Pages

Sunday, December 16, 2018

•මීෂා

"මිනිසෙකි නුඹත් නොමිනිසුන් අතර ඉපදුන..."





මීෂා.......

මාවත කොනක ගුලිවී අසරණව
පෙර දිනෙක නුඹ පැමිණ මගෙ දෝතට
සත් වසක් ගෙවුනු තැන අද දිනට
මිනිසුන් වී ඉපිද නොමිනිසුන් වී මියෙන සමයක
නොමිනිසෙකු වී ඉපිද මිනිසෙකු විලස මිය ගිය
දයාබර ලබැඳියේ...
මතු දිනක උඹ ඉපදෙනව සත්තයි
මිනිසෙකුම වී අප අතර...

සුබ ගමන් "මීෂා"...

2 comments:

  1. හුරතල්ලු ඇති කළාම ඕක තමයි දරන්නම බැරි වැඩේ. දුකයි.

    ReplyDelete