•වසර මිලියන දෙක හමාරක් පුරා අප සොයා ආ ඔබ...
ඔබට පෙනෙන නොපෙනෙනා
ඒ කුඩා සුදුමැලි තිත...
වසර මිලියන් 2.5ක කාලයක් ගෙවා
බොහෝ දුර බැහැර සිට ආ අමුත්තා..
ඒ කුඩා ආලෝක පුංජය..
එදා එහෙන් නික්මෙන විට..
අපි වානර යුගයේ..
හෝමෝ හැබිලිස් ලෙස..
ගල් ආයුධ පාවිච්චි කරනවා..
ඒ ආලෝක පුංජය
එහේ ඉඳල මෙහේ පැමිණෙන අතරතුර..
අපි හෝමෝ සේපියන් වෙලා..
එයාව පිළිගන්න..
Redmi Note 14 5G කියලා
උපකරණයක් පාවිච්චි කරනවා..
දුර සිට පැමිණි...
ඇන්ඩ්රෝමීඩාවෙනි..
එහේ අද කොහොම ඇතිද...