝ අතෙන් අල්ලගනින්, අතන මෙතන නතර වෙන්නෙ එහෙම නැතිව දැන් මගේ පස්සෙන්ම වරෙන් හෙමිහිට උඩහට.
Deleteසින්දු ඇනෝ ගී උල්පතක් මචං.
ප්‍රවේසමෙන් බන්..මාව මේ සින්දු වල පැටලිලා වැටෙයි..
Deleteහෝ..හෝ... මේ පැත්තෙන් මේ පැත්තෙන්.. අත අතෑරෙයි යකෝ. හයියෙන් අල්ලගනින්. ඔය ඔය ඉතින්, ආයෙ වටපිට බලනවා.
Deleteආපසු යන්නට පාර කියනවද
Deleteදැන් සමුගන්න ළඟයි
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පිං මදිද සිතෙයි...
ගායනය :- චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
පද :- හෙසලා ගුණතිලක
සංගීතය - ස්ටැන්ලි ප්‍රනාන්දු
දුරකතන දෝශ සමනය කර ගන්න හොද පාත් එකක්. නමුත්, ලෙඩ දා ගන්නේ නැතිව ඉන්න එක තමා වඩා හොද. පරිගණක අළුත් වැඩියාවට භෘර දීමෙන් සමහර අයගේ පෞද්ගලිකත්වයට ද හානි වූ අවස්ථා ගැන අසා ඇතිනේ.
ReplyDeleteමුලින්ම ඔබව ඉතාම සාදරයෙන්, ගෞරවයෙන් පිළිගන්නවා. ඒ දේවල් නම් අනන්තවත් අහල තියෙනවා. ඒ ගැන කල්පනා වෙච්ච නිසාම දුරකතනයට ඒ යාවත්කාලීන කිරීම කරන්න කලින්ම මගේ තිබුන සියලුම පුද්ගලික දේවල් ඉවත් කරගත්තා. ඔය කියන වෝල්පේපර් ෆොටෝ එක විතරයි ඉතිරි වුනේ.ඒත් ඒක කොතනකවත් සේව් වෙලා තිබුනෙ නෑ. ඇත්තටම හැමෝටම වටින සිහිගැන්වීමක් ඔබ කලේ.
Deleteස්තූතියි..
හ්ම්................. අමුතු ලියැවිල්ලක්................ කොහොම වුණත් හොදයි.
ReplyDeleteකාටහරි ප්‍රයෝජනයක් වෙයි කියල ලිව්වෙ ගී පවුරෙ. හොඳයිනම් එච්චරයි.
Deleteඅම්මෝ පුදුම අකරතැබ්බයක් තමයි වෙලා තියෙන්නේ. බ්‍රික් වුණොත් නම් ඉවරයි තමයි. මමත් මේ වෙන කොට මගේ ෆෝන් එකට රොම් 15ක් විතර චාලා ඇති. හැම වෙලාවෙම එහෙම වැඩක් පටන් ගන්නේ බ්‍රික් වෙයිද කියන සැකය එක්ක. තවම වුණේ නැහැ. කොහොම වුණත් මේ සදහන් කළ කෙනා ගැන දැනගෙන ඉන්න එක හොදයි. සමහර විට මටත් එයාගේ උදව් ඉල්ල ගන්න වුණොත් එහෙම නේද ඈ?
ReplyDeleteඒකනම් හොඳම අකරතැබ්බයක් නිරංජන්. මං පුදුම අමාරුවක වැටුනේ. ඒ නිසාමයි මං මේ වැටිච්ච අමාරුව ගැන ලිව්වේ, මොකද මේ විදියට වෙන කෙනෙක්ට ඒක ප්‍රයෝජනයක් නිසා..
Deleteඅදහසක් එකතුකලාට ඔබට එහෙවින්ම ස්තූතියි..
සඳුමල් >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
සඳුමල් >>>>> Download LINK
>>>>> Download Now
සඳුමල් >>>>> Download Full
>>>>> Download LINK