Pages

Sandumal

Sandumal

Monday, February 24, 2014

•සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ

"සිහිල් සුළඟක දැවටුණ ආදරය..."


ආදරය ස්පර්ශ කළ නොහැකිය. එය කොහේ හෝ තිබේ. කායික ස්පර්ශයෙන් තොරව මනෝ ලෝකයේ සැරිසරන ආදරය පිවිතුරු . සුන්දරය විචිත් . හමන සුළඟක, දිය ඇල්ලක, ගලන ගඟක, මිටියාවතක, පිවිතුරු ආදරය රැඳෙයි. එය සුළඟක් වගෙයි. නොපෙනෙයි. එහෙත් දැනෙයි

එන්න, අපි සුන්දර කඳුකරයේ කඳු මුදුනකට ඇවිද යමු. අපි පුංචි ගලක් උඩ වාඩි වෙමු. මෙන්න සීතල සුළං රැල්ලක්, හඳුනනා හෝ නාඳුනනා කෙනකුගේ සුපුරුදු හෝ නුපුරුදු සුවඳක් සුළං රැල්ලේ දැවටී තිබේ. හදවත කිතිකවා සලිත කිරීමේ ජීව ගුණය සුළං රැල්ලේ රැඳී තිබේ. එන්න සුවඳ ස්පර්ශ කරන්න. තමයි ආදරය. එය දැනෙන්නට හරින්න. අතින් අල්ලන්න එපා.

"සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ..."


මා මේ ගීතය ශ්රවණය කළේ මගේ පාසල් සමයේ. ආදරය පිළිබඳ අත්දැකීම් නොතිබුණත් රත්නපුරයේ කුඩා කඳුගැටයක් මතට වී මා මිතුරන් පිරිසක් සමඟ මේ ගීතය ගායනා කළ බව මට මතකයි. එදා හමා සීතල සුළං රැල්ලක නුපුරුදු සුවඳක් තිබුණ බව මට තාමත් සිහි කළ හැකියි. නොතිබුණු ආදරයක් මේ ගීයත් සමඟ එදා හොඳට දැනුණා. අතීතය තාමත් මතක තරම්ම සුන්දර නිසයි. මේ ගී පද අමතක නොවෙන්නෙ නිසයි.


"සුදු වැලි කතරේ
පිපුණු මල වගේ
ලොව්තුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව් ලොවක් වේ"



ආදරය වූ කලී වැලි කතරට සෞම් පුෂ්පයක් මැයි. දිවිකතරට එය මල් වරුසාවක් මැයි. ජීවිතයේ දාහය නිවාගෙන දෙපා දොවා ගලායන ගංගාවක් මැයි. මරු කතර දෙව් ලොවක් කරන සුන්දර කවියක් මැයි. මට ධර්මසිරි ගමගේ ශූරීන් ගේ පද පෙළක් සිහි වෙයි.


"හද විල කලඹන පෙම් ජල රේඛා
විල මැද සීතල සඳ රේඛා
දෑසෙහි තවරා ආදර රේඛා
ඔබ රුව සීනෙන් හඳ ඇඳි රේඛා"
(ගායනය - නන්දා මාලිනි)

(Hada Vila Kalambana - Nanda Malini)


ආදරය රොමැන්ටික් ? ඇත්තෙන් ඔව්. යථාර්ථය කටුකයි. එක වහලක් යට දරුමල්ලන් හදාගෙන, තුන්වේල පිරිමසා ගෙන ජීවත්වෙනකොට ජීවිතයේ යථාර්ථයට මුහුණ දෙනවා තමයි. එතකොට දෙදෙනෙක් අතර ඇතිවෙන්නෙ බැඳීමක්. එවැනි හැල හැප්පීම් තුළ රොමැන්ටික් හැඟීම්වලට ඉඩක් නෑ. නමුත් රොමැන්ටික් හැඟීම තරම් සුන්දර දෙයක් ලෝකෙ තවත් නෑ. මොකද කියන්නෙ?


"සීත හිමව්වේ
කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා
ඈත හිමේ කඳු අතරේ පාවෙන
අමා සුවය පැතුවේ..."


නැවත අපි කඳු මුදුනකට ගොඩ වදිමු. ඈත කන්දකින් පහළට රූරා හැලෙන් පුංචි දිය ඇල්ලක් ඔබට පෙනෙනවා ඇති.

අන්න දිය ඇල්ල මීදුමෙන් වැහෙනවා. මීදුම තුනී වෙනකන් ඉම්මු. මේ වගේ තැනකට වෙලා ජීවිතයේ මතක කවුළු විවර කරන කොට දුක සතුට මුසු සීතලක් දැනෙනවා. සීතලට ඇඟේ හිරිගඩු පිපෙනවා. ආදරය කියන්නෙ අන්න වගේ හැඟීමකට නේද?


"වරලස අක් බමරුන් රැඳි රේඛා
දෑසෙහි නිලුපුල් මල් පෙති රේඛා
දෙතොලෙහි ආදර හසරැලි රේඛා
ඔබ රුව සීනෙන් හද ඇඳි රේඛා"
(නන්දා මාලිනි)



ජීවිතය ප්රශ්න පත්රයක් තමයි. බහුවරණ, රචනා, ව්යුහගත ප්රශ්න ජීවිතය තුළ තියෙනවා. නමුත් සුන්දරත්වය අත්විඳින්න මේ කිසිවක් බාධා නොවෙයි. ඉතින් මගේ මතකය වසර තිහක් ඈතට දිව යනවා. මං මේ ගැන නිතරම කියනවා. අවුරුදු දාසයේදී මං ගෑනු ළමයකුට ලියුමක් දුන්නා. ගෑනු ළමයා ඒක ඉරල විසි කළා.

"
"මගේ කවිය ඉරා දැමු කුමරියේ
බිම නොදමා කියවනවානම්

සඳ ළඟ තරු දෙකක් වගෙයි ඔය ඇස් දෙක
මගේ දිහාවට හැරිලාවත් නොබලන
සුළඟ දිගේ පාවී යයි නිල් වරලස
වැදීමෙන් වත් මගෙ සියොලඟ නොහැපෙන

ළා දලු චාමර සලනා ඔය අත් දෙක
පෙරුම් පුරාගෙන හිටියත් මට නොලැබෙන
සංසාරේ කවදා හෝ යම් දවසක
එක මොහොතක් උදාවේ නුඹ හිමිවන"


මම උස උස කඳු මුදුනක වාඩිවී සිටිමි. ඈත කන්දකින් කඩා වැටෙන දිය ඇල්ලක් මට පෙනෙයි. වයස අවුරුදු දාසයේ දී මගේ කවිය ඉරා දැමු ඇය මට සිහි වෙයි.








(Sihil Sulan Relle - Victor Rathnayaka)











උපුටා ගැනුම : සිඵමිණ පුවත්පතෙහි පුන්කලස අතිරේකය සඳහා ධම්මික බණ්ඩාර මහතා විසින් ලියන ලද ලිපියකිනි.




"කියවල ඉවර වෙලා අදහසක් එකතු කරල යන්න පුලුවන් නම් ඒක මට ලොකු ශක්තියක්..."


















Thursday, February 20, 2014

•දම්පැහැ වීදුරු පුංචි වළල්ලක් මා ළඟ තවම තියේ

"ඔබට මතක නැති මට අමතක නැති පුංචි වළල්ලක් මා ළඟ තවම තියේ...."


මට මගේ ආර්ථික විද්යා ගුරුවරයා එක්වර සිහිවෙයි. යම්කිසි භාණ්ඩයකට ඍජු මෙන් වක් වටිනාකම් ඇතැයි කියා දුන්නේ එතුමන් . අලුත් සිතාරයකට වඩා රවිශංකර් පාවිච්චි කළ පරණ සිතාරයක මිල වැඩිවන්නට පුළුවන. එම වක්ර වටිනාකම්වල ස්වභාවයයි. ආර්ථික විද්යාවෙන් බැහැරව වුව සංකල්පනාවේ යථාර්ථයක් පවතී.

කෙනකු යම් නගරයකට වැඩියෙන් කැමතිය. තවකකු යම් පාරකට වැඩියෙන් කැමතිය. එසේම ඇතැම් ගහකොළ, ස්ථාන වලට අප වැඩියෙන් ළෙන්ගතු වන්නේ අචේතනික වස්තූන් අපේ ජීවිත වලට වැඩිවැඩියෙන් බද්ධවන තරමටයි. අජන්තා රණසිංහයන්ගේ නිර්මාණයක් අපි නිදසුන් කර ගනිමු.


"මේ මැයි ගහ යට දවසක් දා
වැස්සට අපි උන්නා"
(අජන්තා රණසිංහ)

(Me Mei Gaha Yata - Milton Mallawaarachchi)


මැයි ගස වඩාත් සුවිශේෂ වන්නේ, ඔහුගේ ජීවිතයේ දුක්බර කතාන්දරයක් මැයිගස සමඟ බැඳී ඇති බැවිනි. සරච්චන්ද්රයන්ගේ මළගිය ඇත්තෝ නවකතාවේදී දෙවෙන්දොරා සං වරෙක පවසන්නේ තෝකියෝ නගරය පුරාම අමුතු සුවඳක් ඔහු අත්විඳින බවයි. වරෙක ප්රේමකීර්ති මෙසේ ලියුවා ඔබට මතක ඇති.


"මේ නගරය මා ඔබ
මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ
වෙන් කෙරුණු නගරයයි"
(ප්රේමකීර්ති අල්විස්)

(Me Nagaraya - Mervin Perera)



කුඩා ලේන්සුවක් වෙළඳසලකදී අලෙවි වන්නේ සුළු මුදලකටයි. එහෙත් මිල කළ නොහැකි කුඩා ලේන්සුවක් කෙනෙක් සුරැකිව තබා ගනී. එය අයිති තැනැත්තා හෝ තැනැත්තියට ඇති ළෙන්ගතුකමේ ප්රමාණය අනුව එහි වටිනාකම් වැඩිවෙයි.

කෙනකුට මෙය බොළඳ මානසික තත්ත්වයක් යැයි තර්ක කළ හැකිය. ප්රේමය රසවත් වන්නේ මේ බොළඳකම නිසාම මිස වෙන කුමක් නිසාද? එක් මහාචාර්යවරයෙක් තමා පිරය කළ තරුණියකගේ කෙස් රොදක් පොතක සඟවාගෙන සිටි ප්රවෘත්තියක් මා අසා තිබේ.

සිද්ධිය මත මහාචාර්යවරයාට අපහාස කළ හැකි ? මේ ගීතයේ හමුවන යුවතිය මුහුණ දෙන්නේ හා සමාන මනෝභාවයන්ටයි.



"දම් පැහැ වීදුරු පුංචි වළල්ලක්
ඔබට මතක නැති මට අමතක නැති
පුංචි වළල්ලක්
මා ළඟ තවම තියේ...."


ඇගේ ජීවිතයේ ඇයට ඇති වටිනාම සිහිවටනයයි. ඇතැම් විට ඇගේ ප්රථම ප්රේමය විය හැකිය. ප්රේමයෙන් පරාජිත වූ ඇය ප්රථම ප්රේමයේ සිහිවටන මැද දිවිගෙවන්නීය. ශෝකය රසයක් බැවින් ඇය පැරණි සොහොන්කොත් හාරමින් දුක අනුභව කරන්නීය. ඇගේ ශෝක රසය උද්දීපනය වන්නේ මේ මතක වස්තුවෙනි.


"පෙරදා ඔබගේ පෙම්පත් සමඟින්
ආදර සුවඳක දූවිලි අතරින්
ඉඳහිට දිලිසෙන පුංචි වළල්ලක්
මා ළඟ තවම තියේ"



පෙරදා ඔහුගේ පෙම්පත් අතර අද ආදර සුවඳ දූවිලි බවට පත්වී තිබේ. එහෙත් පැරණි මතක සටහන් අතර අමතක නොවන පුරාවස්තුවක් සතුව තිබේ. ඉඳහිට දිලිසෙන වීදුරු වළල්ලයි. එහෙත් එය මේ මොහොතේ ඇයට රන්මිණි වළල්ලකට වඩා අගී. එමඟින් මනසේ තවමත් නොනැසී පවතින ආදරය පිළිබඳ ඉඟි සැපයේ.


"ආදර දෑතින් ඔබ මට පැළඳූ
ආදර මා හද යළි යළි රිදවූ
දුක් කඳුළක් බඳු පුංචි වළල්ලක්
මා ළඟ තවම තියේ..."


විරහා වේදනාව විටෙක දරාගන්නට නොහැකි වුවද පසුව එය රසයක් බවට පත්වේ. තමන්ගේ ආදර කතාව හා බැඳුණු පාරක තොටක වුවද ඇවිද යාමට පෙම්වතුන් පෙළඹෙන්නේ එබැවිනි. අතීතයේ සොඳුරු තැන් යළි යළිත් මනසින් ස්පර්ශ කිරීමට කිසියම් ලෝභයක් පවතින බැවිනි. අජන්තා රණසිංහයන් මෙබඳු සියුම් තැන් ස්පර්ශ කිරීමට වැඩි ප්රතිභාවක් දැක්වූ ලේඛකයෙකි.

මේ පද රචනයේ තවත් විශේෂත්වයක් වන්නේ මේ පෙම්වතියගේ සිතේ පවතින අවෛරී බවයි. තමාව අමතක කළ පෙම්වතාට පමණක් නොව ඔහු ඇයට තිළිණ කළ පුංචි වළල්ලටත් ඇය ආදරය කරයි. නිසා මේ නිර්මාණය පුරා පැතිරී ඇත්තේ කරුණ රසයකි.

මෙහි සංගීතය හා ගායනය සැබෑ ලෙසම මෙය ගීතයක් බවට පත්කොට තිබේ.

සරත් දසනායකයන් තම මුද්රාව තැබුවේ සිනමා සංගීතයෙන් වුවද ඔහු සරල ගී රාශියකට තනු සැපයූ සංගීතඥයෙකි. නාට් ශිල්පිණියක් වූ චන්ද්රාණී ගායන කුසලතාව උපරිමයෙන් දායාද කරගත්තියකි. එනිසා මේ විරහිනිය ගේ විරහව අපූර්ව ගීයක් බවට පත්වේ.

අල්මාරියක හෝ පුංචි ලාච්චුවක සුරැකිව තිබෙන දම්පැහැ වීදුරු පුංචි වළල්ල ඇය වරින්වර අතට ගෙන බලයි. පුංචි වළල්ල මත පුංචි කඳුළු බිංදුවක් වැටී එය දම්පාටින් දිලිසෙයි.



"දම් පැහැ වීදුරු පුංචි වළල්ලක්
ඔබට මතක නැති මට අමතක නැති
පුංචි වළල්ලක්
මා ළඟ තවම තියේ....


පෙරදා ඔබගේ පෙම්පත් සමඟින්
ආදර සුවඳක දූවිලි අතරින්
ඉඳහිට දිලිසෙන පුංචි වළල්ලක්
මා ළඟ තවම තියේ



"ආදර දෑතින් ඔබ මට පැළඳූ
ආදර මා හද යළි යළි රිදවූ
දුක් කඳුළක් බඳු පුංචි වළල්ලක්
මා ළඟ තවම තියේ..."



(Dam Pahe Veeduru - චන්ද්රානි ගුණවර්ධන)









උපුටා ගැනුම : සිඵමිණ පුවත්පතෙහි පුන්කලස අතිරේකය සඳහා ධම්මික බණ්ඩාර මහතා



"කියවල ඉවර වෙලා අදහසක් එකතු කරලම යන්න.. "